------නිර්නාමික--------

5 කොටස

ආ.මොකෝ මේ පැත්තේ?" මම කිසි වෙනසක් නැති ගානට කිව්වා.
"නිකං බං."
"වෙන්න බෑ.නිකං ආතල් එකට වගේ උඹට මාව හම්බෙන්න ඕන නම් උඹට ගෙදරට එන්න තිබ්බනේ."
"මං උඹලැයි ගෙදර ගිහින් තමයි ආවේ"
"අන්න ඒකනේ බන්.නිකං නම් උඹ මං ගෙදර නැත්නම් හොයන් එන්නෙ නෑනේ.මොකෝ කියපන්.කෙල්ලෙක් ලියුමක්වත් දුන්නද?" විහිළුවක් කරන්න හිතන් මං ඇහුවා.
"ඒකනේ.උඹලා දෙන්න කතා වෙලා වගේ" අමුතුම විදිහකට මිනිහා කිව්වා.
"මොකක්?"අගක් මුලක් නොතේරුණු මට එක පාරටම කියවුණා.
"අහ්.උඹ දන්නේ නැද්ද එතකොට?" මිනිහත් පුදුම වෙලා ඇහුවා.
"අරකි උඹට දෙන්න කියලා මොකද්ද කඩදහියක් දුන්නා.මයෙ හිතේ ලියුමක් කියලා.ඒකයි ඒම හිතුවේ"
"මොකීද?"
"අර මාමණ්ඩියගේ දූ පොඩ්ඩ"
"ඈ යකෝ.තොගේ මාමණ්ඩිගේ දූ පොඩ්ඩ නම් අහවල් දේකටද මට ලියුම් දෙන්නේ?උඹට එපැයි දෙන්න"
කිව්වේ මොකද්ද කියලා තේරුණත් මං නොදන්න ගානට ඇහුවා.
"නෑ බොල ගස් නරියෝ.මාමගේ දූ."
"උඹලගෙද?"
"නැත්නම් උඹලගෙද?"
"කියන්න බෑනේ.අපෙ මාමගේ දූ උඹට ලියුමක් දුන්නද කියලා."
"අනේ මේ ගස් නරියෝ.මේං මේක අර ගනිං.අප්පච්චී ඉක්මනට එන්නෙයි කීවා." මිනිහට වැඩේ එපා වෙලා වගේ.
මාත් ඉතින් ලියුම ගත්තා.
"ඕකේ ඇති දෙයක් නෑ බන්.උඹත් තව කළුව වැටෙනකන් නොඉද ගෙදරට තොලොංචි වෙයං" මිනිහා එහෙම කියලා ආපු දිහාවටම යන්න ගියා.

ඒත් එක්කම තමයි මටත් තේරුණේ කොච්චර කළුවර වෙලාද කියලා.ලියුම් කෑල්ල කියවන්නවත් නොනැවතුණු මම ටිකක් වේගෙන් ගෙදර දිහාවට ඇවිදං ගියා.
"අයියේ,ආං පල්ලෙහා ගෙදර අය්යා ඇවිල්ල අයියව හෙව්වා" මං ගෙට ගොඩ වෙද්දින්ම නංගි කිව්වා.
"හ්ම්.වෙල ගාවදි හම්බුණා." මං එහෙම කියලා කාමරේට රිංග ගත්තා.
"මොනවද දරුවෝ මෙච්චර වෙලා කළේ.දවාලට කන්න ආවෙත් නෑ.අර ළමයා නිකාං මහන්සි වුණා." ඊළගට අම්මා කාමරේ ළගට ඇවිත් කියන්න ගත්තා.
"මොන ළමයද අම්මේ?"
"ඇයි බත් එක අරන් ආවේ"
"අහ්"
"අහ් නෙවෙයි.අනිත් දවසේ මොන ලෝකේ ගියත් දවල්ට කන්න ගෙදර එන්න.අර ළමයව යවන්න බැහැනේ හැම්දාම."
"ඉතින් අම්මේ ඇයි එයාව එව්වේ.මම ගෙදර එන ගමන් නේ හිටියේ"
"ඒක තමයි කිව්වේ වෙලාවට එන්න කියලා." අම්මා එහෙම කියලා කාමරෙන් ගියා.

ඒ එක්කම මම අර ලියුම් කෑල්ල එළියට ගත්තා."මේකි මොනවා ලියලා ඇද්ද?පිස්සු හැදීගෙනවත් එනවද මන්දා."එහෙම හිතපු මම ලියුම් කෑල්ල දිගෑරලා බැලුවා.

පළවෙනි වචනේ කියවද්දිම දොරට තට්ටු කළා කවුරු හරි.ලියුම නවලා පොතක් යටින් තියපු මම කාමරේ දොර ඇරියා.
"කමක් නැද්ද අයියේ ආවට?"
"හ්ම්"
මං එහෙම කියනවත් එක්කම නංගි කාමරේ ඇතුළට ඇවිත් ඇද උඩින් වාඩි වුණා.
"ඇයි?" මම නුරුස්සන හඩින් ඇහුවා.
"අයියා අර අක්කව එච්චර කෙයාර් කරන්නේ නෑ නේද?"
"ඉතින්?"
"මං බලන් හිටියේ.අයියට කවද්දි ඔයා එච්චර එයාව ගනන් ගත්තේ නෑ."
"ග්ර්ර්ර්ර්.තමුසේ ඒකත් බලන් හිටියද.මං හිතුවේ ගෙදර යන්න ඇති කියලා"
"හී.මොකක් වුණත් අයියේ ඒ අක්කා අයියා ගැන හුගක් හොයනවනේ...."
"ඒකම තමයි බය"
"ඇයි?"
"නිකං"
"වෙන්න බෑ!"
"පුළුවන්"
"බෑ. ඇත්තම කියන්න අයියේ ඔයා එයාට කැමතියි නේ?"
"මොකක්?"
"මං කාටවත් කියන්නේ නෑ"
"එද්දි ඔළුවට සමාන්තරව කොහේ හරි පොල්ලක් වගේ දෙයක් තිබුණද?"
"ඇයි?"
"පිස්සු හැදිලද?එහෙම එකක් නෑ"
"නැත්තේ මොකෝ"
"නංගි මේ,ඔයාගේ ඔළුව කොහේ හරි වැදුණට මගේ නම් වැදුණේ නෑ."
"ඒ නම් අර යස අගේට කවා ගත්තේ"
"අනේ මේ,ගොං කතා නොකිය යනවද මෙතනින්.ආවා මෙතන කපුකම් කරන්න."
"ළගදිම අපිට මගුලක් කන්න පුළුවන්...." යි උද්‍යෝගයෙන් කියමින් ඈ කාමරයෙන් පිට වූවාය.

"අම්මලත් ඔහොමද දන්නෑ හිතාගෙන ඉන්නෙ" මම මගෙන්ම අහගත්තා.

ඊළගට මම මේස උඩින් තියපු ලියුම් කෑල්ල ගත්තා.ඊළගට තාත්තා ඒවිද දන්නෑ.මම ලියුම කියවන්න ගත්තා.

"අයියේ,මං අයියා ගැන හොයන එක ගැන අයියා වැරදියට හිතන්නේ ඇයි?පුංචි කාලේ සෙල්ලම් කරද්දි අයියා හැමතිස්සෙම මගේ ළග හිටියේ.දැන් මං පැත්ත පළාතක එන්නෙ නෑ.අයියට කවුරු හරි ඉන්නව නම් කියන්න.මං අයියා ගැන හොයනවට අයියා අකමැති ඒකනේ.අයියා ගැන හොයන්නැතුව ඉන්නම්.උදේට ඇළ ළගට එන්න."

"දැන්නේ මතක් වුණේ.පුංචි කාලේ

image

-------නිර්නාමික---------
4 කොටස

ගෙදර ගියාම කියාවි"මාත් දෙවෙනි නොවීම කිව්වා.
"ඇයි ඔයා මාත් එක්ක කතා කරන්න අකමැති?"මගේ දිනා බලාගෙන මූණේ තිබ්බ හිනාව නැතුව එයා ඇහුවා.
"අම්මා කියල තියෙන්නේ කන වෙලාවෙදි කතා කරනා එපා කියලා"මමත් කිසිම හැගීමක් නැතුවම කිව්වා.
"මේන් බලනෝකො මෙයා.කවද ඉදන්ද ඔයා අම්මා කියන දේ අහන්න ගත්තේ?" තවත් බත් කටට්ක් කවන ගමන් එයා ඇහුවා.
මම මුකුත් නොකියා හිටියා.
කොහොම වුණත් කවලා ඉවර වෙනකන්ම මගේ නිහඩ පිළිවෙත රකිමින් ඇයගේ කෙළවරක් නැති වදන් පෙළට කන් දීගෙනම හිටියා.

"අයියේ,මම පිගාන තියලා එන්නම්"එහෙම කියලා එයා යන්න නැගිට්ටා.
"ආහ් නෑ.මම තව ටිකකින් ඇවිදින්න යනවා.උදේ ඉදන්ම මෙතනනේ."හිනා වෙවී එහෙම කියලා මම නැගිට්ටා.
"මමත් එන්නද අයියේ?"එයා ඇස් දල්වාගෙන ඇහුවා.
"ආ.නෑ නංගි.ඔයාට ගෙදර වැඩත් ඇතිනේ.කරදර වෙන්න එපා"තිගැස්සුනු මම එහෙම කිව්වේ එතනින් මාරු වෙන්න.
"කරදරයක් නම් නෑ අයියේ"ේ
"කමක් නෑ නංගි.අම්මා බනීවිනේ ඔයාට"
අකමැත්තෙන් හිනා වුණු එයා එතනින් ගියා.

"මම මෙයාගේ හිත රිද්දන්වා වැඩිද මන්දා?එක අතකට කමකුත් නෑ.ඒකෙත් තියෙන්නේ අමුතුම ගතියක්.ඒත් පව්....මටත් පිස්සු මං මේ යකා ගැන හිතන්නේ අහවල් දේකටද?එක්කෝ මේකා පිස්සන් කොටුවෙන් පැනලා ඇවිල්ලා වෙන්න ඕන.මොන පිස්සෙක්ද මන්දන්නේ නෑ.මූ අපේ ගෙදර ඇවිල්ලා මාව හොයන එකෙන් අපේ අම්මලා වැරදියට හිතුවොත් මං විනාසයි." මේ වගේ සිතිවිලි සිය ගානක් මගේ හිතේ හොල්මන් කරන්න ගත්තා.

"කොහොම වුණත් දැන් මේකා ආයේ එනවා.ඊට කලින් මෙතනින් කැපෙන තරමට හොදයි."
මම පුරුදු පාරෙන් නොගිහින් වෙළ පැත්තෙන් ගෙදර යන්න හිතුවා.
වෙල පැත්තෙත් තිබුණේ මාරම පාළුවක්.පාරේ එක පැත්තක තිබුණු ගස් පේලිය විශාලව හැදිලා තිබුණේ අවුරුදු ගානක් පුරාවටම මහපොළවේ සාරය උරා බීපු නිසා වෙන්න ඇති.අවුරුදු ගානක් තිස්සෙ එකා වගේ හිටපු නිසා ඇති වෙලා තිබුණු හිතවත්කම,මිත්‍රත්වය,සෙනෙහස නිසාම වෙන්න ඇති මං ඒ ළගින් යද්දී මගේ දිහා බලාගෙන රහසින් කොදුරන්න පටන් ගත්තේ.
එච්චර දිග කාලයක් නොවුණට මමත් එයල එක්ක ටික කාලයක් හිටපු නිසාම මමත් ඒ දිහා හැරිලා යන්තමින් හිනා වුණා.එතරම්ම දැකලා පුරුදු නැති වුණත් අදුරන කෙනෙක් කියලා දැනුණු නිසා වෙන්නැති එයාලගේ කෙදිරිල්ල අඩු වෙලා ගියා.

මගේ හිතට ඒ කෙදිරිල්ල වද දෙන්න ගත්තා.අවුරුදු ගානක් එකට ඉදලා ආයෙත් කාලෙකට පස්සේ හමුවුණු කෙනෙක්ව ඔවුන්ට සිහි වුණා නම්,ගමේ හැම දෙනාවම සිහියේ තියාගෙන ඉන්නවා නම්,මම ඇයි එයාව අමතක කළේ?අදුනන නාදුනන සිය දහස් ගණනකට අවුරුදු ගණනක් තිස්සේ සෙවණ දෙන්න එක ගහකට පුළුවන්නම් ඇයි මට බැරි වුණේ ගමේ ඉද්දී එකටම ඉදපු කෙනෙක්ව මතකයේ තියාගෙන ඉන්න?මහ පිස්සු අදහසක් වෙන්න ඇති ඒක.ගස් වලට පණ නැහැනේ.එහෙම කියල හිත හදා ගන්න උත්සාහ කළත් මම ගගට ඉනි කපන එකේ තේරුමක් නෑ නේද කියලා හිතුණා.කොච්චර ගගට ඉනි කැපුවත් අන්තිමට එක ඉන්නක් හරි ගොඩට ඒවිනේ කියලා මම හිත හදා ගන්න ට්‍රයි කළා.

මට දැනුණේ මං ගැනම ලැජ්ජාවක්;අනුකම්පාවක්.මං එතනම ඉද ගත්තා.විභාගේ ඉවර වෙලා රිසල්ට් එනකන් ආයෙත් කොළඹටම වෙලා හිටිය නම් මේ මුකුත් නෑ නේද කියලත් හිතුණා.ඒත් අවුරුදු අටක් විතර එහේ හිටියා ඇති. එහේ රස්නෙයි මිනිස්සුන්ගේ කලබලකාරී බවයි එක්ක එහේ ජීවිතේ එපා වෙලා තිබුණේ.එහේට වඩා මෙහේ හොදයි කියලා මෙහෙට ආවත් දැන් මෙහෙත් ප්‍රශ්න.මහ ලොකු ප්‍රශ්නයක් නොවුණත් හිතට වද දෙන ප්‍රශ්න ලොකුවට ගනන් ගන්න එක මට පුරුද්දකට ගිහින් තිබුණේ.
ඕලෙවල් කාලෙදි මුලින්ම ගෑනු ළමයෙක්ට කැමති වෙලා අන්තිමට හොදටම විරහව වින්ද මම හිතට වද දෙන ප්‍රශ්න ලොකුවට ගනන් ගන්න එක වැඩි වුණා වගේම,සමහරවිට ඒ ලෙවල් වලදිට් ඒක බලපෑවා කියලා වෙලාවකට හිතෙනවා.ඒත් සමහර පුරුදු තියෙනවා අතාරින්න හුගාක් අමාරුයි.

මම එතනින් නැගිට්ටේ තවත් හුගාක් වෙලාවකට පස්සේ.අඩි දෙක තුනක් වත් යන්න හම්බුණේ නැහැ.
"මචං,පොඩ්ඩක් හිටපන්" ඒ හඩත් එක්ක මම ආපහු හැරිලා බැලුවා.

image

--------නිර්නාමික---------
3කොටස


තව ඩිංග වෙලාවක් යද්දින්ම ඒ දෙන්නම මං හිටපු තැනට ආවා.එතකොටයි මං දැක්කේ අනිත් කෙනා එයා කියලා.

"ආ අයියේ,මං අයියට අඩගහන්න එන්න හැදුවේ.ඒ වෙලාවේ තමා අක්කා කිව්වේ අයියා ඇළ ළග ඇති කියලා.අක්කත් කාලා හිටපු නිසාඅං බත් එකකුත් අරගෙනම අක්කා එක්කම ආවා."නංගි කියන්න ගත්තා.

වෙනදා නම් මේ වගේ වෙලාවලදි මං නංගිට පොඩ්ඩක් සැර කරනවා.ඒත් අද ඒ වෙනුවට මම පොඩි හිනාවක් දැම්මා.

"අයියේ,අම්මාකිව්වා කෑම එක දීල ඉක්මනට එන්න කියලා.මං ගිහින් එන්නම්" එහෙම කියලා නංගි යන්න හැරුණා.

"ආ නෑ නංගි මං එන ගමන් අරං එන්නම්."මං එහෙම කියන්න හැදුවත් ඒ වචන පිටවුණේ නම් මගේ කටෙන් නෙවෙයි.

මුකුත් නොකිව්ව නංගි ගෙදර යන්න ගියා. ඒත් එක්කම මට බැලුනේ එය දිහා.එයා යාන්තමින් හිනා වෙලා බිම බලා ගත්තා.

"ඔයා කාලද?" මම ඇහුවේ සිරිතක් විදිහට.
"ඔව් අයියේ"එයත් අහිංසක විදිහට උත්තර දුන්නා.
"එහෙනම් මම කන්නම්"
"ඇන්ටි නම් කිව්වේ අයියාට කවන්න ඕනි කියලා."
"ආහ්.අම්ම ඒකත් කිව්වද?කමක් නෑ ඉතින් කවන්න කෙනෙක් නැහැනේ. මම කන්නම්"
"ආ...අයියගේ අකමැත්තක් නැත්නම් මම කවන්නද?"
ඒකට මගේ අකමැත්තකුත් තිබ්බේ නෑ.කොළඹ ඉද්දී නම් මේ වගේ වෙලාවක පැනලා හා කියනවා.ඒත් මේකි මොකාටද එන්නේ කියලා හිතාගන්න බෑ.කවාගන්නත් ආසයි.ඊටත් වඩා අතින් කන්න කම්මැලියි.හා කියනවද බෑ කියනවද? මේක සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක්.ඒත් මේ වෙලාවේ බොන්න වෙලාවකුත් නෑනේ. අන්තිමට මම හා කිව්වා.

මම හා කිව්වා විතරයි මේකිගේ ඉහේ මලක් පිපුණා වගේ.මොකද මේ අමුතු හිනාවක් දැම්මේ කියලා මම මගෙන් අහගත්තත් මමම මගේ ප්‍රශ්න වලට උත්තර දෙන එක හරි නෑ වගේ හිතුණා.

"අයියේ,මම උදෙත් ආවා.කොහේෆ්හ ඉතින් දවල් වෙනකම්ම දපනේ දාලා නිදිනේ" බත් කටක් කවන ගමන් එයා කිව්වා.
"හ්ම්.අම්මා කිව්වා"මමත් ගානක් නැතුවම කියලා දැම්මා.
"මම අයියා නැගිටිනකන් බලන් ඉදලා බැරිම තැන ගියා."එයා ආයෙත් කිව්වා.
"හ්ම්.අම්මා කිව්වා."මම ආයෙත් ගානක් නැතුවම කිව්වා.
"මම දවලුත් ආවා ඔයා ඇවිල්ලද බලන්න."
"හ්ම්.අම්මා කිව්වා."මම ආයෙමත් කිව්වා.
"අම්මා කොහොමද ඒක කියන්නේ?ඔයා ගෙදර ගියේ නැහැනේ?"එයා පුදුමෙන් වගේ කිව්වා.
"හ්ම්."
"ඇයි ඒක අම්මා කිව්වේ නැද්ද?" එයා දගකාර විදිහට උපහාසත්මකව කිව්වා.

image

----------නිර්නාමික-----------
2 කොටස

නංගි,දැන් විහිළු කළා ඇති.හැමදාම ඕක කරනවනේ"මම එහෙම කිව්වත් නංගි අත ගත්තේ න.මම මගේ අත් එයාගේ අත් දිගේ ගෙනිහින් මූණ ඇල්ලුවා.සාමාන්‍යයෙන් එහෙම කළාම එයා හයියෙන් හිනා වෙනවා.
ඒත් එදා නම් එක පාරටම එයා අත් දෙක අයින් කරලා බිම වාඩි වුණා.

ඒ වෙලාවේ තමයි මම දැක්කේ ඒ නංගි නෙවෙයි කියලා.මම ගල් ගැහුනා.ඒ ඒ කවුද කියල අදුරගන්න බැරි වුණු නිසාද නැත්නම් එයා බය වෙලා වගේ හිටපු නිසාද කියලා මට අදුරගන්න බැරි වුණා.එයා මගේ දිහා බලලා ලාවට හිනා වුණා.මම තාමත් ගල් ගැහිලා.

"අයියේ,ඉතින් කොහොමද?හුගක් කාලෙකින් නේද?"එයා හිනාව අතරින් මගෙන් ඇහුවා.
මට තාමත් එයාව මතක් වෙන්නේ නෑ.
"අයියේ,මාව මතක නැද්ද?මෙහෙන් යන්න කලින් අයියල එක්ක සෙල්ලම් කළේ.පහළ ගෙදර අයියගේ මාමගේ දුව"එයා මගේ නිහඩතාවය ටික වෙලාවක් ඉවසලා එහෙම කිව්වා.
ඒ වෙලාවේ තමයි ඒ කවුද කියලා මට මතක් වුණේ.

"අහ් නංගි.මට එකපාරටම අදුරගන්න බැරි වුණානෙ.දැන් හුගාක් වෙනස් වෙලා.මෙහෙන් ගියාට පස්සේ දැක්කෙම නැහැනේ"මමත් හිනා වෙලාම උත්තර දුන්නා.

"අයියා හරි නරකයි. පුංචි කාලෙ එකට සෙල්ලම් කරලත් දැන් අපිව මතක නෑනේ"එයා නෝක්කාඩුවෙන් වගේ කිව්වා.
"අනේ නෑ නංගි.අමතක කළා නෙවෙයි.අදුරගන්න බැරිවුණා.හුගක් කාලෙකින්නේ දැක්කේ."
"හා.මමත් ඔයාව දැක්කේ කොච්චර කාලෙකින්ද?"එහම කියලා එයා මට ඇළෙන් අරන් වතුර ටිකක් ගැහුවා.

"පිස්සා."එහෙම කියලා මමත් වතුර ගැහුවා.
එයා හිනා වෙලා මගේ දිහා බැලුවා.
"අයියලා කොළඹ ගිහින් ටික දවසකින් අපිත් ගියා.අයියා ගමේ ආපු එක සැරයක්වත් මං ගැන ඇහුවේ නෑ නේද?ඔහොම අමතක කරන එක හොද නෑනේද?"

එයා ඒක කියපු විදිහට මට උත්තර නැති වුණා.ඇත්තටම මම එයාල ගැන පොඩ්ඩක්වත් හොයලා බැලුවේ නෑනේද?
මම ඊට පස්සෙ ඇළ දිහා බලාගෙන හිටියේ මං ගැනම ලැජ්ජාවෙන්.එයත් කතාවක් නැතුව ඇළ දිහා බලාගෙන හිටියා.

ටික ටික අදුර වැටෙන්න ගත්තා.මට ගෙදර යන්න ඕන වුණත් එයාට ඒක කියන්න තරම් පුළුවන්කමක් මට තිබ්බෙ නෑ.ඒත් වාසනාවට වගේ එයා ඉස්සර වුණා.
"රෑ වුණා නේද අයියේ?ගෙදර යමු.නැත්නම් ගෙදර අය බය වේවි"
එයා එහෙම කියලා නැගිට්ටා.
ඒත් මට නැගිටින්න හිතුනෙත් නෑ.

"කෝ ඉතින්. අයියා යන්නේ නැද්ද?"
"අහ්.නෑ නංගි මම තව ටිකකින් යන්නම්"
"එහෙනම් මාත් ඉන්නම්."එහෙම කියලා එයා ආයේ වාඩි වුණා.
මට දෙලෝ රත් වුණා.ඇයි දෙයියනේ මෙහෙම මටම වෙන්නේ කියලයි මට හිතුණේ.
"නෑ නංගි.එහෙනම් යමු"මටත් නොදැනී කියවුණා.
"මං ඉන්න හැදුවම ඇයි බය වුණේ.මොකක් හරි හොර වැඩක් කරන්න නේද හැදුවේ" ඇය සරදමක ස්වරූපයෙන් ඇහුවා.
"අනේ නෑ.ගෑනු ළමයෙක් එක්ක තනියම ඉන්න බයයි.ෂුවර් නෑනේ මොකක් හරි කළොත් එහෙම" මමත් එයාට විහිළුවක් කරන විදිහට කිව්වා.
"හා.එහෙමද ආස අයියේ.කමක් නෑ.එහෙනම් අපි දෙන්නම යමුකෝ." එයා එහෙම කිව්වා.

මමත් කරන්නම දෙයක් නැතිකමටම නෙවෙයි ආසාවටත් එක්කම එයා එක්කම ගෙදරට ගියා.ඒ යද්දි අපි දෙන්නා කිසිම වචනයක් කතා කළේ නම් නැහැ.
එදා රෑ මම නිදා ගත්තේ ටිකක් රෑ වෙලා.ඇත්තටම මම කොච්චර නරක කෙනෙක්ද කියන හැගීම මට හුගාක් වද දුන්නා.

image

-----------නිර්නාමික----------------
1 කොටස.........

මම ඉපදුණෙ ගමේ.පුංචි කාලේ ගියේ ගමේ ඉස්කෝලෙට. අපේ ගම මහලොකු එකක් නම් නෙවෙයි. ඒත් හුගාක් පොඩි එකකුත් නෙවෙයි.අපි හුගාක් විනෝදෙන් හිටියේ.ඉස්කොලේ යාළුවොත් එක්ක සෙල්ලම් කර කර කාලේ ගෙව්වේ.ඒත් කොහොමහරි අපේ අම්මාට මාරු වීමක් ලැබුණා.මාමලා ඔක්කෝම වගේ හිටියේ කොළඹ.ඒ නිසා අපි කොළඹ ගියා.තාත්තට නම් ඕන වුණේ ගාල්ලට යන්න.ඒත් අන්තිමට ගියේ කොළඹ.

මට හිටියා නංගි කෙනෙක්.එයා හරියට පැන්ඩෙක් වගේ.
එයා නම් කොළඹ ආවේ එච්චර කැමැත්තකින් නම් නෙවෙයි.අම්මලගේ මහන්සිය නිසා ඒ ගොල්ලොන්ට පුළුවන් වුණා අපි දෙන්නව ප්‍රධාන පෙළේ ඉස්කෝලවලට දාගන්න.
අපේ ගෙදර තිබුණේ බොරැල්ල කනත්තට ටිකක් එහා.

අපි හැම නිවාඩුවකටම වගේ ගමේ ගියා.පුංචි කාලේ දුවලා පැනලා සෙල්ලම් කරපු විදිහටම අපි නිවාඩු කාලෙදි විනෝද වුණා.

අම්මා කොළඹ හිටියේ ලොකු කැමැත්තකින් නම් නෙවෙයි. මම ඒලෙවල් කරලා ඉවර වුණාම ආයෙත් ගමට යන්න තමයි එයාට ඕන වුණේ.අපි පදිංචි වුණේ කොළඹ වුණාට තාත්තා වැඩ කළේ ගමට ටිකක් එහායින් තිබුණු ප්‍රොජෙක්ට් එකක.කොළඹ ඇවිත් ටික කාලෙකින් නංගි ආයේ ගමේ ගියා.එයාට ගමේ ඉස්කෝලෙට යන්න ඕන වුණා.

කොහොමහරි මම ඒලෙවල් කර ගත්තා.මහලොකු රිසල්ට් එකක් නම් තිබුණේ නැහැ.යන්තම් කැම්පස් රිංගගන්න තරම්වත් ඒ රිසල්ට් එක හොද වුණේ නැහැ.ඒ තුනක් තිබුණත් කොළඹින් කැම්පස් යන්න ඒක මදි වුණා.ඒ නිසා දෙවෙනි සැරෙත් ඒලෙවල් කරන්න හිතුවා.ඒ නිසාම ආයෙත් මමයි අම්මයි ගමේ ගියා.

කොළඹ යාළුවෝ දාලා යන්න හිත අකමැති වුණත් ගමේ යන්න හිතේ තිබුණු කැමැත්තට ඒ අකමැත්ත පැරදුණා.

කොහොමහරි මම දෙවෙනි සැරේ ඒලෙවල් ලිව්වා.ගමෙන් ලියපු නිසා ලොකුවට තරගයක් නම් තිබුණේ නැහැ කැම්පස් යන්න.ඒත් ඉතින් ඒ ඒලෙවල් නේ.ලොකුවට විශ්වාසයක් තිබුණේ නැහැ ඒ ගැන.

දෙවෙනි සැරේ ඒලෙවල් ලියලා රිසල්ට් එනකන් මම බලන් හිටියා.ඇත්තටම ඒ කාලෙදි මම කළේ ඇවිදපු එක විතරයි.

අපේ ගෙවල් ළග ඉදලා ටිකක් එහාට ගියාම පුංචි ඇළක් තිබුණා.ඒ ඇළ හුගක් ගැඹුරු නැහැ.ඒ ඇළේ ඉවුරේ තිබුණා අඹ ගහක්. මම පුරුදු වෙලා හිටියා හවසට ඒ අඹ ගහ යට ඉදන් ඇළට කකුල් දෙක දාගෙන ඉන්න.

එක දවසක් හැන්දෑවේ මම ඇළ ළගට වෙලා කල්පනා කර කර හිටියා.ඉස්කෝලේ යද්දි වුණු රසවත් දේවල් හුගාක් මතක් වෙලා නිකම්ම හිනා යනවා.ඉතින් ඔහොම ඉද්දී කවුදෝ එකපාරටම ඇවිදින් අත් වලින් මගේ ඇස් දෙක වැහුවා.සාමාන්‍යයෙන් නංගි මෙහෙම කරන එක මට පුරුදු වෙලා තිබුණේ.

image
  • Edit About
  • නිර්මාණ පිටුව