UGATHAMANA Cover Image
UGATHAMANA Profile Picture
UGATHAMANA
@UGATHAMANA
3 people like this
0771537433

අංශබාගය යනු කුමක්ද?

අංශභාගය යනු මොළය ආශ්‍රිතව සිදු වන අක්‍රිය වීමක් හේතුවෙන් ශාරීරික ක්‍රියාකාරකම් අඩාල වීම නිසාවෙන් ඇතිවන තත්ත්වයකි. මෙවැනි තත්ත්වයක් ඇති වීම සඳහා බලපාන ප්‍රධාන සාධකය ලෙස හඳුනාගත හැකි වන්නේ ආඝාතය (sroke) තත්ත්වයයි. එහිදී මොළයට රුධිරය සැපයෙන රුධිර වාහිනියක් අවහිර වීම හෝ පුපුරා යාම නිසා මෙම ආඝාතය තත්ත්වයක් ඇති වෙනවා. එවිට ඔක්සිජන් හා අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ නොලැබී යාම නිසා එම රුධිර වාහිනිය හරහා රුධිරය සපයන මොළයේ කොටස මියයාම සිදු වෙයි. එම නිසා මෙලෙස මොළයේ අක්‍රිය වූ කොටස මගින් පාලනය වන ශාරීරික ක්‍රියාකාරකම් අඩාල වෙනවා. මෙම ක්‍රියාවලිය අංශභාගය ලෙස හඳුනාගත හැකිය. එහිදී මොළයේ හානි වූ කොටසට විරුද්ධ පැත්තෙහි ශරීරයේ ක්‍රියාකාරකම් අඩාල වීම සිදු වෙනවා. මන්ද මොළයේ දකුණුපස කොටසින් ශරීරයේ වම්පස ක්‍රියාකාරකම්ද මොළයේ වම්පස කොටසින් ශරීරයේ දකුණුපස ක්‍රියාකාරකම්ද ආදී වශයෙන් විරුද්ධ දිශාව පාලනය වන නිසාවෙනි. (http://www.stroke.org/we-can-h....elp/survivors/stroke )

image

දන්නැති අයට දැනගන්නත් එක්ක ෂෙයාර් කරමු

image
  • Edit About
  • ඉගනගැනීමේ අවසානයක් නැත