Like✅
Share✅
Comment✅

දහස් ගණන් චූටි හදවත් සොයා යන චූටි පිටුව සමග එක්වන්න

image

Like✅
Share✅
Comment✅

දහස් ගණන් චූටි හදවත් සොයා යන චූටි පිටුව සමග එක්වන්න

image

Like✅
Share✅
Comment✅

දහස් ගණන් චූටි හදවත් සොයා යන චූටි පිටුව සමග එක්වන්න.

image

#ජීවිත_අන්දරය

01 කොටස
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ලොකු ශාන් ලියයි....
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

හෙමින් හෙමින් පඩිපෙල බැහැගෙන ආපු මම ගාඩ්රූම් එකෙන් අැදුම් බෑග් එකත් අරගෙන එලියට ආවා. මටත් හොරෙන් ඇස් එහෙමෙහෙ දිව්වෙ කාවහරි හොයන්න වගේ. එ්ත් ඇස් හෙව්ව රැව ඇස් මායිමට ආවෙ නෑ. ඇතුගල්පුර අහස යට ලොකු තනිකමක් දැනෙද්දි අලුත් මල්කඩුවාව පැත්තෙන් ආව බස් එකට මං අත දැම්මා.

" පුවක්ගස් හංදියට යන්න පුලුවන්ද? "

" ඔය බෑග් එක අරන්නම් මේ වෙලාවෙ යන්න අමාරුයි මල්ලි "

බස්වල මිනිස්සුන්ගෙන් කතා අහනවට වඩා මේ කිලෝමීටර් දෙක තුන පයින් යන එක හොදයි. නුපුරුදු මීගමුව පාර දිගේ මං හෙමින් හෙමින් අැවිදගෙන ආවා. අද ඉදන් මේ ඇතුගල්පුර අහස යට අලුත් ජීවිතයක් පටන් ගන්න වෙනවා. නෑදෑයෙක් යාලුවෙක් නැති බොඩින් ජීවිතේ කොහොම ගෙවෙයිද මන්දා. කල්පනා කර කර මං ඇවිදගෙනම බොඩිමට ආවා.

බෝඩිමේ ඇන්ටිටත් කතාකරගෙන කාමරේට ආව මම ලොකු ඇදුම් බෑග් එක ඇද උඩින් තියල වටේට කැරකිලා බැලුවෙ අද ඉදන් අවුරුද්දක්ම ඉන්න වෙන තැන මොන වගේද කියල දැන ගන්න. පුංචි ලී මේසයක්, පුටුවක්, සැපපහසු නොවුනත් පුංචි ඇදක් එක්ක ඇදුම් කිහිපයක් එල්ලගන්න බිත්තියට අල්ලලා තිබ්බ ඇදුම් රදවනයක් විතරයි කාමරේටම තිබ්බෙ. මටත් නොදැනීම ලොකු සුසුමක් පිටවුනා.

වෙලාවෙ හැටියට මේ හොදටම අැති. ජීවිතේ ගෙවුණු අවුරුදු විසි දෙකට කාපු කටුත් එක්ක මේ හොදටම ඇති. තනියම ගෙවුනු අතීතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න තරම් ඔයාට පුලුවන් කමක් තිබුන හැටි. හ්ම්...... ඒව ඕන නෑ. ඇදෙන් නැගිට්ට මන් මගෙ පොත්ටික මේසෙ උඩ පිලිවෙළකට අස්කරන්න ගත්තා.

" ශාන්, තේ එකක් බීල ඉමු "

බෝඩිමේ ඇන්ටිගෙ අතින් තේ එක අරගෙන මං එතන තිබුන පුටුවෙන් ඉදගත්තා.

" කාමරේ හොදද ශාන් "

" හොදයි ඇන්ටි, වරදක් නැහැ "

" බාත්රූම් එක මෙතනම තියෙනවා. රෙදි සෝදන්න අර එහා පැත්තෙ ටැප්එකට යන්න. කාමරේ අර දොර අරින්න එපා. හවසට බල්ලව අරිනව තාම පුරුදු නැති නිසා පොඩ්ඩක් පරිස්සමින්. කොහෙහරි යනවනම් කියල යන්න හොදද "

උපදෙස් මාලාවක්. මං හිමීට ඔලුව වැනුවෙ ඕවට උත්තර දෙන්න ගිහින් මේකත් නැතිකර ගන්න කැමැත්තක් හිතේ තිබුණේ නැති හින්දා. අනික ඉතින් විරුද්ධ වෙන්න තරම් දේකුත් ඒකෙ නැහැනෙ.

" කෑම ලෑස්ති කරල මං කතාකරන්නම්. උදේට කෑම කලා යනවද අරගෙන යනවද ?"

" කාල යන එක ලේසියි ඇන්ටි "

" හොදයි එහෙනම් "

දොර වහල දාපු මම ඇද උඩින් වාඩිවෙලා තේ කොප්පය තොල ගාන්න ගත්තේ කාමරේ වටේ ආයෙ පාරක් බලන ගමන්.

" තේ එකනම් රසයි. කෑම කොහොම වෙයිද දන්නෙ නැහැ. "

කට කොනින් පොඩි හිනාවක් ගියෙ බෝඩිමක කෑම ගැන රහ ගුණ හොයන්න හිතුන හින්දා. දෙන දෙයක් කාල ඉන්නෙ නැතුව මමත් මොනවා හිතනවද මන්දා.

බාත්රූම් එකට රින්ගගත්ත මං හොදට නාගත්තේ දවසේ වෙහෙස මකා දාන්න. කාමරේට ඇවිත් ඇද වියලට කොට්ටෙ තියල ඇදට බර උනේ ඇගට දැනුන මහන්සියට වඩා හිතට දැනෙන බර ගතිය වැඩි හින්දයි.

~~~~~~~~~~~~~~~~~
ප.ලි. - බෝඩිං ජීවිතෙ හරි සුන්දරයි. ඒක හොදට වගේම නරකටත් පෙරලගන්න පුලුවන්. කොයි අතට පෙරලගන්නවද කියන එක තියෙන්නෙ අපේ අතේ.

ඉතින් පළවෙනි කොටස ඉක්මනින්ම ලිව්වෙ ඔයාලගෙ අදහස් උදහස් දැනගන්න. හිතට දැනෙන ඕන දෙයක් පහලින් කොටාගෙන යන්න අඩුපාඩු පෙන්නුවට තරහ වෙන්නෙ නැහැ. චූටිට ලයික් එකක් දාල ෆලෝ පාරක් දාන්න අමතක කරන්න එපා. යාලුවන්ටත් චූටි ගැන කියන්න.

image

චූටිගේ ආරාධනයත් එක්ක චූටිට ලියන්න හිතුන. කාලයක් දිගට හරහට ලිව්වට ජීවිතේ කාර්යබහුලත්වයත් එක්ක ලිවිල්ලෙන් ටිකක් ඈත් වෙලා හිටිය. ඉතින් චූටිත් එක්ක .ගමනක් යන්න බලාපොරොත්තු වෙන ගමන් කාලෙකට කලින් ලියවුන නිසදැසකින් ආරම්භයක් ගන්න හිතුව.


නෙත් පියන් පියවෙන විට
මැවෙන සුන්දර සිනහව
දැකගන්න හැබැහින් නිතරම...
පටලවන් අපෙ දෙඅත්
සැදෑ හිරු රැස් තුලින්
ඇවිද යන්නට දුරින් දුරට...
සිරි සිරි පොද වැස්සක
මල් මල් පුංචි කුඩය යට
රුදෙන්නට ඔබෙ ලගින්ම...
අරගන්න මගෙ ලගට
හැමදාම සෙනෙහසින්
තුරුලුකර ආදරෙන්...
බැද මාල හත ගෙලේ
පුංචි මනමාලියක් කර
කැන්දාගෙන එන්න...
පෙරුම් පුරනවා මම මුළු හදවතින්ම......

#ශාමික_ගයාශාන්_ලියයි.

http://3.bp.blogspot.com/-hEgt....SEhDbZs/UnkCQaewCHI/

Picture
  • Edit About
  • චූටි හදවත් දහස් ගණනින් සොයා ලක් දෙරණ වටා යන චූටි සමග එන්න ඔබත් එකතු වන්න.. ආදරය , විරහව අකුරු කල අපේ කාලයේ චූටි පිටුව