----------නිර්නාමික-----------
2 කොටස

නංගි,දැන් විහිළු කළා ඇති.හැමදාම ඕක කරනවනේ"මම එහෙම කිව්වත් නංගි අත ගත්තේ න.මම මගේ අත් එයාගේ අත් දිගේ ගෙනිහින් මූණ ඇල්ලුවා.සාමාන්‍යයෙන් එහෙම කළාම එයා හයියෙන් හිනා වෙනවා.
ඒත් එදා නම් එක පාරටම එයා අත් දෙක අයින් කරලා බිම වාඩි වුණා.

ඒ වෙලාවේ තමයි මම දැක්කේ ඒ නංගි නෙවෙයි කියලා.මම ගල් ගැහුනා.ඒ ඒ කවුද කියල අදුරගන්න බැරි වුණු නිසාද නැත්නම් එයා බය වෙලා වගේ හිටපු නිසාද කියලා මට අදුරගන්න බැරි වුණා.එයා මගේ දිහා බලලා ලාවට හිනා වුණා.මම තාමත් ගල් ගැහිලා.

"අයියේ,ඉතින් කොහොමද?හුගක් කාලෙකින් නේද?"එයා හිනාව අතරින් මගෙන් ඇහුවා.
මට තාමත් එයාව මතක් වෙන්නේ නෑ.
"අයියේ,මාව මතක නැද්ද?මෙහෙන් යන්න කලින් අයියල එක්ක සෙල්ලම් කළේ.පහළ ගෙදර අයියගේ මාමගේ දුව"එයා මගේ නිහඩතාවය ටික වෙලාවක් ඉවසලා එහෙම කිව්වා.
ඒ වෙලාවේ තමයි ඒ කවුද කියලා මට මතක් වුණේ.

"අහ් නංගි.මට එකපාරටම අදුරගන්න බැරි වුණානෙ.දැන් හුගාක් වෙනස් වෙලා.මෙහෙන් ගියාට පස්සේ දැක්කෙම නැහැනේ"මමත් හිනා වෙලාම උත්තර දුන්නා.

"අයියා හරි නරකයි. පුංචි කාලෙ එකට සෙල්ලම් කරලත් දැන් අපිව මතක නෑනේ"එයා නෝක්කාඩුවෙන් වගේ කිව්වා.
"අනේ නෑ නංගි.අමතක කළා නෙවෙයි.අදුරගන්න බැරිවුණා.හුගක් කාලෙකින්නේ දැක්කේ."
"හා.මමත් ඔයාව දැක්කේ කොච්චර කාලෙකින්ද?"එහම කියලා එයා මට ඇළෙන් අරන් වතුර ටිකක් ගැහුවා.

"පිස්සා."එහෙම කියලා මමත් වතුර ගැහුවා.
එයා හිනා වෙලා මගේ දිහා බැලුවා.
"අයියලා කොළඹ ගිහින් ටික දවසකින් අපිත් ගියා.අයියා ගමේ ආපු එක සැරයක්වත් මං ගැන ඇහුවේ නෑ නේද?ඔහොම අමතක කරන එක හොද නෑනේද?"

එයා ඒක කියපු විදිහට මට උත්තර නැති වුණා.ඇත්තටම මම එයාල ගැන පොඩ්ඩක්වත් හොයලා බැලුවේ නෑනේද?
මම ඊට පස්සෙ ඇළ දිහා බලාගෙන හිටියේ මං ගැනම ලැජ්ජාවෙන්.එයත් කතාවක් නැතුව ඇළ දිහා බලාගෙන හිටියා.

ටික ටික අදුර වැටෙන්න ගත්තා.මට ගෙදර යන්න ඕන වුණත් එයාට ඒක කියන්න තරම් පුළුවන්කමක් මට තිබ්බෙ නෑ.ඒත් වාසනාවට වගේ එයා ඉස්සර වුණා.
"රෑ වුණා නේද අයියේ?ගෙදර යමු.නැත්නම් ගෙදර අය බය වේවි"
එයා එහෙම කියලා නැගිට්ටා.
ඒත් මට නැගිටින්න හිතුනෙත් නෑ.

"කෝ ඉතින්. අයියා යන්නේ නැද්ද?"
"අහ්.නෑ නංගි මම තව ටිකකින් යන්නම්"
"එහෙනම් මාත් ඉන්නම්."එහෙම කියලා එයා ආයේ වාඩි වුණා.
මට දෙලෝ රත් වුණා.ඇයි දෙයියනේ මෙහෙම මටම වෙන්නේ කියලයි මට හිතුණේ.
"නෑ නංගි.එහෙනම් යමු"මටත් නොදැනී කියවුණා.
"මං ඉන්න හැදුවම ඇයි බය වුණේ.මොකක් හරි හොර වැඩක් කරන්න නේද හැදුවේ" ඇය සරදමක ස්වරූපයෙන් ඇහුවා.
"අනේ නෑ.ගෑනු ළමයෙක් එක්ක තනියම ඉන්න බයයි.ෂුවර් නෑනේ මොකක් හරි කළොත් එහෙම" මමත් එයාට විහිළුවක් කරන විදිහට කිව්වා.
"හා.එහෙමද ආස අයියේ.කමක් නෑ.එහෙනම් අපි දෙන්නම යමුකෝ." එයා එහෙම කිව්වා.

මමත් කරන්නම දෙයක් නැතිකමටම නෙවෙයි ආසාවටත් එක්කම එයා එක්කම ගෙදරට ගියා.ඒ යද්දි අපි දෙන්නා කිසිම වචනයක් කතා කළේ නම් නැහැ.
එදා රෑ මම නිදා ගත්තේ ටිකක් රෑ වෙලා.ඇත්තටම මම කොච්චර නරක කෙනෙක්ද කියන හැගීම මට හුගාක් වද දුන්නා.

image