---------නිර්නාමික---------
4 කොටස

ගෙදර ගියාම කියාවි"මාත් දෙවෙනි නොවීම කිව්වා.
"ඇයි ඔයා මාත් එක්ක කතා කරන්න අකමැති?"මගේ දිනා බලාගෙන මූණේ තිබ්බ හිනාව නැතුව එයා ඇහුවා.
"අම්මා කියල තියෙන්නේ කන වෙලාවෙදි කතා කරනා එපා කියලා"මමත් කිසිම හැගීමක් නැතුවම කිව්වා.
"මේන් බලනෝකො මෙයා.කවද ඉදන්ද ඔයා අම්මා කියන දේ අහන්න ගත්තේ?" තවත් බත් කටට්ක් කවන ගමන් එයා ඇහුවා.
මම මුකුත් නොකියා හිටියා.
කොහොම වුණත් කවලා ඉවර වෙනකන්ම මගේ නිහඩ පිළිවෙත රකිමින් ඇයගේ කෙළවරක් නැති වදන් පෙළට කන් දීගෙනම හිටියා.

"අයියේ,මම පිගාන තියලා එන්නම්"එහෙම කියලා එයා යන්න නැගිට්ටා.
"ආහ් නෑ.මම තව ටිකකින් ඇවිදින්න යනවා.උදේ ඉදන්ම මෙතනනේ."හිනා වෙවී එහෙම කියලා මම නැගිට්ටා.
"මමත් එන්නද අයියේ?"එයා ඇස් දල්වාගෙන ඇහුවා.
"ආ.නෑ නංගි.ඔයාට ගෙදර වැඩත් ඇතිනේ.කරදර වෙන්න එපා"තිගැස්සුනු මම එහෙම කිව්වේ එතනින් මාරු වෙන්න.
"කරදරයක් නම් නෑ අයියේ"ේ
"කමක් නෑ නංගි.අම්මා බනීවිනේ ඔයාට"
අකමැත්තෙන් හිනා වුණු එයා එතනින් ගියා.

"මම මෙයාගේ හිත රිද්දන්වා වැඩිද මන්දා?එක අතකට කමකුත් නෑ.ඒකෙත් තියෙන්නේ අමුතුම ගතියක්.ඒත් පව්....මටත් පිස්සු මං මේ යකා ගැන හිතන්නේ අහවල් දේකටද?එක්කෝ මේකා පිස්සන් කොටුවෙන් පැනලා ඇවිල්ලා වෙන්න ඕන.මොන පිස්සෙක්ද මන්දන්නේ නෑ.මූ අපේ ගෙදර ඇවිල්ලා මාව හොයන එකෙන් අපේ අම්මලා වැරදියට හිතුවොත් මං විනාසයි." මේ වගේ සිතිවිලි සිය ගානක් මගේ හිතේ හොල්මන් කරන්න ගත්තා.

"කොහොම වුණත් දැන් මේකා ආයේ එනවා.ඊට කලින් මෙතනින් කැපෙන තරමට හොදයි."
මම පුරුදු පාරෙන් නොගිහින් වෙළ පැත්තෙන් ගෙදර යන්න හිතුවා.
වෙල පැත්තෙත් තිබුණේ මාරම පාළුවක්.පාරේ එක පැත්තක තිබුණු ගස් පේලිය විශාලව හැදිලා තිබුණේ අවුරුදු ගානක් පුරාවටම මහපොළවේ සාරය උරා බීපු නිසා වෙන්න ඇති.අවුරුදු ගානක් තිස්සෙ එකා වගේ හිටපු නිසා ඇති වෙලා තිබුණු හිතවත්කම,මිත්‍රත්වය,සෙනෙහස නිසාම වෙන්න ඇති මං ඒ ළගින් යද්දී මගේ දිහා බලාගෙන රහසින් කොදුරන්න පටන් ගත්තේ.
එච්චර දිග කාලයක් නොවුණට මමත් එයල එක්ක ටික කාලයක් හිටපු නිසාම මමත් ඒ දිහා හැරිලා යන්තමින් හිනා වුණා.එතරම්ම දැකලා පුරුදු නැති වුණත් අදුරන කෙනෙක් කියලා දැනුණු නිසා වෙන්නැති එයාලගේ කෙදිරිල්ල අඩු වෙලා ගියා.

මගේ හිතට ඒ කෙදිරිල්ල වද දෙන්න ගත්තා.අවුරුදු ගානක් එකට ඉදලා ආයෙත් කාලෙකට පස්සේ හමුවුණු කෙනෙක්ව ඔවුන්ට සිහි වුණා නම්,ගමේ හැම දෙනාවම සිහියේ තියාගෙන ඉන්නවා නම්,මම ඇයි එයාව අමතක කළේ?අදුනන නාදුනන සිය දහස් ගණනකට අවුරුදු ගණනක් තිස්සේ සෙවණ දෙන්න එක ගහකට පුළුවන්නම් ඇයි මට බැරි වුණේ ගමේ ඉද්දී එකටම ඉදපු කෙනෙක්ව මතකයේ තියාගෙන ඉන්න?මහ පිස්සු අදහසක් වෙන්න ඇති ඒක.ගස් වලට පණ නැහැනේ.එහෙම කියල හිත හදා ගන්න උත්සාහ කළත් මම ගගට ඉනි කපන එකේ තේරුමක් නෑ නේද කියලා හිතුණා.කොච්චර ගගට ඉනි කැපුවත් අන්තිමට එක ඉන්නක් හරි ගොඩට ඒවිනේ කියලා මම හිත හදා ගන්න ට්‍රයි කළා.

මට දැනුණේ මං ගැනම ලැජ්ජාවක්;අනුකම්පාවක්.මං එතනම ඉද ගත්තා.විභාගේ ඉවර වෙලා රිසල්ට් එනකන් ආයෙත් කොළඹටම වෙලා හිටිය නම් මේ මුකුත් නෑ නේද කියලත් හිතුණා.ඒත් අවුරුදු අටක් විතර එහේ හිටියා ඇති. එහේ රස්නෙයි මිනිස්සුන්ගේ කලබලකාරී බවයි එක්ක එහේ ජීවිතේ එපා වෙලා තිබුණේ.එහේට වඩා මෙහේ හොදයි කියලා මෙහෙට ආවත් දැන් මෙහෙත් ප්‍රශ්න.මහ ලොකු ප්‍රශ්නයක් නොවුණත් හිතට වද දෙන ප්‍රශ්න ලොකුවට ගනන් ගන්න එක මට පුරුද්දකට ගිහින් තිබුණේ.
ඕලෙවල් කාලෙදි මුලින්ම ගෑනු ළමයෙක්ට කැමති වෙලා අන්තිමට හොදටම විරහව වින්ද මම හිතට වද දෙන ප්‍රශ්න ලොකුවට ගනන් ගන්න එක වැඩි වුණා වගේම,සමහරවිට ඒ ලෙවල් වලදිට් ඒක බලපෑවා කියලා වෙලාවකට හිතෙනවා.ඒත් සමහර පුරුදු තියෙනවා අතාරින්න හුගාක් අමාරුයි.

මම එතනින් නැගිට්ටේ තවත් හුගාක් වෙලාවකට පස්සේ.අඩි දෙක තුනක් වත් යන්න හම්බුණේ නැහැ.
"මචං,පොඩ්ඩක් හිටපන්" ඒ හඩත් එක්ක මම ආපහු හැරිලා බැලුවා.

image