-----නිර්නාමික-------
5 කොටස

ආ.මොකෝ මේ පැත්තේ?" මම කිසි වෙනසක් නැති ගානට කිව්වා.
"නිකං බං."
"වෙන්න බෑ.නිකං ආතල් එකට වගේ උඹට මාව හම්බෙන්න ඕන නම් උඹට ගෙදරට එන්න තිබ්බනේ."
"මං උඹලැයි ගෙදර ගිහින් තමයි ආවේ"
"අන්න ඒකනේ බන්.නිකං නම් උඹ මං ගෙදර නැත්නම් හොයන් එන්නෙ නෑනේ.මොකෝ කියපන්.කෙල්ලෙක් ලියුමක්වත් දුන්නද?" විහිළුවක් කරන්න හිතන් මං ඇහුවා.
"ඒකනේ.උඹලා දෙන්න කතා වෙලා වගේ" අමුතුම විදිහකට මිනිහා කිව්වා.
"මොකක්?"අගක් මුලක් නොතේරුණු මට එක පාරටම කියවුණා.
"අහ්.උඹ දන්නේ නැද්ද එතකොට?" මිනිහත් පුදුම වෙලා ඇහුවා.
"අරකි උඹට දෙන්න කියලා මොකද්ද කඩදහියක් දුන්නා.මයෙ හිතේ ලියුමක් කියලා.ඒකයි ඒම හිතුවේ"
"මොකීද?"
"අර මාමණ්ඩියගේ දූ පොඩ්ඩ"
"ඈ යකෝ.තොගේ මාමණ්ඩිගේ දූ පොඩ්ඩ නම් අහවල් දේකටද මට ලියුම් දෙන්නේ?උඹට එපැයි දෙන්න"
කිව්වේ මොකද්ද කියලා තේරුණත් මං නොදන්න ගානට ඇහුවා.
"නෑ බොල ගස් නරියෝ.මාමගේ දූ."
"උඹලගෙද?"
"නැත්නම් උඹලගෙද?"
"කියන්න බෑනේ.අපෙ මාමගේ දූ උඹට ලියුමක් දුන්නද කියලා."
"අනේ මේ ගස් නරියෝ.මේං මේක අර ගනිං.අප්පච්චී ඉක්මනට එන්නෙයි කීවා." මිනිහට වැඩේ එපා වෙලා වගේ.
මාත් ඉතින් ලියුම ගත්තා.
"ඕකේ ඇති දෙයක් නෑ බන්.උඹත් තව කළුව වැටෙනකන් නොඉද ගෙදරට තොලොංචි වෙයං" මිනිහා එහෙම කියලා ආපු දිහාවටම යන්න ගියා.

ඒත් එක්කම තමයි මටත් තේරුණේ කොච්චර කළුවර වෙලාද කියලා.ලියුම් කෑල්ල කියවන්නවත් නොනැවතුණු මම ටිකක් වේගෙන් ගෙදර දිහාවට ඇවිදං ගියා.
"අයියේ,ආං පල්ලෙහා ගෙදර අය්යා ඇවිල්ල අයියව හෙව්වා" මං ගෙට ගොඩ වෙද්දින්ම නංගි කිව්වා.
"හ්ම්.වෙල ගාවදි හම්බුණා." මං එහෙම කියලා කාමරේට රිංග ගත්තා.
"මොනවද දරුවෝ මෙච්චර වෙලා කළේ.දවාලට කන්න ආවෙත් නෑ.අර ළමයා නිකාං මහන්සි වුණා." ඊළගට අම්මා කාමරේ ළගට ඇවිත් කියන්න ගත්තා.
"මොන ළමයද අම්මේ?"
"ඇයි බත් එක අරන් ආවේ"
"අහ්"
"අහ් නෙවෙයි.අනිත් දවසේ මොන ලෝකේ ගියත් දවල්ට කන්න ගෙදර එන්න.අර ළමයව යවන්න බැහැනේ හැම්දාම."
"ඉතින් අම්මේ ඇයි එයාව එව්වේ.මම ගෙදර එන ගමන් නේ හිටියේ"
"ඒක තමයි කිව්වේ වෙලාවට එන්න කියලා." අම්මා එහෙම කියලා කාමරෙන් ගියා.

ඒ එක්කම මම අර ලියුම් කෑල්ල එළියට ගත්තා."මේකි මොනවා ලියලා ඇද්ද?පිස්සු හැදීගෙනවත් එනවද මන්දා."එහෙම හිතපු මම ලියුම් කෑල්ල දිගෑරලා බැලුවා.

පළවෙනි වචනේ කියවද්දිම දොරට තට්ටු කළා කවුරු හරි.ලියුම නවලා පොතක් යටින් තියපු මම කාමරේ දොර ඇරියා.
"කමක් නැද්ද අයියේ ආවට?"
"හ්ම්"
මං එහෙම කියනවත් එක්කම නංගි කාමරේ ඇතුළට ඇවිත් ඇද උඩින් වාඩි වුණා.
"ඇයි?" මම නුරුස්සන හඩින් ඇහුවා.
"අයියා අර අක්කව එච්චර කෙයාර් කරන්නේ නෑ නේද?"
"ඉතින්?"
"මං බලන් හිටියේ.අයියට කවද්දි ඔයා එච්චර එයාව ගනන් ගත්තේ නෑ."
"ග්ර්ර්ර්ර්.තමුසේ ඒකත් බලන් හිටියද.මං හිතුවේ ගෙදර යන්න ඇති කියලා"
"හී.මොකක් වුණත් අයියේ ඒ අක්කා අයියා ගැන හුගක් හොයනවනේ...."
"ඒකම තමයි බය"
"ඇයි?"
"නිකං"
"වෙන්න බෑ!"
"පුළුවන්"
"බෑ. ඇත්තම කියන්න අයියේ ඔයා එයාට කැමතියි නේ?"
"මොකක්?"
"මං කාටවත් කියන්නේ නෑ"
"එද්දි ඔළුවට සමාන්තරව කොහේ හරි පොල්ලක් වගේ දෙයක් තිබුණද?"
"ඇයි?"
"පිස්සු හැදිලද?එහෙම එකක් නෑ"
"නැත්තේ මොකෝ"
"නංගි මේ,ඔයාගේ ඔළුව කොහේ හරි වැදුණට මගේ නම් වැදුණේ නෑ."
"ඒ නම් අර යස අගේට කවා ගත්තේ"
"අනේ මේ,ගොං කතා නොකිය යනවද මෙතනින්.ආවා මෙතන කපුකම් කරන්න."
"ළගදිම අපිට මගුලක් කන්න පුළුවන්...." යි උද්‍යෝගයෙන් කියමින් ඈ කාමරයෙන් පිට වූවාය.

"අම්මලත් ඔහොමද දන්නෑ හිතාගෙන ඉන්නෙ" මම මගෙන්ම අහගත්තා.

ඊළගට මම මේස උඩින් තියපු ලියුම් කෑල්ල ගත්තා.ඊළගට තාත්තා ඒවිද දන්නෑ.මම ලියුම කියවන්න ගත්තා.

"අයියේ,මං අයියා ගැන හොයන එක ගැන අයියා වැරදියට හිතන්නේ ඇයි?පුංචි කාලේ සෙල්ලම් කරද්දි අයියා හැමතිස්සෙම මගේ ළග හිටියේ.දැන් මං පැත්ත පළාතක එන්නෙ නෑ.අයියට කවුරු හරි ඉන්නව නම් කියන්න.මං අයියා ගැන හොයනවට අයියා අකමැති ඒකනේ.අයියා ගැන හොයන්නැතුව ඉන්නම්.උදේට ඇළ ළගට එන්න."

"දැන්නේ මතක් වුණේ.පුංචි කාලේ

image