ගීතේ හා ෂැගී විසින් පසුගිය මැයි 18 දින සාම යාගයේ සුරතාන්තය නමින් ඔවුන්ගේ සංගීත සම්භාෂණය පැවත්වුවා. මුලින්ම ගෝෂාට ස්තූති කරන්න ඔ්න ලංකාවේදී මේ විදියේ ලයිව් එක්ස්පීරියන්ස් එකක් අපිට ලබා දිපු එක ගැන.

ගීතේව ෂැගීව මම දන්නේ අවුරුදු 10ක විතර ඉ`දන්. ඒ වාමාංශික දේශපාලන අවකාශයෙදි. ඔවුන් මේ ගමන ආපු විදිය අපි බලන් හිටියා. ගීතේගේ හා ෂැගීගේ දේශපාලනය ගැනකතා කරනවට වඩා ඔවුන් ගොඩනගපු සංගීතය ගැන පොඩි අදහසක් කියන්න ඔ්නි. දේශපාලනය ගැන අපි හමුවුණු වෙලාවක කතා කරමු. ගෝෂා මුල් කාලීනව ගීතයට හා ලිරික්ස්වලට මුල්තැන දීලා ආපු ගමන ගැන මට විශේෂ පැහැදීමක් තිබුණෙ නැහැ ඇත්තටම. අපි හමුවුණ තැන්වලදි මේක කතා කරලත් තියෙනවා. මට මතක හැටියට දැනට අවුරුදු 3කට විතර පෙර ඉදන් ගෝෂා තමන්ගේ සංගීත ගමන ඇතුළේ සංගීතය හා ශබ්ධ වලට තියපු බර එන්න එන්නම වැඩි කරා.

බොහෝ වෙලාවට අපි නොදන්න සංගීත භාණ්ඩ, ඔවුන් විසින්ම නිශ්පාදනය කරපු භාණ්ඩ, තමන්ට අවශ්‍ය ශබ්ද නිෂ්පාදනය කරන්න යොදා ගත්තා. මේ රස්තියාදු ගමනත් එක්ක ගෝෂා ඊට පෙර තමන්ගේ සංගීත ගමන ස`දහා යොදාගත් ජනකවි ආර, ටිප්පනි හා වැළපුම් ගී ආර ඇතුළු සංස්කෘතික අභ්‍යන්තරයේ තිබෙනු ශබ්ද හා වොයිස් ටේස්ට් එක වර්තමාන භාවිතයන් දක්වා තියාගත්තා. අපි දන්නවා ලංකාවෙ වැනි ඝර්ම කලාපීය රටවල විශාල ශබ්ධ පරාසයන් තිබෙනවා වර්ථමාන සංගීත භාවිතයන්ට යොදානොගත්ත. ගෝෂාගේ උත්සාහය ඇතුළේ ඉතාම ඓන්ද‍්‍රීය, ආත්මීය ශබ්ධ හා ස්වර රටා අපිට ඇහෙන්න ගන්නවා. බොහෝ වෙලාවට අපි අහපු ප්‍රෝගසිව් ට‍්‍රැක් ලංකාවේ ඒවා නෙවෙයි. ඇහුවත් අහන්න තියෙන්නේ ඉලෙක්ට්‍රොනික් ට‍්‍රාන්ස්. විශේෂයෙන් ෆෝක් ප්‍රෝගසිව් ඒවා ලංකාවෙන් අහන්න ලැබෙන්නේ නැහැ.

අපිත් බලන් හිටපු එකක් තමයි මේ මියුසික් ජර්නි එක අපිට ලංකාවෙන් කොයි විදියටද අහන්න ලැබෙන්නේ කියලා. විශාල සංගීත භාණ්ඩ ගණනාවක්, විශාල ශබ්ද ගණනාවක් එක්ක තමන්ගේ සංගීත සංරචන සිතියටම ඇතුළත් කරගන්නවා කියන්නේ ඒක විශාල වැඩක්. ඉතාම අමාරු වැඩක්. ජීවිතෙන් වන්දි ගෙවන්න ඔ්නි තරම් දෙයක්. ගීතේත් ෂැගීත් මේ ගමන එන්නේ ඉතා වියුක්තවත් නෙවෙයි කියලා අපි දන්නවා. මියුසික් ගෝෂාගේ ලයිෆ් පැටර්න් එක කරගත්තා. ඒ ලයිෆ් පැටර්න් එක ලංකාව ඇතුළේ අලුත් විලාසිතාවක් වෙනවට කිසි සැකයක් නැහැ. මෙතන තිබෙන තවත් ලස්සන පොයින්ට් එකක් තමයි. ඉතාම පර්ෆෙක්ට් ස්මූත් සංගීත නිර්මාණයක් නොවී ඉතාම ප‍්‍රතිවිරුද්ධ, එකිනක ක‍්‍රැක් වෙන, මියුසිකල් ජර්නි එක කඩා බි`ද දමන ශබ්ධ සහ ආතක් පාතක් නැති විදියට ඔ්ෆ් නොට්වල දාන සෙල්ලම. මේක ඉතාම අමාරු කාර්යයක්. මියුසික්වලට අනුව ගත්තොත් රස්තියාදුකාරයන්ගේ වැඩක්. ඒකට බය නැතිවෙන්න ඔ්නි. මියුසික්ඇතුළෙ ඊගෝ කඩා ගන්න ඔ්නි. ලංකාව වගේ හොද සංගීත සංස්කෘතියක් නැති තැනක මේ වගේ දෙයක් බිහි කරනවා කියන්නේම චැලෙන්ජ් එකක්.

මේක මියුසිකලි ගත්තොත් එහි ඩඩාවාදී ආකෘතියක්. මේ චැලේන්ජ් එක ගත්තු එකට ගීතෙට සහ ෂැගීට රෙස්පෙක්ට් කරන්න ඔ්නි. ෆෝක් ප්‍රෝග‍්‍රසිව් ලංකාවට අලුත් වගේම මේ දාන සෙල්ලමෙන් ඒකට සයිකොඩලික් ටේස්ට් එකක් දෙන එකත් හෙන අලුත් වැඩක්. ගෝෂාට යන්න තියෙන පාර හා ජයගන්න තියෙන චැලේන්ජ් එක තියෙන්නේ මෙතන කියලයි මට හිතෙන්නේ. ලංකාවේ සමාජය ෆෝක් ප්‍රෝග‍්‍රසිව් ඔ්න තරම් ඉල්ලයි. ඒකට ලොකු මාර්කට් එකකතුත් තියෙයි. ඒත් මම කැමති සහ සංගීතයේ අමාරු කාර්යය ඒකේ සයිකොඩලික් ටේස්ට් එක තියාගන්න එකට. අපි දැකලා තියෙනවා ඩඩාවාදී පේන්ටින්ග් එකක් වුණත් ඒක කොච්චර පර්ෆෙක්ෂන් එකක් ඇතුළෙද ස්ථාන ගත කරන්නේ කියලා. ගීතෙටත් ෂැගීටත් මෙන්න මේ යෝජනාව මට තියෙනවා. මේ සයිකොඩලික් ටේස්ට් එක තව ටියුන් කරගමු. මේක කියන්න හදිස්සි වැඩියි කියලා හිතුනත් අවස්ථාව ආපු වෙලාවෙම කියන එක හොදයි. ලංකාවේ ගොඩක් අය (මම කියන්නේ මේන් ස්ට‍්‍රීම් එකට මේවා යද්දී) කියයි ඒක අතාරින්න කියලා. මේක දැන්ම ජයගත්තොත් ලංකාවේ ලයිව් සයිකොඩලික් ෆෝක් ප්‍රෝග‍්‍රසිව් ඉතාම හො`ද මට්ටමකට එනවා.

නැතිනම් අපි ලංකාවේ සාමාන්‍ය සමාජය ඉල්ලන තැන හිරවෙන්න නියමිතයි. ලංකාවේ මියුසික්වල රැුඩිකල් ටෝන් එක එහෙමත් නැතිනම් රස්තියාදු ටෝන් එක නැතිනෙවා එහෙම උනොත්. ඒක සිදුවෙන්නේ ජීවිතය සංගීතය ප‍්‍රාග්ධනය පිළිබ`ද ගෝෂාගේ පක්ෂපාතීත්වය පෙනී සිටීම වැනි ජීවිතය පිළිබ`ද ව්‍යුහාත්මක හා දාර්ශනික තැනකින් කියලයි මට හිතෙන්නේ. ඒ තැනට ගෝෂා සීරියස් වෙන තැනට සාපේක්ෂව ඊට අනුරූපීව සංගීතයේ රැුඩිකල් මානයන් ස්පර්ශ කරාවි. එහෙම වෙන්න කියලා යෝජනා කරනවා. එදා රාත‍්‍රිය මීට පෙර තිබුණු මියුසිකල් ගිග් වලට වඩා ඉතාම විශේෂ රාත‍්‍රියක්. ඒකට සැලියුට් කරන්න ඔ්න ගීතෙටයි ශැගීටයි බේකරියේ සෙට් එකටයි. සවුන්ඩ්, ස්ටේජ් වීඩියෝ කන්සෙප්ට්, ලයිටින් සිරාවටම තිබුණා. දවස් ගාණක් ගිහින් හරි මේක ලියන්න හිතුනේ මගේ අදහස කියන්න ඔ්නි කියලා හිතුණ නිසා. ගෝෂා සහ බේකරියේ සෙට් එක 18 වෙනිදා දීපු එක්ස් පීරියන්ස් එකට සැලියුට් එකක් විදියට. ඔහොම යමු. ලංකාවේ විකල්ප සංස්කෘතික අවකාශයට ජය.!!!
#KALAGOTTI #GHOSHA #BakeriyeKattiya

imageimage