නුබෙන් තොර ලොවක් හිතනවත් බැහැනේ

ආදරේ.... සල්ලි නිසා වෙනස් වෙනවා නම්... ඒ ආදරේ තාවකාලික වෙන්න තියන ඉඩ ගොඩක් වැඩි...

නුබෙන් තොර ලොවක් හිතනවත් බැහැනේ 


හෙලෝ.....
ඔව් බබා.... මොකද කරන්නේ..

කොහෙද ඉන්නේ චරිත්..

ගෙදර මැණික...
ඇයි හදිසියේ....

ඒ මොකද දැන් මට කතා කරන්නත් වෙලාවක් වෙන් කර ගන්න ඕනද?

එහෙ ම කිවේ නැහැනේ... ඉතින්...

හරි හරි.... හෙට මට මිට් වෙන්න ඕනා.. 
මට අනිද්දා පාටියක් තියනවා..
ඇදුමක් ගන්න ඕනා.. 
ඇවිත් අරන් දෙන්න... 
වැඩි වෙලා මට ඉන්න බෑ...

මටත් ඔයාව හම්බවෙන්න ඕනා බබා..
ටිකක් ඉන්න බලාන එන්නකෝ..

අනේ මට වැඩි වෙලාවක් ඉන්න නම් බෑ..
ඔයාට පුලුවන්ද බැරිද කියන්නකෝ මට ඇදුමක් අරන් දෙන්න

තවම මට පඩි හම්බ උනෙත් නැහැනේ... 
අනික බබෝ ඔයා ගිය මාසෙත් 10-15 ක ඇදුම් ගත්තා නේද අන්තිමට අපි හම්බුනා දවසේත්....

ඒවා යාළුවො එක්ක එලියට යනකොට ඇන්දා..
හෙට නයිට් අවුට් එකක්...

කාත් එක්කද?

ඔයාට මොනවටද චරිත් ඒවා.. මම ඔයාගෙන් අහනවද ඔයා මොනවද කරන්නේ කොහෙද යන්නේ කියලා.

ඔයාට බැරි නම් කියන්න මම කාට හරි කියන්නම්...
එක්කෝ අපි මේක නවත්වලා දාමු.,
කෙල්ලට ඇදුමක් අරන් දෙන්න බැරි කොල්ලෙක්ගෙන් මොනවටද?

මොනවද නිශා ඔය, ඔයා කියන්නේ..
මම කිවේ ඉතින් මට තාම පඩි ලැබුනේ නෑ කියලනේ.
මම ඔයා වෙනුවෙන් මොනවත් කරන්නේ නෑ වගේ කතා කියන්නේ ඇයි..

මට ඒවා වැඩක් නෑ.. සල්ලි නැතිනම් මොනවා හරි කරලා හොයාගෙන හෙට මට ඇදුමක් ගන්න මිට් වෙන්න.ඔයාට එන්න බැරි නම් කියන්න. මම ගන්නම් ගිහින්.. ඔෆිස් එක ගාවට 10 වෙනකොට එන්නම් මම...

10 වෙනකොට..... ඒ වෙලාවට මට එලියට යන්න බෑ කියලා ඔයා දන්නවනේ...

එකට කමක් නෑ. ඔයා සල්ලි ටික දෙන්න. 
මට වෙන වෙලාවක් නෑ එන්න..

මම තිබ්බා. 10ක් විතර දෙන්න හෙට උදේට

----------------------------
මම ඔෆිස් එක ලග ඉන්නේ චරිත්.. සල්ලි ටික හරිනේ..
මම එන්නද උඩට. නැතිනම් ඔයා එනවද පහලට

ඉන්න ඉන්න .... මම එන්නම්...

හ්ම්ම්ම් කෝ සල්ලි....

අනේ නිශා සොරි... මට 10 ක් නම් හොයා ගන්න උනේ නෑ මෙතන 6ක් තියනවා..

මොනවද චරිත්.... 6 ද තියෙන්නේ... ආව එකටත් පාඩුයි..
ඔයාට මගේ දේවල් ෆිල් කරන්න බැරි නම් කියන්න.. 
මොකටද මම එහෙම කෙනෙක් එක්ක ඉන්නේ..

රත්තරන්.. ඔහොම කියන්නේ ඇයි.. 
මම ඔයා වෙනුවෙන් මොනවත් කරන්නේ නෑ වගේ..
අනික ආදරේ කියන්නේ සල්ලි ගන්න එක විතරද?
අපි මිට් වෙලා කතා කරපු දවසක් මතක නෑ...

අහ්හ් ෆෝන් එකෙන් කියන බණම මෙතනත් කියන්න පටන් ගත්තාද?
මම යනවා එහෙමනම්. 
පරිස්සමින් ඉන්න...

----------------------------
මචන් , චරිත්....
උබලගේ පවුල් ප්‍රශ්න වලට මම මැදිහත් වෙන්න බෑ තමා..
එත් නිශා උබව පාවිච්චි කරනවා විතරයි බන්..
මම දැකලා තියනවා එකී තව කොල්ලෙක් එක්ක රවුම් ගහනවා. මම හිතුවේ උබලගේ සම්බන්දයක් දැන් නෑ කියලා.
එත් දැන් එකී ඇවිත් ගියා නේද?

හ්ම්ම් මටත් තේරෙන්නේ නෑ බන්. එකී මාව මුණ ගැහෙන්නෙත් නෑ.... එත් අනේ මන්දා මට ඒකිව අමතක කරන්න බෑ බන්. මම ඒකිට ගොඩක් ආදරෙයි..

මේ එක නෙමේ... උබ ෆ්‍රී ද දැන්....
ඇයි මචන්...

වරෙන්කො යන්න.... 
මට සපත්තු දෙකක් ගන්න ඕනා..

ලොක්කා මොනවත් කියයිද බං...

උබ යන්නේ මාත් එක්කනේ.. බය නැතිව වරෙන්...

මචන්.......... අර.... නිශා නේද?

හ්ම්ම්ම් ඔව් ඔව් නිශා තමා.. කවුද බන් අර එකී එක්ක ඉන්න හාදයා..

ඕක තමා බන් මම උබට කිවේ.. ඔය කොල්ලා එක්ක තමා කලින් දවසකත් මම දැක්කේ..

මම ගිහින් අහනවා බන්... පොඩ්ඩක් හිටපන්..

මොනවද බන් දැන් උබ ගිහින් අහන්නේ....

අහ්හ්හ් නිශා දැන් මාත් එක්ක කතා කරන්න වෙලාවක් නෑ කියලා සල්ලිත් අරන් ආවේ මේකටද?

හු ඉස් දිස් නිශා....

ඉ ඩෝන්ට් නො ඩාලිං...
ඉ තින්ක් හෙ හෑස් සම්තින්ග් රෝන්ග්...

ඉ විල් හැන්ඩ්ල් ඉට්...

මොනවද කියන්නේ... තමුසෙට පිස්සුද චරිත්...
මම කිවනේ මගේ වියදම් බලාගන්න බැරි කොල්ලෙක්ගෙන් මට වැඩක් නෑ කියලා.

වදයක් වෙන්නේ නැතිව යනවද?

මට ඔයාගෙන් තොර ජිවිතයක් නෑ... නිශා...

එහෙමනම් ගිහින් මැරෙනවා හලෝ.. 
මට මොකද? වදයක් වෙන්නේ නැතිව...

චරිත් යමු බන්.... 
මෙතන බොරුවට ප්‍රශ්න දාගන්නේ නැතිව...

අත ඇරපන් බන් මාව... 
මේ තරම් ආදරේ කරලා.... 
මට ඔහොම කරන්නේ කොහොමද බන්...

ඇයි බන්... නිශා ඔහොම කලේ මට....

අඩෝ... අඩෝ.... ඔන්න බලාගෙන බන්.....

ඩො.......... 

අඩේ.... චරිත් ඇස් ඇරපන් බන්... කතා කරපන්....

මම යනවා බන්.. නිශා නැති ජිවිතයක් මට එපා..
කෙල්ලෙක් නිසා ඔහොම මැරෙන්න ඕනා නෑ බන්. කෙල්ලට ගානක් වත් නෑ බං 
නැගිටපන්කෝ 

5439 Views