අපේ ලෝකේට පුතු ආවා

දස මාසයක් දුක් විදලා බබාගේ හිනාව දකිනකොට හැමදේම අමතක කරලා හිනා වෙන්න පුළුවන් ජිවිතයක් නම් ඒ අම්මා කෙනෙක්ටම තමා

විසල්.....
කොහෙද මහත්තයෝ... ඔයා

ඔයාට අමාරුද මැණික..
මම මේ එන ගමන්...
අනේ මම එනකන් අම්මා එක්ක හොස්පිටල් එකට යමුකෝ..... 
ටිකක් ට්‍රැෆික්...

අනේ පරිස්සමින් එන්න..
මට ඉවසගෙන ඉන්න පුළුවන්..
බබාත් ඔයා වගේමනේ ඉතින්...
දග මල්ලක්නේ.....

ඩොක්ටර් කිවේ තව දවස් දෙක තුනකින් ඇවිත් නවතින්න කියලනේ.. අද ඔයාට ගොඩක් අමාරු වෙලා තියෙන්නේ ඇයි....

බබාට තාත්තා ගාවට ඉක්මනට එන්න වෙලානේ එකවත් මෝඩයාට තේරෙන්නේ නැති හැටි...

විනාඩි 10යි බබා.... 
ඔයාට ගොඩක් අමාරුද?

ගොඩාක් අමාරු නැ මහත්තයෝ...
තාත්තාගේ කටහඩ ඇහුන නිසාද කොහෙද පුතු ට 
නින්ද ගිහින්ද කොහෙද?

--------------------------------

තරුෂි......

ඔයා ආවද මහත්තයෝ....

ඔයාට ගොඩාක් අමාරුයි වගේ... 
අපි යමුද?

හා මහත්තයෝ...
අම්මා ඔක්කොම ඕන කරන දේවල් ලැස්ති කරලා තියෙන්නේ... මහත්තයට පුළුවන් නේද උස්සගෙන යන්න..

ගිය සතියේ ගෑස් ටැංකිය උස්සගන්න බැරි උන එකේ අද මාවයි පුතුවයි උස්සගන්න පුළුවන් වෙයිද?

බැරි වෙන්නේ නෑ තරු බබා...
මොකද එකට වැදගත් හිතේ තියන කැමැත්ත..
ඔයයි උපදින්න බලාන ඉන්න පුතු පැටියයි තම මගේ ලෝකෙම..

එක නෙමේ මැට්ටෝ... දැන් ඉතින් ඩොක්ටර් පුතු පැටියෙක් කීවාට මොකද වෙන්නේ දුවෙක් උනොත්...

ඉතින් අනේ එත් මගෙනේ... කවුරු උනත් මගේ ලෝකේ තමා ඒ..

අහ්හ්හ් මෙන්න වැඩක්... කවුරු ලෝකෙට ආවාත් ඔයාගේ ලෝකේ මුලටම ඉන්න ඕනා මම හරිද මහත්තයෝ...

එක වෙනස් වෙන්නේ නෑ...

ඔහ්හ් ඔහ්හ් බලාගෙන බලාගෙන මහත්තයෝ....

ඔයාට වැටෙන්න දෙන්නේ නෑ රත්තරන්..
බය නැතිව ඉන්නකෝ...

ඉක්මනට යමුද මහත්තයෝ.....
ටිකක් අමාරුයි වගේ.....

-------------------------------
ඩොක්ටර්.......
ඩොක්ටර්....... 
වය්ෆ් ට ටිකක් අමාරුයි වගේ බලන්නකෝ...

විසල්.... 
අනේ මට බයයි මහත්තයෝ....

බය වෙන්න එපා තරු.... 
මම ඉන්නවනේ ඔයා ලග...

හ්ම්ම්ම් මාව තුරුල් කරගන්නකො මහත්තයෝ...

හරි මැණික..... 
දැන් ඩොක්ටර් ඔයාව බලලා ගනිවිනේ ඩිලිවරි එකට..

මහත්තයාත් එනවා නේද මාත් එක්ක...

ඔව් තරු... 
ඔයා ලගින් කොහෙවත් යන්නේ නෑ.....

මගේ ලගටම වෙලා ඉන්න බබා....

හරි තරු.....

-------------------------------

අනේ ඩොක්ටර්....
තරුට ගොඩාක් අමාරුයි වගේනේ..

තව ගොඩාක් ඉවසගෙන ඉන්න ඔනාද? ඩොක්ටර්

පලවෙනි බබා නේද විසල්..
ඩිලිවරි සිය ගානක් කරපු මමත් මගේ වයිෆ් ගේ ඩිලිවරි එකේදී ඔහොම තමා.. 
හිතට ලොකු බයක් දැනෙනවා...
එත් බය වෙන්න එපා
අපි පුළුවන් ඉක්මනට වැඩ ටික කරලා දෙන්නම්...

------------------------------------ 

තරු....

කෝ මහත්තයෝ පුතු පැටියා...

ඔයාට කොහොමද මැණික....
ඔයා ගොඩාක් ලොකු වේදනාවක් වින්දා රත්තරන්...
මට බලාන ඉන්න එක දරාගන්න අමාරු තරම්...

අපි වෙනුවෙන්නේ මහත්තයෝ.... 
මේ ඉන්නේ ....... 
හොර ගෙඩියා...
අම්මාට වද දුන්නා නේද ඇතුලට වෙලා...
පුතුගේ මුණ දැක්කා විතරයි හැම වේදනාවම අමතක වෙලා ගියා විසල්..

පුතු ට තියෙන්නේ ඔයාගේ මුණම තමා මහත්තයෝ..

හ්ම්ම් ඒ උනාට නහය ඔයා වගේ නේද? 

මෙන්න මෙන්න හිනා වෙනවා.... 
අනේ මහත්ත්යෝ... හරි හුරතල්...

ආදරෙයි මගේ තරු...


( බබෙක් ජිවිතේට එනවා කියන්නේ ඇත්තටම ජිවිතේ අලුතෙන් ඉපදෙනවා වගේ දෙයක්... රස්සාවල් වලට එක එක හේතු වලට හිර වෙලා ජිවිතේ විදින්න තියන දේවල් ගොඩාක් මග හැරිලා වගේ... අම්මා කෙනෙක් වෙනකොට ගොඩක් කැප කිරීම් කරන්න වෙනවා පිරිමි කෙනාට වඩා ගැහැණු කෙනාට. දස මාසයක් දුක් විදලා බබාගේ හිනාව දකිනකොට හැමදේම අමතක කරලා හිනා වෙන්න පුළුවන් ජිවිතයක් නම් ඒ අම්මා කෙනෙක්ටම තමා.. බිරිද ජිවිතේ වටිනාම වස්තුව වෙන්නේ සැමියාට තමන් වෙනුවෙන් ඒ කැපකිරීම් කරලා ජිවිතේ විදින තැනට අරගෙන එන්න පුළුවන් එකම කෙනා නිසා.. )

 

3703 Views