ආදරෙයි ආදරී.

නදී ලියපු කතාවක්.

" මෝඩි අයින් වෙනවා, අද ඔෆිෂ් යන්න පරක්කු වෙනවා "

" ඔයා හැමදාම ඔෆීස් යනවානේ ඉතින්. අද මාතෙක්ක ඉන්නකෝ මේම තුරුල් වෙලා "

" අනේ මගේ සුද්දී අද ඉන්න පුළුවන් නම් ඉන්නවා. ඒත් අද මං යන්නම ඕන වස්තුවේ, මාව අතාරින්නකෝ "

" බෑ ඉන්න මහත්තයෝ "

" අනේ මැණික කෝ මට යන්න දෙන්නකෝ "

අතාරිනවා වෙනුවට මගේ බඩ වටෙන් අත දාලා සුද්දී මගේ බඩ උඩින් ඔළුව තියාගත්තා. කොච්චර පරක්කු උනත් කොහොමද මේ පිස්සිව දාලා මං යන්නේ. කෝකටත් මං ෆෝන් එක අරන් අපේ බොස්ට එන්න විදියක් නෑ කියලා මං කීවා. ලොකුවට මොකුත්ම නොකිවාත් මං නැති වෙනවාට බොසා කැමති නෑ. මගේ බඩට මුණ තියාන සුද්දී හොදටම නිදි. කෙල්ල මෙහෙම ඉන්නේ මොනාහරි අමාරුවක් තියෙනවා නම් තමා. නැත්නම් උදේම මාව ඇහැරවලා වැඩට යන්න ලෑස්ති කරන්නෙත් සුද්දිමයි.

තේකක් හදන්න ඕන උනත් මේ පිස්සු කෙල්ල ඉන්න විදියට නැගිටින්නත් බෑ. මගේ ඒ නලල් තලාවට දිග උම්මා එකක් දුන්නා. එතකොට කරේ මාව තවත් තද කරලා බදාගත්තා. හිමින් සැරේ කෙල්ලව ඇදෙන් තියලා බාත් රූම් එකට ගියේ මුණ හෝදන් තේකක් හදාගන්න. ඒත් බාත් රූම් එකේ කෑම කැලි. දෙයියනේ සුද්දිට මොනාහරි වෙලාවත්ද? මූණ බාගෙට හෝදන් මං ආයේ අපේ රූම් එකට එබුණා. සුද්දී මගේ කොට්ටේ බදාගෙන සනීපෙට නිදි. හිතට දැනුන ආදරේ හින්දාම මං ආයෙත් කම්බුලක් ඉඹ ගත්තා.

අපි දෙන්නා මැරි කරලා දැන් අවුරුදු දෙකක් විතර ඇති. ඒත් අපි කවදාවත් රණ්ඩු වෙලා නෑ. ගොඩාක් ආදරෙන් තමා උන්නේ. ඒත් සුද්දී ඇයි මෙහෙම ඉන්නේ කියනෙකට මට බය හිතුනා. කෙල්ලට ලෙඩක්වත් ද? තේ දෙකකුත් හදාගෙන වතුර වීදුරුවකුත් අරන් මං කාමරේට ගියා. නිදන් ඉන්න විදියට ඇහැරවන්න හිතුන් නැති උනත් මං කෙල්ලව ඇහැරෙව්වා.

" සුද්දී නැගිටින්න මැණික... ආ කට සෝදන් මේක බොන්න "

නිදිමතේ මං දිහා බලන් ඉදලා ආයෙමත් පොඩි එකෙක් වගේ තුරුල් උනා. මේ හුරතලේ නිසාම අපි අතර ප්‍රශ්නයක් උනේ නැති තරම්. තව විනාඩි ගානක් මගේ තුරුලේ ඉදලා සුද්දී නැගිටලා මූණ සෝදන් ආවා. මං හිටියේ බිත්තියට හේත්තුවක් දාගෙන. මගේ ඉස්සරහින් මගේ පපුවට හේත්තුවක් දාන් සුද්දී ඉදගත්තා.

" ,බබා "

" ම්ම්ම්, "

" මොනාහරි අමාරුවක් තියෙනවා ද? "

එහෙම අහලා තත්පරයක් යන්න ඇති කෙල්ල ආයෙමත් වමනේ දැම්මා. ඇත්තටම මං බය උනා. පුළුවන් ඉක්මනට සුද්දිව ලෑස්ති කරන් මගේ හොදම යාළුවා ශාක්‍ය හොයන් ගියේ. ඌ ඩොකෙක්

" ආහ්... චතුවා, උදේම වරෙන් මචං, මොකෝ මුණත් එක්ක කළු වෙලා "

" සුදුට සනීප නෑ මචං, වමනේ දානවා "

ශාක්‍යගේ මූණට ආවේ තෘප්තිමත් හිනාවක්. ඒක මොකක්ද කියලා මට තේරුම් ගන්න බැරි උනා.

" සුදුව එක්කන් වරෙන්කෝ "

මං සුද්දිව වත්තන් කරන් ආවා. ශාක්‍යගේ මූණේ තිබ්බ හිනාවේ වෙනසක් උනේ නෑ. ඌ සුද්දිව හොදටම බැලුවා. ටෙස්ට් එකකුත් කරා. ඌ හිනාවෙලා මගේ උරහිස තද කරා.

" My Congratulations  මචං ".

" ශාක්‍ය "

" උඹ අප්පච්චි කෙනෙක් වෙන්න යන්නේ "

" මොනවා මචං, සුදු මැණික "

මං හිතට ආපු සංතෝෂෙට සුදු වඩාගෙන වටයක් කැරකුනා. සුදු එක්ක මං ආවේ හරි පරිස්සමින්.පඩි පෙලවත් නගින්න දුන්නෑ මං. අල්මාරිය ඇරපු සුදු ෆයිල් එකක් මගේ අතින් තිබ්බා. ඒ ෆයිල් එකේ තිබ්බේ මගේ කම්පැනි එකේ මට නැති උන අයිතිය මගේ නමට ආයෙත් හරවලා. මේ කෙල්ල කොහොමද මෙහෙම දෙයක් කරේ 

" සුදු "

" ලෑස්ති වෙන්නකෝ "

මගේ අතින් කළු කලිසමයි ලා කහ පාට ෂර්ට් එකයි තිබ්බා. මං ඒක ඇදගද්දි ලා කහ පාට සල්වාර් එකක් ඇදගත්තු සුද්දී ඇවිත් කළු ටයි එකක් දැම්මා.

" යන් "

" බබා "

" යන්කෝ "

අපි ආවේ මගේ කම්පැනි එක ගාවට. කහ පාටින් සරසලා තිබ්බා. මගේ ඇස් දෙකට කඳුළු පිරුනා. අපි දෙන්නා විතරක් නෙවෙයි පවුලේ හැමෝම හිටියා.

" සුදු "

" අනුන්ගේ ඔෆිෂ් වලට උදේම දුවන්න බෑ හොදේ, අපි දෙන්නා ගාව තාත්ති ඉන්නොන "

බඩට මගේ අත තියලා සුද්දී කීවා. ඇත්තටම මට ජීවිතේ දැනුනා.

" ආදරෙයි මැට්ටි "

එහෙම කීවාම තුරුල් උන සුද්දිව ඉඹගෙන ඉඹගෙන ගියා.

#නදී ලියපු කතාවක්. 

 

Bukiya.lk කියන්නේ අපි අලුතෙන්ම හදපු ලංකාවටම ගැලපෙන සමාජ ජාලා වෙබ් අඩවියක්. චැට් කරන්න, ප්‍රොෆයිල් එක තමන්ට කැමති විදිහට හදාගන්න වගේම මුනුපොතේ නැති අලුත්ම ගොඩාක් දේවල් අපි මේකේ දීලා තියනවා. තවම මේකේ මෙම්බර් කෙනෙක් වෙලා නැතිනම් ඉක්මනටම රෙජිස්ටර් වෙලා ඉඩක් වෙන් කරගන්න..

මෙතන තියනවා විස්තර 

8064 Views