මට ආදරෙයි ද ගෙම්බෝ..

පොලවේ ඉදන් අඩි 20000ක් 30000ක් උඩක QR 655 ✈ ක ඉදන්..ලිවේ

සදෙව්...

මට උබත් එක්ක බේරගන්න ලොකු දෙයක් තියනවා...

එහෙම කියාගෙන කැන්ටින් එකේ මම ඉදගෙන හිටපු බංකුව උඩ වාඩි උනේ මගේ ඉස්කොලේ අංක එකේ නහරකාරයා.. අවිශ්ක

මොකක්ද අවිශ්ක අයියා අවුල...

අවුල නේද?.... අවුල උබ දන්නවානේ මට දෙයක් ඕනා උනොත් මම එක කොහොමහරි කරනවා කියලා..

ඉතින් දැන් මොකක්ද මගෙන් ඕනා වෙලා තියෙන්නේ. මෙන්න වැන්දා මම ඒ ජාතියේ නම් නෙමේ..

උබට පිස්සුද සදෙව්. අනික මට එහෙම දෙයකට කොල්ලෙක් ඕනා උනොත් උබට වඩා ඇගපත තියන කොල්ලෙක් හොයා ගන්නවා..
මේකයි වෙන්න ඕනා සදෙව්...

අවිශ්ක කියන්නේ දෙයක් ඕනා උනොත් කොහොමහරි දෙයක් කරන ජාතියේ කොල්ලෙක් කියන එක ඉස්කොලේ විතරක් නෙමේ අහල පහල හැම තැනකම හැමොම දන්නදෙයක් වෙලා තිබුනා. ඇත්තටම අවිශ්කට මොනවාත් කරන්න බැරි අවුලක් තිබුනේ නැ. මොකද අවිශ්කගේ තාත්තා ලංකාවේ ලොකුම බලයක් තිබුන දේශපාලකයෙක්

ඔව් අවිශ්ක අය්යා මොකක්ද වෙන්න ඕනා..

සදෙව් දන්නවානේ.. මට මෙහේ කරන්න බැරි දේවල් මුකුත් නැ කියලා.. ඒත් මට ඕනා මට තියන බලය පාවිච්චි නොකර..,

ඇයි උබ හිනා වෙන්නේ.. මම දන්නවා සදෙව්.. ඔව් ඔව් බලය තියෙන්නේ මට නෙමේ මගේ තාත්තාට තමා. ඒ උනාට මටත් පාවිච්චි කරන්න පුලුවන් දේවල් එකේ නිල නොවන විදිහට තියනවා කියන එක උබ දන්නවානේ..

හරි හරි අය්යා ඉතින් මොකද දැන් වෙන්න ඕනා...

මේකයි කෙලින්ම කියනවානම් මට ඕනා හසිනි එක්ක සම්බන්ධයක් පටන් ගන්න. මම දන්නවා ඒකි උබේ හොදම යාලුවා කියලා..
මම බලය පාවිච්චි කරලා ඒකිව
මගේ ලගට ගන්න කලින් උබට කියලා බලන්න ආවේ..

මෙකයි අවිශ්ක.. උබ ගැන මෙහෙ නොදන්න කෙනෙක් නැහැනේ අනික කෙල්ලෝ කියන්නේ උබට සෙල්ලම් බඩුනේ..
ඒකට වෙන කෙල්ලෙක් හොයා ගනින් මම ඉන්නකන් උබට හසිනිට අත තියන්න දෙන්නේ නෑ..

එහෙමද මල්ලි..
මට හරියට ඒක දැන ගන්න තමා ආවේ..
හිතාගනින් උබෙත් කාලේ ඉවරයි කියලා.
පරිස්සමින් ඉදපන්. හසිනි එක්ක තියන හැම සම්බන්ධයක්ම අද මේ මොහොතේ ඉදන් නවත්වන්න ඕනා.. එහෙම නොකර වෙන දේවල් වල වගකිම උබම ගනින් සදෙව්

හසිනි...
මට ඔයා එක්ක කතා කරන්න ඕනා.
ඇයි සදෙව්. මොකද..ඔය ඔයාගේ මුනත් රතුවෙලා
හසිනි ඔයාට ලගදි අවිශ්කව මිට් උනාද?
අවිශ්කව..
නැ සදෙව් මම කතා කරලා නැ කවදාවත් ඒ රස්තියාදුකාරයා එක්ක
ඇයි එහෙම ඇහුවේ..

මේක කිවාට බය වෙන්න එපා.. මම ඉන්නකන් ඔයාට මොනවාත් වෙන්න දෙන්නේ නැ..
මොකද මිනිහාට ඔයා එක්ක නිදාගන්න ඕනා වෙලා..
මොකක්..
මෙනෙවාද සදෙව් මේ ඔයා කියන්නේ..
ඔයා බයවෙන්න එපා හසිනි...
කොහොමත් අපි ලගදිම මෙහෙන් යනවානේ පිටරට.
එතකන් පරිස්සමින් ඉන්න එක තමා වැදගත්.අපි පරිස්සම් වෙමු. මම ඔයාට මොනවාත් වෙන්න දෙන්නේ නැ හසිනි..

මට ඔයාව හැමදෙනෙක්ටම වඩා විශ්වාසයි සදෙව්...

උබ මම කියන දේ ඇහුවේ නැ නේද සදෙව්..

මට ආරන්චි උන විදිහට උබලා දෙන්නා හෙට අනිද්දාම රටින් පිට යනවාලුනේ..
ඒ කියන්නේ අදම මේ වැඩේ කරගන්න වෙනවා මට
හසිනි..
උබට මු මොනවා හරි කියන්න ඇතිනේ.. මුගේ ජිවිතේ ගැන ආදරයක් තියනවානම් අර මගේ වාහනේට නැගපන්..
හසිනි ඔහෙම ඉන්න..
සදෙව් උබට වටින්නේ උබේ ජිවිතේද නැතිනම් මේ කෙල්ලද කියලා තිරනය කරපන්..

මට මොනවා උනත් කෙල්ලට මොනවාත් වෙන්න දෙන්නේ නැ අවිශ්ක උබට පුලුවන් දෙයක් කරපන්..

මුගේ කට වැඩි..
මූට ගහලා ඔය කානුවකට විසි කරලා දාපන්...දාලා ඔය කෙල්ලව අරගෙන වරෙන්. උබලාට මම පාවිචිචි කලාට පස්සේ දෙන නිසා බය නැතිව වැඩේ කරපන්

⁣අනේ සදෙව්
බය නැතිව ඉන්න හසිනි

වරෙව් යකෝ
ඇවිත් පුලුවන් නම් කෙල්ලට අත තියලා පෙන්නපන්..

මොනවාද යකුනේ කරන්නේ උබලා හතරදෙනාට ඔය එකෙකුට ගහන්න බැරිද?...
මගුල...
සදෙව් උබ දැනට බේරැනා කියලා හිතපන්..
ඉක්මනටම මම ආපහු එනවා..
පරිස්සම් වෙලා ඉදපන්..

අනේ සදෙව්... ඔයා තුවාල වෙලා..
මට පොඩ්ඩක් තුවාල උනාට ඔයාට අත තියන්න දුන්නේ නැහැනේ හසිනි. ඒත් අපි මෙහෙ ඉන්න එක හරියන්නේ නැ. කොහෙට හරි යන්න වෙනවා. මම ගෙවල් වලට කියන්නම්.. මාත් එක්ක යන්න බය නැ නැ නේද හසිනි..

මොනවාද පිස්සෝ කියවන්නේ.. මම ඔයා එක්ක අපායට උනත් එනවා.. ඒත් යාලුවෙක් වෙනුවෙන මේ තරම් දේවල් කරන්න එපා ගෙම්බෝ..

සදෙව් දෙයක් අහන්නද?
මොකක්ද හසිනි...

ඔයා

මට ආදරෙයිද ගෙම්බෝ

හ්ම්ම්...... හැම දෙයකටම වඩා..


Bukiya.lk කියන්නේ අපි අලුතෙන්ම හදපු ලංකාවටම ගැලපෙන සමාජ ජාලා වෙබ් අඩවියක්. චැට් කරන්න, ප්‍රොෆයිල් එක තමන්ට කැමති විදිහට හදාගන්න වගේම මුනුපොතේ නැති අලුත්ම ගොඩාක් දේවල් අපි මේකේ දීලා තියනවා. තවම මේකේ මෙම්බර් කෙනෙක් වෙලා නැතිනම් ඉක්මනටම රෙජිස්ටර් වෙලා ඉඩක් වෙන් කරගන්න..

මෙතන තියනවා විස්තර 

5735 Views