Torrent Files IDM එකෙන් Download කරන්නේ කොහොමද?

අද ඔයාලට කියන්න හදන්නේ Torrent Files Internet Download Manager (IDM) එකෙන් download කරන්නේ කොහොමද කියලා.

අද ඔයාලට කියන්න හදන්නේ Torrent Files Internet Download Manager (IDM) එකෙන් download කරන්නේ කොහොමද කියලා. Torrent download කරන හැමෝම දන්නවා torrent files වල download speed හොදටම අඩුයි කියලා. ඉතින් මේ ප්‍රශ්නය විසදාගන්න තියෙන හොදම ක්‍රමය තමයි මුලින්ම torrent එක online client එකකට download කරලා එතනින් අපි download කරගන්න එක.

මේකෙදි වෙන්නේ  අපි අපිට ඔනේ Torrent File එක  එයාලට කිව්වාම  එයාලා ඒ Torrent File එක එයාලගේ Server එකට Download කරගෙන Seed කරනවා. ඒ Speed එක ගැන නම් කියලා වැඩක් නෑ. ඊට පස්සේ එයාලා අපිට Direct Link එක දෙනවා. එතකොට නිකන් Direct download වෙනවා වගේ තමයි download වෙන්නේ.

අපිට online clients විදිහට පාවිච්චි කරන්න පුලුවන් වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් අන්තර්ජාලයේ තියෙනවා. මේ අතරින් Seedr.cc කියන්නේ ගොඩක් හොද වෙබ් අඩවියක්. මොකද අනික් ගොඩක් වෙබ් අඩවියක් වල free users ලට speed limit එකක් තියෙනවා. ඒත් Seedr.cc එකේ එහෙම speed limt එකක් නෑ. ඒවගේම තමයි මෙකෙන් අපිට 2GB storage space එකක් දෙනවා. ඒ කියන්නේ අපිට එක පාරකට 2GB size එකක් තියෙන file එකක් download කර ගන්න පුලුවන්. ඒ වගේම torrent එකේ ඇතුල බලලා ඕනි කරන files විතරක් download කර ගන්නත් පුලුවන්.

මේක කරන්න ගොඩක් ලෙසියි. මුලින්ම කරන්න තියෙන්නෙ Seedr.cc වෙබ් අඩවියට ගිහින් email එකකුයි password  එකකුයි දීලා free account එකක් හදා ගන්න එක. ඊට පස්සේ ඔයලට ඕනි torrent එක torrent site එකකින් හොයාගෙන ඒ චූටි file එක (.torrent file එක) download කරගෙන ඒක Seedr.cc site එකට upload කරන්න. Magnet link එකක් නම් ඒක copy කරලා Seedr එකට paste කරන්න. දැන් ඉතින් file එක  server එකට download වෙලා ඉවර වුනහම ඔයාලට ඒක IDM වලින් හරි වෙන මොකක් හරි එකකින් හරි high speed එකෙන් download කරගන්න පුලුවන්.

Link - https://www.seedr.cc

| Kasun Chaturanga | 2018.04.03 |