හිතට දුකයි රත්තරං - කෙටිකථා 01

කාලෙකට කලින් ලියන පිස්සුව තිබ්බ කාලේ ලියවුන කතා.. එකින් එක මේකට අරගෙන එන්න හදන්නේ..

සේපාලිකා....
ඔව් නිරංග....
උබ දන්නවා මම උබට ගොඩක් ආදරෙයි කියලා..
එත් මේ කියන්නේ එක හින්දා නෙමේ...
උබ මගේ යාලුවෙක් කියලා හිතලා...

මොකක් ගැනද නිරංග කියන්නේ...

කැම්පස් එකේ හැමෝම දන්නවනේ සේපාලිකා ඔයයි විහගයි
කියන්නේ ආදරේ කරන දෙන්නා කියල.
එත්...

එත් කියන්නේ.. පහුගිය ටිකේම අපි දැක්කා උබේ ෆිට් එක වාසනා...
විහග එක්ක එහෙ මෙහෙ යනවා හොරාට හොරාට.

අනේ මේ බොරු කියන්න එපා නිරංග.
ඔය කතා කිවා කියලා මම මගේ කොල්ලා ගැන සැක කරන්නේ නෑ
ඔයා බලාපොරොත්තු වෙන දෙයක් වෙන්නේ නෑ ඒවා දවස් හින විතරයි..

මම මොනවත් බලාපොරොත්තුවෙන් මේක කිවේ නෑ සේපාලිකා
ඔයා දැනගන්න එක හොදයි කියලා කිවේ.
විහග යි ඔයාගේ යාළුවයි ඔයාව රවට්ටනවා කියලා හිතුන නිසා

ඔය කිවා ඇති නිරංග.. ප්ලීස් මගේ පාඩුවේ ඉන්න දීලා යනවද?

--------------------------------------------------

හෙලෝ විහග....
ඔයා කොහෙද ඉන්නේ..
සේපාලිකා මම පොඩි වැඩක ඉන්නේ... පස්සේ ගන්නම්..

නිරංග කිව දේ පිලි නොගත්තත්... හිතට අවුල් වගේ... අනික් අතට ගත්තේ වාසනාට

හේ...ලෝ...... සේ....පා...ලිකා
කොහෙද වාසනා ඉන්නේ..
මම පස්සේ ගන්නම්.. පොඩි වැඩක ඉන්නේ...

මගේ බොක්කේ ෆිට් එක අවුරුදු ගානක් දුකට සැපට ලග හිටිය කෙල්ල කවදාවත් මට මෙහෙම කරලා නෑ
හැමෝටම හැමදේකටම වඩා අපි දෙන්නට අපි දෙන්නව වැදගත් උනා.
එත් අද මෙහෙම උනේ මොනවත් හේතුවක් නැතිව වෙන්න බෑ

විහගගෙන් කෝල් එකක්..
මගේ කොල්ලා මට බොරු කරන්නේ නෑ... මම දන්නවා එක කලින් වැඩක ඉන්න ඇති..

"සේපාලිකා."

ඔව් මහත්තයෝ.... ඔයා කලින් වැඩක ද හිටියේ..

ඔව් මමයි වාසනායි පොඩි වැඩක හිටියේ...
අපි දෙන්නට කියන්න දෙයක් තියනවා...

මොකක් ගැනද මහත්තයෝ....
සේපාලිකා.. මුලින් ඔය මහත්තයා මහත්තයා කියන එක නවත්වලා මම මේ කියන දේ අහන්නකො....

මොකක්ද ඔයා ඔය කියන්න හදන්නේ...

සේපාලිකා.... ඔයාගෙයි මගෙයි සම්බන්දෙ මම නවත්වනවා....
මම වාසනා එක්ක අලුත් ජිවිතයක් පටන් අරගෙන තියෙන්නේ...
අපිට මේක ඔයාට කියන්න ඕනා උනා කලින්ම.
එත් මොනවා හරි දෙයක් හින්දා ඔයා එක්සෑම් එක අනාගනී කියන බයට
මේක කියන්න අපි ටික දවසක් බලාන හිටියා..
මම දන්නවා වාසනා ඔයාගේ හොදම යාලුවා කියලා..
එත් ඇත්තටම වාසනා ඔයාට වඩා හොදට මගේ හැම අවශ්‍යතාවයක්ම තේරුම් අරගෙන තියනවා
මට මොනවගේන්වත් අඩුවක් වෙන්න දෙන්නේ නෑ ඒ කෙල්ල..
ඔයාත් ආයේ යාලු වෙන කොල්ලාට ඕනා කරන දේවල් දෙන්න සේපාලිකා..

මොනවද රත්තරන් මේ ඔයා කියන්නේ.. ඔයා වෙනුවෙන් මම මොනවද නොකළේ.
මොනවද කරන්න බැරි උනේ මට.
මගේ ජීවිතේම උනේ ඔයාව.
ඇයි මට එහෙම දෙයක් කලේ..
මම මොනවද ඔයා වෙනුවෙන් නොකළේ...

සේපාලිකා.....
මොකක්ද වාසනා මේ කරන්නේ..
මගේ ජීවිතේට විහගව කොයි තරම් වටිනවද කියන එක මට පස්සේ දන්නේ උබනේ..
ඇයි මට එහෙම දෙයක් කලේ...
ඇයි මගෙන් මගේ ජිවිතේ උදුරා ගන්නේ..
උබ හොදටම දන්නවා මට විහගහෙන් තොර ජිවිතයක් නෑ කියලා..

මට සමාවෙන්න.
එත් කරන්න දෙයක් නෑ. විගහ ආදරේ කරන්නේ මට.
මමත් විහගට ගොඩාක් ආදරේ කළා... උබ යාළුවෙලා ඉන්න කාලේ ඉදන්ම..
උබ එක එක දේවල් කියනකොට මම එකට අවස්තාවක් දැක්කා.
ඉතින් මම එක ප්‍රයෝජනයට ගත්තා...
එක දෙයක් කියන්න ගත්තේ..
විහග දැන් මගේ
ආයේ අයෙ කතා කරලා වදයක් වෙන්න එපා.

(මේ ඔප්ෂන් එක වෙනස්ම එකක්. අපි බ්ලොග් වල ලියන දේවල් වගේ. ඕනි දෙයක් කරන්න පුළුවන්. ෆෙස්බුකියේ ලියපු දේවල් මෙතන තියාගන්න කියලා හිතලා දවසට එක කතාව ගානේ දානන්ම්.. කැමති ඕන කෙනෙක්ට මේකේ එකවුන්ට් එකක් හදාගෙන ලියන්න පුළුවන්.. )

4743 Views