නුඹ මගේ... වර්ථමානයයි

ප.ලි : වැදගත් : පින්තුරේ කතාව එක්ක කතාව ගලපන්න එපා

නිෂු.... බබා...
මොකද කරන්නේ...
කාලා එහෙමද ඉන්නේ...

තාම කෑවේ නෑ රංග අයියා..
ඇගට ටිකක් හරි මදි වගේ.....

ඒ මොකද රත්තරන් ඒ....
උන ගන්නද ?

අනේ මන්දා මහත්තයෝ...
කන්න තරම් පිරියකුත් නෑ

එහෙම කියලා හරි යන්නේ නැහැනේ ළමයෝ...
කෝ කියන දේ අහලා දැන් නැගිටින්න...
අම්මා ඉන්නවා නේද ගෙදර..
තාත්තා නම් ජොබ් එකට ගිහින් ඇතිනේ.
හොද ළමයා වගේ නැගිටලා කාලා....
ගිහින් එනවද බේත් ගන්න..

මට බේත් බොන්න බෑ මහත්තයෝ.
අනික මේකට බේත් බිවාට හොද වෙන එකක් නෑ..

අහ්හ් හොර කෙල්ල.. 
දැන් ඉතින් ඔය කියන්න හදන්නේ 
අද මිට් වෙන්න ඕනා කියලානේ..

ඔව් මහත්තයෝ....
මුණ ගැහිලා මට දෙයක් කියන්න තියනවා.
ඊට පස්සේ ඔයා කැමති තීරණයක් ගන්න.

මොනවද රත්තරන් ඔය ඔයා කියන්නේ.
මොනවා ගැනද කැමති තීරණයක් ගන්න කියන්නේ..
අපි මේක පටන් අරන් තාම මාස 6ක් විතර තමා
එත් අතරමග නවත්වන්න නෙමෙනේ පටන් ගත්තේ..

එක මම දන්නවා මහත්තයෝ.. 
ඔයා මුණ ගැහෙන්නකෝ..
අනේ අද පුළුවන් නේද?
බෑ කියන්න එපා..

වැඩ නම් ගොඩකට හිරවෙලා ඉන්නේ...
එත් මම ඉක්මනට ඉවර කරලා එන්නම්..
හවස් වෙන්න කලින්.
හැබැයි බේත් ටිකත් ගන්න ඕනා හරිදන ආවහම

ඔයා එන්නකෝ...

-------------------------------
මොකද නිෂු ඔය...
මුනත් එක්ක වෙනස් වෙලා.
ඔය ගොඩාක් අඩලා වගේ...
අනේ ඇයි රත්තරන්....

අනේ මට සමාවෙන්න මහත්තයෝ....

ඇයි රත්තරන් මේ... ඇයි මේ අඩන්නේ..
කෝ හොද ලමයා වගේ කියන්න මොකද උනේ කියලා.
අඩන්නේ නැතිව කියන්නකෝ..
කෝ ඉතින්...

අනේ.... සමා වෙන්න මහත්තයෝ...
මම හින්දා ඔයාටත් වදේ..

තේරෙන්නේ නැහැනේ රත්තරන්. 
මොකක්ද උනේ කියන්නකෝ..

ඔයා දන්නවනේ මගේ කලින් සම්බන්දයක් තිබ්බා කියලා
එක ගැන මම ඔයාට කීවානේ මුලින්ම.

ඔව් ඔයා කියන්න යනකොට මම කීවානේ 
බබා මට පරණ දේවල් වැඩක් නෑ කියලා
ඇයි ඉතින් දැන් මොකද?

නෑ මහත්තයෝ...
ඊයේ.... හවස..
ඊයේ හවස මට මේක එවලා තිබ්බා..
හෙට උදේ එයාව මිට් වෙන්න ආවේ නැතිනම් මේක
මේක ඔයාට එවනවා කියලා.

දැන් මොකටද මිට් වෙන්න ඕනා කියන්නේ.

දන්නේ නෑ බබා..
මොනවටද කියලා.

හ්ම්ම් හරි ඉතින් දැන් මට පෙන්නවා කිවේ මේකනේ.
මම දන්නවා ඔයාගේ පරණ සම්බන්ධයක් තිබ්බා කියලා
ඒ වගේම මම විශ්වාස කරනවා ඔයා එයාට ආදරේ කරන්න ඇති
එයාව බදින්න හිතාගෙන ආශ්‍රය කරන්න ඇති,
ඉතින් එහෙම ආශ්‍රය කලහම 
මේ වගේ ෆොටෝ සාමාන්‍ය දේවල්නේ.
මට මේකේ වැරද්දක් පෙන්නේ නෑ බබා

ඒ උනාට මහත්තයෝ...
තව මේ වගේ ෆොටෝ ටිකක් ඇති එයා ගාව.
ඔය මාව බය කරලා එයාගේ ලගට ගන්න හදන්නේ.

මෙහෙමයි රත්තරන්..
හෙට දැන් මුණ ගැහෙන්නනේ කියන්නේ..
හරි මමත් එන්නම්..
අපි ගිහින් බලමුකෝ..
මොකාටද එන්න හදන්නේ කියලා.

අනේ ඔයා..
එහෙම කරන්නේ ඇයි රත්තරන්. 
ඔයා ප්‍රශ්න වලට මැදි වෙන්න ඕනා නෑ

බබා ඔයා මගේ..
ඉතින් ඔයාගේ ප්‍රශ්නයක් කියන්නේ මගෙත් ප්‍රශ්නයක්.
අපි මේක විසදගමු..

ඒ තරමට ඔයා මට ආදරෙයි ද මගේ මහත්තයෝ..
පරණ කරපු වැරදි වලට මට සමාවෙන්න මට 

------------------------------

ආහ්හ්........
හොද ළමයා.
මම දැන ගෙන හිටියා ඒවි කියලා.
මොකද ඉතින් පරණ ෆොටෝ අලුත් මහත්තයා දකිනවට කවුද කැමති වෙන්නේ..

දැන් මොකටද මට එන්න කිවේ..

එන්න කීවේද? මොකද ඔය තරම් සැර ආහ්හ්..
කොහොමත් වෙන එකේක් එක්ක පවුල් කන්න දෙන්නේ නෑ කියලා මම කීවානේ.
ඉන්නවකෝ... දැන් ෆොටෝ එකකුත් ගන්න.

හෙලෝ හෙලෝ.... තමුසේ වරැණ නේද?
දැන් මොකටද මගේ කෙල්ලට අද එන්න කිවේ.

මොකක්... නිෂු තමුසේ මුටත් කියලා මුවත් එක්කගෙනද ආවේ..

මේ හලෝ වරැණ..
පිරිමියෙක් විදිහට වැඩ කරනවා.
මේ කෙල්ලගේ මෝඩ කමට තමුසේ වගේ එකෙක් එක්ක යාලු උනා තමා.
එත් මතක තියාගන්නවා ඒ කෙල්ල තමුන් ලග හිටියේ තමුන්ට ආදරේ කරනකොට.
අනිත් එක..
ආදරේ කියන්නේ පිරිසිදු දෙයක්.
ආදරේ නැති උනාට පස්සේ පරණ මතක වලින් තමන්ගේ ඔය විදිහේ කැත වැඩ කරන කෙනෙක්ට කොහොමත්
ආදරේ කියන දේ ලැබෙන්නේ නෑ.
තමුන්ට බණ කියලා වැඩක් නෑ. මම මෙතනට අවේ. තමුන් ලග තියනවා කියලා කියන ඕන එකක් මට එවනවා.
මට ඒවා වැඩක් නෑ.
මම නිෂු ට ආදරේ කරන එක වෙනස් වෙන්නෙත් නෑ.

මම ආදරේ කරන්නේ නිෂු ගේ අතීතේ ගැන හොයන්න නෙමේ.
ඒ කෙල්ල දැන් ආදරේ මට.
මට මැරිලා ගියපු අතීතේ ඇති වටිනාකමක් නෑ
හැබැයි තමුන්ට ගොඩාක් පිං.
මේ වගේ රත්තරන් කෙල්ලෙක් අත ඇරලා දාපු එකට..

ආයේ ඉතින් මොනවත් කරදර කරන්න එන්න ඕනා නෑ..
දැන් ඔය දේවල් මම දන්නවනේ...
පරණ අතීතේ අපි වළලලා තියෙන්නේ.
ඒ නිසා ඒ දේවල් ආයේ අයෙ අපිට කියවන්න එන්න ඕනා නෑ
මගේ ආදරේ වෙනස් වෙන්නේ නෑ..

අපි යමු නිෂු...

* ආදරේ කරනකොට අපි අපේ ජිවිතේ කරගෙන හැමදේම කරන්නේ. සමහර මතක තියේවි. අපිට සම්බන්දෙ නතර කරන්න උනත් පස්සේ අපිට ප්‍රශ්නයක් වෙයි කියලා හිතන. හැබැයි අපිට ඇත්තටම ආදරේ කරන කෙනෙක් නම් අපේ අතිතේ කොහොමවත් ප්‍රශ්නයක් කරගන්න ඕනා නෑ. මොකද ඒ කාලේ අපි ආදරේ කරන කෙනා අපිත් එක්ක හිටියේ නැහැනේ. ආදරේ කරන්න වර්තමානයට *

ප.ලි : වැදගත් : පින්තුරේ කතාව එක්ක කතාව ගලපන්න එපා

 

Bukiya.lk කියන්නේ අපි අලුතෙන්ම හදපු ලංකාවටම ගැලපෙන සමාජ ජාලා වෙබ් අඩවියක්. චැට් කරන්න, ප්‍රොෆයිල් එක තමන්ට කැමති විදිහට හදාගන්න වගේම මුනුපොතේ නැති අලුත්ම ගොඩාක් දේවල් අපි මේකේ දීලා තියනවා. තවම මේකේ මෙම්බර් කෙනෙක් වෙලා නැතිනම් ඉක්මනටම රෙජිස්ටර් වෙලා ඉඩක් වෙන් කරගන්න..

මෙතන තියනවා විස්තර 

 

4115 Views