නාකි මනමාලයා

කෙටිකතා කියවන්න හා අලුත් ම සමාජ ජලා වෙබ් අඩවිය එක්ක එකතු වෙන්න..

#නාකිමනමාලයා

සැන්ඩි අන්න මැඩම් උඹට කතා කරනවා, මං හිතන්නෙ නාකි මනමාලයා ඇවිත්..

ඔලොක්කුවට හිනාවේගෙන ශානි කිව්ව කතාව අහලා මට ඉහේ මලක් පිපුනා වගේ. ඔව් බලාපොරොත්තු වුනා අද ඔයා එයි කියලා..

ආ සැන්ඩි අද ෆුල් ඩේ ඕකේ..

ඕකේ මැඩම් නෝ ප්‍රොබ්ලම්..
ඔව් එයා ඇවිත් දවසම එයා එක්ක .

බලනවද ඔයාලා මේ කව්ද කියලා ඔයාලගෙ වචනයෙන් කියනවනම් මං ගණිකාවක්.. ගොඩක් උත්තම පුරුෂයන්ට හපයක් වෙච්ච ගෑනියෙක්...ඉස්කෝලෙ කාලෙදිම ජීවිතේ වරද්දගත්ත කෙල්ලෙක්..පණ දෙන්න ආදරේ කරලා පණ නැතිකරගන්න තැනට වැටිච්ච කෙනෙක්...

සර් එන්න ඇතුලට මං සර් එනකම්ම බලාගෙන හිටියෙ, මොනවද මට ගෙනාවෙ ..?

ඒ තරම් මට ආදරේද? කොච්චර එපා කිව්වත් ඔය සර් කෑල්ල අත අරින්නෙ නෑ නේද කෙල්ල.

සතියට දවසක් හරි මං සතුටින් ඉන්නෙ සර්ට පිංසිද්ධවෙන්න ඉතිං මම සර් කියන්නැතිව කොහොමද
ගොඩක් වැඩ තිබ්බා කෙල්ලෙ,ඒකයි එන්න බැරිවුණේ..
කමක්නෑ සර් අද ආවනෙ..

ඉතිං කොහොමද කෙල්ලෙ?මට ගොඩක් මතක්වුණා ඔයාව.
ඒ හැඩිදැඩි අත් දෙකට මං ගුලිවුණේ හා පැටියෙක් වගේ..

මටත් සර්ව ගොඩක් මතක්වුණා.
මොහොතකින් නිරුවත් වුණ ඒ හැඩිදැඩි පපුව උඩ මං උණුහුමක් හෙව්වා..

.......
කාලෙකට කලිං මං කොළඹට ආවෙ ගමේ මං මටත් වඩා ආදරේ කරපු කාලකණ්ණියා මාව අනාත කරලා මගෙ බඩට දරුවෙකුත් දීලා පැනලා ගියාට පස්සෙයි. ලෝකෙට දෙමව්පියන්ට මූණ දෙන්න බැරුව මැරෙන්න හිත හදාගත්ත වාර අනන්තයි.ඒත් ඒ හැම වෙලාවකම කොහොම හරි ඒක වැලකුණා. යන්තම් අවු 17 පහුවෙනකොට කාත් කව්රුවත් නැති කොළඹට ඇවිත් ඔහේ පාරෙ ඇවිද ඇවිද රස්සාවක් හොයද්දි අහම්බෙන් වගේ ශානිව හම්බුණේ. එදා තමයි මගෙ ජීවිතේ ඉරණම වෙනස් වුණේ. හැමදේම නැතිවෙච්ච මට තව මොනවා නැතිවෙන්නද කියලා ශානිත් එක්ක මෙතනට ආවෙ.

මැඩම් ඔන්න මං බෝනික්කියෙක් හොයං ආවා.

වාව් මෙයාව සැලෝන් එකට අරංගිහිං ගේන්න ශානි.

මොනවා කරන තැනක්ද මොකද්ද කරන්න තියෙන රස්සාව කියලා තේරුමක් නොතිබ්බට ඉන්න තැනක් හරි ලැබෙනවනෙ කන්න තුන්වේල ලැබෙනවනෙ කියලා මං සතුටුවුනා..සැලෝන් එකෙන් මාව වෙනස් කරපු විදියට මටත් මාව අදුරගන්න බැරිවූනා..

ශා මේ ඉන්නෙ බාර්බී ගර්ල් කෙනෙක් වගේ..මොකද්ද කෙල්ලෙ නම?
සඳුනි.
ම්ම්ම් එහෙනම් අද ඉදලා ඔයා සැන්ඩි.
සෝ සැන්ඩි ඔයාට තියෙන්නෙ අපේ එන කස්ටමර්ස්ලගෙ බොඩි තෙරපීස් තමයි.ඕකේ (මැඩම්ගෙ අමුතු හිනාවට මට ඒ තරම් පැහැදීමක් තිබ්බෙ නෑ)

මැ මැ මැඩම් මට දරුවෙක් ලැබෙන්න ඉන්නෙ?
වට්? ආ යූ ක්රේසි. ඔ ඔ ඔ ඕකේ නෝ ප්‍රොබ්ලම් හෙට ලෑස්තිවෙන්න ඕක ඉවරයක් කරන්න.

පහුවෙනිදා මැඩම් මම කෑ ගගහා අඩද්දිම එක්ක ගිහිං මගෙ ලේ කැටියව විනාශ කළා. පුතේ උඹ මේ අම්මට වෛර කරන්නෙපා එක අතකට මේ ලෝකෙට එනවට වඩා උඹ ගියපු එක හොඳයි.

දවස් දෙක තුනකට පස්සෙ මැඩම් මට කතා කළා .ඒ වෙනකොටත් මට මෙතන තත්වෙ තේරිලා තිබ්බෙ.
සැන්ඩි දැං ඉතිං වැඩ පටන් ගන්න කෙල්ලෙ..

ඔව් ජීවිතේ දෙවනි පාර ටයිකෝට් දාපු මහත්තයෙක්ගෙත් බිල්ලක් වුණා. එදා ඉදලා දවසට දෙතුන් වතාවක් එක එක ජාතියෙ මිනිස්සුන්ගෙ ආසාවල් වලට ජීවිතේම පූජ කරන්න වුණා. පැනලා යන්න හිතපු වාර අනන්තයි ඒත් කොහේ යන්නද?
ලෝකෙට පේන්න සාර්ථක පවුල් ජීවිත ගත කරනවා කියලා ලෝකෙට පෙන්නන ගොඩක් මහත්තුරු අපේ ඇඟ උඩ නැගලා අන්තිමට අපිටම ගරහනවා දකිද්දි එන්නෙ අප්පිරියාවක්..පව් ගෙවල්වල ඉන්න අසරණ ගෑනු...
..................
කෙල්ලෙ මොනාද කල්පනා කරන්නෙ
අතීතෙ අතරමං වෙලා හිටපු මං එකපාරට ගැස්සුනේ සර්ගෙ කටහඬට.ඒ වෙනකොටත් ඒ පපුවට ඔලුව තියාගෙන හිටපු මගෙ ඔලුව හරිම ආදරෙන් එයා අත ගගා හිටියෙ.

නෑ සර් සනීපයි..

අපි කෑම කමුද ?
හා සර්
ම්ම් එහෙනම් ගන්නකො අර කෑම ටික..
සර්,හැමදාම සර්නෙ කවන්නෙ අද මං සර්ට කවන්නම්..
බත් කට කවද්දි මං දැක්කෙ ඒ ඇස් දෙකෙන් එන කදුලු.
අනේ ඇයි සර් මේ...
නෑ කෙල්ලෙ මට #රිස්නව මතක් වුනා එයත් ඉස්සර ඔය වගේ මට බත් ගෙනත් කවනවා..
හ්ම්ම් හරි සර් දැං අඬන්නැතිව කන්නකො

..........
හ්ම්ම් හිතනවද මේ සර් කව්ද කියලා, අපේ අනිත් අය කියන හැටියට #මගෙ_නාකිමනමාලයා.අහම්බෙන් වගේ දවසක මැඩම් අපි ඔක්කොටම කතා කලා කස්ටමර්ගෙ චොයිස් එක බලලා තමයි ගන්නෙ.හැඩි දැඩි කඩවසම් ඒත් වයසින් ගොඩක් වැඩි කෙනෙක් ඇවිත් හිටියෙ. දැකපු ගමන්ම මට අඬගැහුවා. ඒ සද්ධන්ත ශරීරෙට යටවෙන වේදනාව ගැන හිත හිතම මං ඒ සර් එක්ක කාමරේට ඇවිත් ජොබ් එක පටන්ගන්න හැදුවෙ.
එකපාරටම ඒ අත් දෙක මාව නවත්තලා මාව තුරුලට ගත්තෙ තාත්ත කෙනෙක් වගේ ආදරෙන්

එපා කෙල්ලෙ ඕවානෙමේ මං ආවෙ ටිකක් සැනසීමෙන් ඉදලා යන්න .මාව උකුලට අරගෙන ඔලුව ටිකක් අතගාන්න..

මේ ජීවිතේ පළවෙනි වතාවට කස්ටමර් කෙනෙක්ගෙන් සැනසීමෙන් ඉන්න ලැබුණ එකම දවස එදා.. එදා එයා එයාගෙ ජීවිත කතාව ඔක්කොම මට කිව්වා.. පුංචි කාලෙ ඉදලම ලොකූ සල්ලිකාරයො වෙච්ච සර්ගෙ එකම ආදරේ ජාතිබේදයක් නිසා නැතිවෙච්ච හැටි ඒ වෙනුවට දෙමව්පියො බලෙන් වෙන කෙනෙක් බන්දලා දීපුහැටි කොච්චර සල්ලි තිබ්බත් මෙච්චර වයසක්වෙලා දරුවෙක්වත් නැතිව බිරිදගෙ ආදරෙත් නැතිව දුක් වෙන හැටි කියද්දි මටත් දැනුනෙ ලොකූ අනුකම්පාවක්. සර්ගෙ ජීවිතෙ පලවෙනි ආදරේ රිස්නා වගේම මාව දැක්ක නිසා මාව තෝරගත්ත බව කියද්දි මට ඇත්තටම සතුටක් දැනුනා. එදයින් පස්සෙ හැම සතියෙම මුලු දවසක්ම සර් මාව ඉල්ලන් ආවෙ මැඩම්ට ඕනෙවටත් වඩා සල්ලි ගෙවලා.ආදරේ ආරක්ශාව සැනසීම මේ හැමදේම සර් ගාව තිබ්බා මාත් මට නොදැනීම එයාට ආදරේ කළා කිව්වොත් හරි ..කිසිම දවසට වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වුනේ නෑ..
..............
කෙල්ලෙ දැං මං යන්න ඕනෙ.මට තව මාස දෙක තුනක් යනකම් එන්න බැරිවෙයි බිස්නස් වැඩකට මං ඇමරිකා යනවා.

ඒ සැනසීමත් මට නැතිවුනා.
අනේ සර් යන්නෙපා.
ජීවිතේ පළවෙනි වතාවට පිරිමියෙක්ට ඉන්න කිව්වෙ.

මං එනවා කෙල්ලෙ.මටත් ඔයා ඕනෙ ගොඩක්.මං මේ පාර ගිහිං එහේ අපිට ඉන්න තැනක් බලලා ඔයාව මේ අපායෙන් ගෙනියන්න ඔක්කොම ලෑස්ති කරගෙන එන්නම්..එතකම් පරිස්සමට ඉන්න.
ජීවිතේ බලාපොරොත්තුවක් ඇතිවුනා පළවෙනි වතාවට.සර්ට දණගහලා වැන්දා ඉක්මණට මාව මේ අපායෙන් ගනියන්න කියලා.
එදා ඉදලා මාස තුනක් දවසින් දවස දින ගනන් කරේ සර් කවදාවත් පොරොන්දු කඩ නොකරන බව දන්න නිසාමයි...තව දවසයි.

සැන්ඩි මැඩම් කතා කරනවා.
උදේම ශානිගෙ කටහඬට මං දිව්වෙ මං හිතුවා සර් ඇවිත් ඇති කියලා.

සැන්ඩි අද නිව්ස් පේපර් එක බලන්නකො.
මැඩම් එහෙම කියනකොට මොකද්ද අමුත්තක් මට දැනුනා.
"කෝටිපති ව්‍යාපාරික මාලක සමරසිංහ මහතා ඊයේ සවස ගුවන්තොටුපලේ සිට පැමිණෙමින් සිටියදී රිය අනතුරකින් ජීවිතක්ශයට"....

අනෙ මගෙ සර්...

 

ජීවිතේ කියන්නෙ පුදුමාකාර දෙයක් ලැබීම් නොලැබීම් ආදරය හැමදේම පුදුමාකාරයි.සැන්ඩි වගේ සමාජෙ අසරණ වෙච්ච කී දාහක් ඉන්නවද? සත්‍යත් සිතුවිල්ලකුත් අතර අතරමං වෙච්ච කතාවක්.

ලිව්වෙ~ #අම්රි