මගේම විතරයි

සපු ලියපු කෙටිකතාවක්.. එකතු වෙන්න අපේ අලුත් සමාජ ජලා වෙබ් අඩවියට

❤️මගේම විතරයි...❤️

කෙටි කතාව.
****************************

"පුංචි බේබි.. යමු.."

අපේ වලව්වේ සිරිපාල මාමා මගේ ඉස්සරහට ආවේ එහෙම කියාගෙන හිනාවෙවී...

අවුරුදු දහයකට පස්සේ මං ආයෙත් මගේ රටට ආවේ විවාහය වෙනුවෙන්..

"ස්වායා.."

ඒත් ගුවන්තොටුපොල පරිශ්‍රයේ උඹ වගේම හැඩරුවක් දැකපු ඒ මොහොතේ ඉඳන් මේ ඇස්වලට ඉස්පාසුවක් තිබ්බෙම නෑ යලි උඹව දකිනකන්.. අවුරුදු දහයකින් මං උඹව දැක්කේ නැති උනත් උඹත් මේ වගේම ඇති, මං මවාගත්තා.. පිරුනු අඟපසඟ ඔසරියට හරි හැඩයි කියලා මට හිතුනා.. ගෙලට බැඳි කොන්ඩෙත් ඒ රුවට පුදුම තරම් ලස්සනක් ගෙනත් තිබුනා.. ඇයව බලද්දී ඒ උඹමද කියලා හිතෙන තරම් උඹ ළඟ තිබුනු දඟකාරබව මම ඒ ඇස්වලත් දුටුවා..

පුදුමයක් උනත් ඒ උඹම තමයි.. හිත කිව්වා.. ඒ පැත්ත හැරිලා මේ පැත්ත හැරෙනකොට ඇය නෑ..

ගෙදර නොයාම මං එන්න ආවේ උඹව හොයාගෙන...

මං වැඩිදුර අධ්‍යාපනයට විදේශගත වෙද්දී උඹ අවුරුදු දාහතරක පුංචි කෙල්ලෙක්.. ඇය හා සසඳා බලද්දී, ඇය උඹ කියලා හිතලා බලද්දී, එදා තරම්ම ලාබාල පෙනුමක් නොවුනත් මටනම් දැනුනේ එදා හිටපු පුංචි එකී වගේමයි කියලා උඹ..

අප්පච්චී කවුද කියලාවත් දන්නේ නැති උඹ දන්න දවසේ ඉඳලා අම්මා එක්කම බැලමෙහෙවර කරේ අපේ වලව්වේ... උඹමද කියලා හරියටම නොදන්නවා උනත් එහෙව් උඹ වගේම රුවක් අද මෙහෙම දකිද්දී සත්තකින්ම මේ පපුව සතුටටමයි හිරිවැටුනේ..

මං මොහොතකට අතරමං උනා උඹේ මතකයන් එක්ක..

????????

"මේ බතලයානම්.. හැමදාම අස් කරත් පොත් මේසේම වල් කරනවානේ.. අස් කරන්නම හොඳ නෑ..."

හැමදාම වගේ උඹ බැන බැනම අස් කරන්නේ මගේ පොත් මේසේ.. මං හැංගිලා බලාගෙන ඉන්නේ කෝලම් කර කර මට බනින උඹ දිහා... ඇස්දෙක කරකවන ලස්සන..

මං ඕන කමින්ම පොත් මේසේ හැඩිකරන්නෙත් උඹේ ඔය බැනුමකින්, බැල්මකින් පවා මේ හිත පිරෙන නිසාමයි..

උඹ කරන හැමදේම මං හොරෙන්ම බලාගෙන හිටියේ ඒ තරම්ම ආසාවකින්.. ආස කරන්න තරම් නුඹ කරෙත් හරි පුදුම හිතෙන දේවල්මයි..

??????

"ආදරෙයිනේ මං ඔයාට.. තරහද අනේ පරක්කු උනාට... ඔයා දන්නවානේ මට වැඩ ගොඩාක් තියෙනවා කියලා... ඉන්නකෝ ටිකක් ඔහොම.. මං ඉක්මනට එන්නම්.."

දවසක් මං කුස්සියට එද්දී උඹ කාත් එක්කදෝ මන්දා කතාවක්.. මගේ ඇඟේ මාළු නටන්න ගත්තා වගේ ආපූ කේන්තියටම..

උඹ කුස්සියට ගොඩ වෙන බව දැනිලාම, ඉවසගෙනම මං කුස්සියේ දොර මුල්ලේ හැංගුනේ කුස්සියට ආව කාරනෙත් අමතක කරලා...

මං රහසේම උඹට ආදරේ කරාද මන්දා...

උඹ උඹේ කෝප්පෙටම කිරි කෝප්පයක් හදාගෙන හොරෙන් හොරෙන් වටපිට බල බල එලියට යද්දී මගේ ඇස්වලින් ගින්දර පිටවෙන තරම් තරහක් ආවා... මොහොතක් එහෙමම ඉඳලා ලොකු හුස්මක් අරගෙන මං එලියට ආවේ පුදුම තරම් වේගෙන්...

"බඩගිනියිද ආ.. මං කිරි හැදුවා ඔයාට.. පැටව් ටිකත් කිරි බොනවානේ.. ඔයා කෙට්ටු වෙලා..."

උඹ ඉඳගෙන බැළලියෙක් හුරතල් කරනවා..

"මෙච්චර වෙලා ආදර වදන් දොඩවලා තියෙන්නෙ මේ කොහෙවත් යන සතෙක් එක්කද.."

මං මගෙන්ම ඇහුවා.. මගේ මූනට හිනාවක් ආවේ ලැජ්ජාවටමයි..

????

"අයියෝ.. වහින්නනේ හදන්නේ.. ඔයාලා තෙමෙනවානේ.. වතුර පිරිලා ඔයාලා යටවෙයිද.. හරියට අපිට ගංවතුර ගලනවා වගේ.."

හීන් පොද වැස්සේ තෙමි තෙමීම කියව කියව කොස් කොල තියලා උඹ ඉඳගෙන කඩි ගුලක් ආවරණය කරනවා කාමරේ ජනේලයෙන් එලියට එබුනු මං දැක්කේ අහම්බෙන්.. කලුකරගෙන වහින අහස වගේ උඹේ මූනත් කලුවෙලා.. වැස්ස තුරන් වෙනකන් කී සැරයක්නම් උඹ ඒ කඩි ගුල දිහා බැලුවද... මට තනියමත් හිනායි...

??????

"කීවා නේද ඔය කතුරුමුරුංගා නටු ටික විසිකරන්න කියලා... ඕවගේ පනුවොනේ ලමයෝ.."

"ඒ උනාට විසිකරලා දැම්මම උන් මැරෙයිනේ අම්මේ..."

අම්මා කියන දෙයක් නාහා උඹ පනුවෝ ටික කතුරුමුරුංගා කොල, නටු එක්ක ලොකු ජෑම් බෝතලේකට දානවා මං බලාගෙන...

"මේකිට පිස්සුද.."

මං හිතුවා.. පනුවෝ මට අප්පිරියයි...

"අම්මේ.. අම්මේ.."

ඒත් සතියකට විතර පස්සේ උඹ ජෑම් බෝතලේත් තියාගෙන කෑගහනවා.. මාත් කුස්සිය පැත්තෙන් එබුනේ මොකද බලන්න..

"අම්මේ.. පනුවෝ සමනල්ලු වෙලා.."

උඹේ මූනේ හිනා එකයි.. ජෑම් බෝතලේ සමනල්ලු තුන්දෙනයි.. තව පනුවෝත් ඉන්නවා.. සමනල්ලු අතෑරලා උඹ ආයෙම ජෑම් බෝතලේ තුරුලු කරගත්තා...

?????

උඹට තියෙන්නෙ පුදුම හිතක්.. මං හැමදාම හැමවෙලාවෙම හිතුවා..

කල්පනාවෙන්ම මං ආවේ උඹ හිටපු අපේ ගමේ උඹගේ මැටි ගෙදරට.. ගොඩාක් දේවල් වෙනස් වෙලා.. ඔව්.. අම්මා එක්ක උඹ හිටපු මැටි ගේ එතන නෑ.. වල් වැදිලා පාලුවට ගියපු ඉඩමක් විතරයි එතන...

උඹට මොකද්ද උනේ.. ඇත්තටම මං දැක්කේ උඹමද... මං දැක්කේ මායාවක්ද.. නලලත මිරිකගෙන මං කල්පනා කරා... එහෙමම මගේ වලව්වට ආවේ උඹ ගැනම හිත හිත...

????

සතියක් ගෙවුනේ උඹට මොකද්ද උනේ කියලාවත් හොයාගන්න බැරුව.. මනමාලි බලන්න යන්න ලේස්ති උනත් උඹ ළඟ ඉන්නවා වගෙයි අද... හිතම නොසන්සුන්... මට බෑ වෙන කාවවත් උඹ හිටපු මේ පපුවට ගන්න... ඔව් මං ආදරෙයි උඹට....

අම්මා, අප්පච්චී බලෙන්ම මාව එක්කගෙන ආවේ මට බෑ කියලා කියද්දීමයි...

විශාල තෙමහල් නිවසක්.. මිදුල පුරාම වවපු මල්, තැන තැන උසට වැඩිලා තියෙන ඵලබර වෙලා තියෙන නේකවිධ පලතුරු ගස් පුදුම තරම් ලස්සනයි.. උඹ ඇස්දෙක මානේ උන්නු දවසක තරම් හිතට සැහැල්ලුවයි... උඹ ළඟින්ම ඉන්නවා වගෙයි... ඇස්දෙක පියාගෙන මවාගත්තේ උඹේ මූණ... ඒත් මැවුනේ ඇයව... ඇස්දෙක ඇරියේ කලබලෙන්මයි...

මගේ වලව්වටත් වඩා විශාලයිද මන්දා.. මට හිතුනා..

ගෙට ගොඩවෙද්දිම හිනාවෙවීම ඉස්සරහට ආව උඹේ අම්මා දැකලා මගේ හදගැස්මත් නැවතුනා වගෙයි... ඒත් මෙහෙම...

ඔසරිය ඇඳලා සිරිබෝ මාලේ දාලා ඉන්න උඹේ අම්මා නොසෑහෙන්න වෙනස් වෙලා... මට පුදුමයක්...

පුංචි බලාපොරොත්තුවක් හිත කොනක දැල්වුනේ ඒ මොහොතෙමයි... උඹත් ළඟ පාතකම ඇති...

"වාඩිවෙන්න මැනිකේ.. ලොකු මහත්තයෝ...."

ඒ උඹේ අම්මා.. අපිව පිලිගත්තේ වෙනදා තරම්ම ගෞරවයෙන්...

උඹේ අම්මයි, මගේ අම්මා අප්පච්චීයි මොන මොනවදෝ කියෙව්වත් මං හිටියේ මෙලෝ සිහියකින් නම් නෙවෙයි... පිටතට ඇහෙන තරම් වේගයෙන් ගැහෙන පපුවට අත තියාගත්තේ
හුස්ම දැන් දැන් නවතී කියලා හිතුනු නිසාමයි.... ඇස්දෙක පියාගත්තේ මේ මොහොත ඉවසගන්න බැරි කමටමයි..

ඒ උඹ වෙයන්.. හිත කෑගහනවා...

"දෝනී.. එන්න මං ළඟට....

මං ඇස් ඇරියේ මගේ අම්මගේ කටහඬට...

පියගැටපෙළට පිටුපාලා ඉන්න මට ඒ උඹමයි කියලා හිතුනේ මගේ ඉස්සරහා වාඩිවෙලා ඉන්න උඹේ අම්මගේ ලස්සන හිනාව දැකලා...

"මං කැමතියි අම්මේ.."

උඹ නොදැකම මං කට ඉස්සර කරා.. මං හිටියේ සතුටින්..

ඒත් එක්කමයි දොරකඩ ගාව මට ඉස්සරහයින් ඉන්න උඹව දුටුවෙත්...

ඔව් උඹම තමයි ඇය... ගුවන්තොටුපොලේ දුටු ඇය... මට උන් තැනින් නැගිට්ටුනේ ඉබේටම...

"එතකොට මනමාලි.."

මට මිමිනුනත් කාටවත් එය ඇහුනේ නැති හැඩයි.. නෑ.. නෑ.. මේ හිත උඹේ විතරයි.. උඹ මගේම විතරයි..

"අම්මා.. මං ඉක්මනට එන්නම්.."

ඒත් එක්කමයි උඹේ පස්සෙන්ම පුංචි දෝනි කෙනෙක් එක්කම මගේ වයසේ යැයි සිතිය හැකි තරුනයෙක් ආවේ..

"තරුන් පුතා.. මෙහෙන් වාඩි උනානම්..."

උඹ මාව නොදැක්කා වගේ පුංචි දෝනිත් අරන් පියගැටපෙළ නගිද්දී, සත්තයි මං පනපිටින් දැවුනා වගේ..

එහෙම වෙන්නෙ කොහොමද... උඹ මගේනේ... තරුන්ගෙවත් නෙවෙයි උඹ.. මං කලබලෙන්ම එලියට ආවේ මනමාලි දිහාවත් නොබලාම...

මගේ ඔලුව ගිනි අරන් වගේ.. අත් දෙකෙන්ම මූන වහගෙන මං හයියෙන් හයියෙන් හුස්ම ගත්තේ මොහොතකට කලින් හිතේ තිබුනු බලාපොරොත්තු කැඩිලා ගිය වේදනාව දරාගන්න බැරුව..

"ඒයි.. බතලයෝ.."

ඔව්.. ඒ මං අවුරුදු දහයක් තිස්සේ අහන්න ආසාවෙන් හිටපු උඹේ කටහඬ.. මට තවත් උහුලගන්න බෑ වගේ දැන්... නිහඬවම හිටියේ කතාකරගන්නවත් බැරි තරම් හිතම ගොලු වෙලා නිසා..

උඹත් නිහඬයි.. උඹට දුක ඇති.. ඒත් මට උඹේ මූන බලන්න බෑ..

එකපාරටම පිටිපස්සෙන් මගේ බඩ හරහා අත් දෙකක් තදින් වෙලෙද්දී මං ගැස්සුනා... මං කලබලෙන් අත් දෙක ගසලා දාලා හැරෙද්දි උඹ බිම බලාගෙන හිනාවෙනවා..

ඉස්සර වගේමයි උඹ.. හිනාවෙනකොට ලස්සනයි..

ඒත් මෙහෙම කරේ.. කවදාවත් නැතුව මාව බදාගත්තේ.. කවදාවත් මූන නොබලපු, කතා නොකරපු උඹමද මේ.. මට හිතාගන්න බැරි උනා..

උඹ අද වෙනස්... අද මට තේරුම් ගන්නම බෑ උඹව..

"ඔයා යනවාද.."

යන්න හැරෙද්දිම උඹ එහෙම අහද්දී සත්තයි මගේ කකුල් එහෙමම නැවතුනා..

"මනමාලි බැලුවෙත් නැතුවම යනවාද... මට කැමති නෑද..."

ආයෙත් උඹ එහෙම අහද්දී මං උඹ දිහාවට හැරුනේ පුදුම තරම් වේගෙන්... මට ඇහුනේ ඇත්තක්ද..

"දෙවියනේ.."

මං එතකොටම උඹව හරියටම බැලුවේ.. ඉස්සර වගේම චීත්ත ගවුමක් ඇඳගෙන දණහිසටත් වඩා දිග කොන්ඩෙත් කරලකට ගොතාගෙන උඹ හිනාවෙනවා..

"පුංචෝ.."

ඒත් එක්කමයි පුංචි දෝනිත් උඹ ළඟට දුවගෙන ආවේ.. හුස්මක් වැටුනේ දැනුයි පපුවට... වෙනදා වගේම මං උඹේ වැඩ ඉස්සරහා අතරමං වෙලා වැඩ වරද්දගෙන.. විහින් මං රැවටිලා... ඉතින් උඹ මගේ විතරමයි...

???????

මං ගිහින් අවුරුද්දකින් උඹ කවදාවත් නොදැන උන්නු උඹේ තාත්තා උඹව හොයගෙන ඇවිත්.. මගේ අප්පච්චීට වඩා වලව්කාරයෝ වෙච්චී උඹේ අප්පච්චී උඹව එක්කගෙන යද්දී උඹට හොරා උඹ ගැන ලියපු මගේ දිනපොත උඹේ හිත මගේ හිත ගාව රඳවලා තිබුනා.. ඉතින් මගෙන් වචනයක් නාහාම උඹ බලාගෙන හිටියේ මං එනකන්.. උඹත් මට ආදරේ කරලා.. මට සතුටුයි..

අවුරුදු විසිහතරක් වෙච්චී උඹ නොසෑහෙන්න පරිනත වෙලා.. උඹේ අප්පච්චීගේ බිස්නස් සියල්ලම තනියම බලා කියාගන්න තරම් උඹ පැහිලා.. ඒත් මගේ ළඟදී එදා දැකපු පුංචි කෙල්ලමයි.. උඹ මගේමයි...

?????????

මාස දෙකක් ගෙවිලා ගියේ හරිම ඉක්මනට.. විවාහයේ සියලු දේ අවසානයේ මං උඹත් එක්ක ආවේ අපි දෙන්නගේ ගෙදරට..

"මැනික.."

"ම්ම්..."

ඔව්.. අද උඹ මගේ ළඟ.. ජීවිත කාලෙම ළඟින්ම ඉන්න පොරොන්දුවක් එක්ක..

මං තුරුලු කරගත්තා උඹව මගේ පපුවට.. උඹ හොඳටම ගැහෙනවා... බයවෙලාද මන්දා... නොරිදෙන තරමට සිපගත්තේ ඒ නිසාමයි..
රැය ගෙවිලා ගියේ හරිම ඉක්මනට..

????????

"කොච්චර කිව්වත් හැදෙන්නෙම නෑනේ.. ටිකක් උදෙන් අවදි වෙන්න බෑද.. ආ.. නාකි මිනිහෝ..."

ගෙවුනු මාස නමයටම වගේ අදත් උඹ මාව උදේට ඇහැරවන්නේ එහෙම කියාගෙන..

"ඈ බෝලේ.. මම නාකියාද.. ආ.. තාම තිහක් උනා විතරක්.. කොහේද නාකි කියපිය..."

ඉතින් උඹ හිනාවෙනවා.. පිරුනු කුසට අතකුත් තියාගෙන... ඉතින් උඹ මගේ දරුවන්ගේ අම්මා අද...

"ස්වායා... ආදරෙයි මං..."

???????

සමාප්තයි...

10759 Views