ලොවට හොරා..

තවත් එක කෙටිකතාවක්...

#ලොවට_හොරා

රනුල දැං යන්න හොඳටම හවස්වෙලා.ඔයා එනකම් තව තුන්දෙනෙක් බලන් ඉන්නවනෙ ප්ලීස්

ඇයි නිකිනි මාව එලවන්නෙ..සැනසීම තියෙන්නෙ මට මෙතන ඒකයි මං වැඩිපුර තප්පරයක් හරි ඉන්න බලන්නෙ?

ඒත් ඔයා බැදපු කෙනෙක් ඔයා වෙනුවෙන් බලන් ඉන්න කට්ටිය ඉන්නවා යන්න.

ඇයි ඔයා ඔහොම කියන්නෙ මං බැදලා කියලා මගෙ මූණෙ ලියලා තියනවද? ආ කියන්න නිකිනි.මං සතුටින් ඉන්නවට ඔයා කැමති නෑද? ඔයාට ආදරේ කරන්න කෙනෙක් හම්බෙනකම් මට ඔයා එක්ක ඉන්න දෙන්න එදාට මම යන්නම් සදහටම...
.........
ඇයී දෙයියනේ එයා හිතන්නැත්තෙ එයා ඉද්දි මට තව කාටවත් ආදරේ කරන්න තියා ආදරයක් ගැන හිතන්නවත් බෑ කියලා.ඔයා මට ආදරෙයි ඒත් ඔයා ආත්මාර්ථකාමී රනුල...
නිකිනි කල්පනා කළේ එහෙම. මීට අවුරුද්දකට කලින් තමන්ගෙ ආරක්ශාවට තමන්ට කියලා හිටපු එකම කෙනා ඒ කියන්නෙ නිකිනිගෙ අම්මා නැතිවුනාට පස්සෙ කෙල්ල මේ ලෝකෙ තනිවුනා.තමන්ගෙ තාත්තත් පුංචි කාලෙම දාලා ගියාට පස්සෙ අම්මා කොහොමහරි නිකිනිට ඉගැන්නුවා..අම්මා නැතිවුනාට පස්සෙ මේ ලෝකෙ තනිවුණ නිකිනිට ගමේ තනියම ජීවත් වෙන්න තරම් හයියක් නෑ.යාලුවෙක්ට කියලා කොළඹින් ඔෆීස් එකක ඇසිස්ටන් ජොබ් එකකට කෙල්ල එන්නෙ ඔෆිස් එක කිට්ටුවෙන්ම ඇනෙක්ස් එකකුත් හොයාගෙනමයි..
......
ජීවිතේ ලැබීම් කියන දේ එක එක කෙනාට සාපේක්ශයි.නොලැබීම් තියෙන කෙනාට හැමදාම නොලැබීම්ම විතරයි. මටත් එහෙමයි. මුලින්ම තාත්තා ,ඊලගට අම්මා, දැං රනුල , කවදාවත් ලබාගන්න බැරි දේකට මං ආදරේ කරන්නෙ. මාස පහකට විතර කලින් මට රනුලව හම්බුණේ බස් හෝල්ට් එකේදි.කඩවසම් කොල්ලෙක් දිහා කෙල්ලෙක්ට හොරෙන් හරි බැලෙනවනෙ ,මටත් රනුල දිහා එහෙම බැලුනා මගෙ අවාසනාවට.. එයත් මගෙ දිහාම බලාගෙන හිටියා.එදා ඉදලා හැමදාම එකම වෙලාවට එයා බස් හෝල්ට් එකට එනවා.හිනාවකින් පටන් ගත්ත අපි අවසානෙදි පෝන් නම්බර් මාරූ කරගන්න තැනටම ආවා..ආදරේ ගැන හිතකවත් නොතිබුණු මට ආදරේ දැනෙන්න ගත්තා ජීවිතේ විදිනවා දැනෙන්න ගත්තා.රනුල ඇත්තටම ආදරෙන් මං ගැන හොයන්න ගත්තා කෑවද බිව්වද පවා අහන්න කෙනෙක් නොහිටපු මට රනුලගෙ ආදරේ මහමෙරක්වුනා..
......
හෙලෝ රනුල අද කීයටද හෝල්ට් එකට එන්නෙ?

ආ හෙලෝ තාත්ති වොශ් දානවා ඔපිත් එන්න ...
පෝන් එකේ එහා පැත්තෙන් ඇහුන චූටි දුවෙක්ගෙ කට හඩට මං ගල් වුනා..

හෙලෝ හෙලෝ නිකිනි..හෙලෝ. දෝනි ඔයා මොකටද පෝන් ආන්සර් කළේ.යනවා යන්න

එහා පැත්තෙ සංවාදෙ මට ඇහුනෙ හීනෙන් වගේ.රනුල ඔයා මට බොරුවක්ද කළේ. ඔෆිස් යන්න ඇදගත්ත සාරිය පිටින්ම පෝන් එකත් ඇදට විසිකරලා ඇදට වැටුනෙ අඬ අඬාමයි..එහෙම කොච්චර වෙලාවක් ගියාද දන්නෙ නෑ මට එකපාරටම දොරට තට්ටු කරන සද්දයක් ඇහුන.

මේ වෙලාවෙ එන්නෙ ඇනෙක්ස් එකේ ආන්ටි, අද මාව උදේ නොදැක්ක නිසා එන්න ඇති.

ත ත තමුසෙ මොකටද මෙහට ආවෙ යනවා යන්න බොරුකාරයා.

ඔව් රනුල ඇවීත් හොයාගෙන.මං එයාව තල්ලු කරත් එයා මාව තල්ලු කරන් කාමර්ට ඇවිත් දොර වැහුවෙ මටත් කලින්.

ප්ලීස් නිකී මේ අහන්න ළමයො මං ඔයාට ඔක්කොම කියන්න හිටියෙ.

තමුසෙ බොරුකාරයෙක් මාව රැවැට්ටුවා..කාත් කව්රුත් නැති මට තමුසෙ එහෙම කළේ ඇයි?

ඔලුව බදාගෙන මං කෑගහද්දි රනුල මගෙ ලගට ඇවිත් මාව තද කරලා තුරුල් කරගෙන පිස්සුවෙන් වගේ කිස් කලා.ඒ උණුහුමට මං ලෝබ වුනා. එයාට මං අවනත වුණා.

නිකිනි.මේ අහන්න මැණික, මං බැඳපු කෙනෙක් ඒත් මට එතන සැනසීමක් නෑ.මං මෙහෙම හරි ඉන්නෙ මගෙ දරුවො දෙන්නා නිසා.. කල්පනා ගෙ වැරැද්දක් නෑ එයා ඔක්කොම වැඩ කරනවා.ඒත් අපි බැන්දෙ දෙමව්පියන්ගෙ උවමනාවට ඒ ගෙදර සැනසීමක් මට නෑ නිකිනි තේරුම් ගන්න මැණික.

එතකොට සැනසීම හොයන්න මාවයි, පවුල් කන්න ඒ ගෙදරයි තෝරද්දි අහිංසක මගෙ අනාගතේ ගැන හිතුනෙ නැද්ද?

මට තේරෙනවා මැණික මට ඒත් ඔයා අතාරින්න ලෝබයි.මගෙන් ඔයාට වරදක් නෑ ඒත් මට ඔයා ලඟ මෙහෙම ඉන්න දෙන්න,ඔයා වෙන කෙනෙක්ගෙ වෙදකම් මට ඉන්න දෙන්න ප්ලීස්,පිරිමියෙක්ට හිත පිරෙන්න ආදරෙත් ඕන.කල්පනා ඒ අතින් ගොඩක් දුර්වලයි.

ඔයා ආත්මාර්තකාමී රනුල.

හරි නිකිනි එහෙනම් මං යනවා.මං කවදාවත් ආයෙ මේ ඇස් ඉස්සරහට එන්නෑ.මට සමාවෙන්න පැටියො.මං යනවා.

ය න් න එ පා ර නු ල

මං රනුලව නැවැත්තුවෙ ඇයි කියලා දන්නෙ නෑ.ඒත් ජීවිතේ පලවෙනි ආදරේ දෙයියනේ කොහොමද මං යන්න දෙන්නෙ.
මං කලේ මෝඩ වැඩක් ඒත් ආදරේ කියන්නෙ හැගීම් ඉස්සරහා බුද්ධිය අන්තෙටම යන තැනක්.
කවදාවත් රනුල අතින් මට වරදක් නොවුනත් හැම නිවාඩු දවසකම එයයි මායි ගොඩක් ආදරෙන් හිටියා.

මැණික
ම්ම්
ඔයාව මට කලින් හම්බුණානම්?
හ්ම්ම්..
මැණික
ම්ම්
මොකද බස්සියෙ ,
හ්ම්ම්
මැණික අහන්නකො,
ගෙදර ගියාම මට කෝල් කරන්නෙපා. කල්පනාට ටිකක් සැකයි වගේ..

ඔයා එහෙම කියද්දි මේ පපුව කොච්චර පිච්චුනාද කියලා ඔයා දන්නෑ රත්තරං.. ඔයා මගෙ නෙවේ හිතන වාරයක් ගානෙ මං පිච්චෙනවා.ඔයාට ඒක දැනෙනවද කියන්න මං දන්නෙ නෑ.
..........
මිස් නිකිනි,ඔයාට විසිටර් කෙනෙක් ඇවිත්.

ඕකේ අයි විල් ගෝ,තෑන්ක්ස්..

විසිටර් කෙනෙක්? කව්ද මාව හම්බෙන්න එන්නෙ? ආ බබාලා දෙන්නෙක් එක්ක ලස්සන ලේඩි කෙනෙක්.මගෙ හිතට ලොකු දෙගෙඩියාවක් ආවෙ මටත් නොදැනිම.

හලෝ මං නිකිණි,

නංගි මට කතා කරන්නෝන ටිකක්..

ම්ම් ඔයා කව්ද?

මං රනුලගෙ වයිෆ්,මේ දරුවො දෙන්නා.අනේ නංගෑ ප්ලීස් මට මගෙ හස්බන්ඩ් නැතත් මගෙ දරුවො දෙන්නාගෙ තාත්තව දෙන්න..

මේ ලෝකෙ ලොකුම වැරැද්ද කරා වගේ හැගීමක් මට ඒ අහිංසක මූණු තුන දකිද්දි ආවෙ..මං මුකුත් නොකියම එතනින් ආයෙ ඔෆිස් රූම් එකට ආවෙ කදුලුත් හිර කරන්..
එහෙමම රනුලට මං මැසේජ් එකක් දැම්මා.

man hadissi wadakata gamanak yanawa..satutin enna ranu..

පෝන් එක ඕෆ් කරලා ඉක්මණට තිබ්බ බඩු ටිකත් අරගෙන යන්නම ගියේ නුවර හිටපු යාලුවෙක්ගෙ ගෙදරට.මං දන්නවා රනුල ඔයා මාව හැමතැනම හොයනවා ඇති.මට සමාවෙන්න.ඔයා වෙනුවෙන් මට මේ දේවල් කරන්න වෙනවා.. අන්තිම වතාවට මං ආයෙ පෝන් එක ඕන් කලා මිස් කෝල් මැසේජස් දාස් ගානක් තිබ්බා..
Good bye ranu,
ඒ එයාට තිබ්බ අන්තිම මැසේජ් එක.
නොලැබෙන දේකට ආදරේ කළාම කොච්චර වේදනාවක්ද කියලා මං අද දැනගත්තා.

..........................
(වසර 3කට පසු)

නිකී අවුරුදු 3ක් ගියා දැනුනෙවත් නෑ නේද හෙට ආයෙ ලංකාවට යනවා මට නම් මාර හැපී ගිය ගමන් අපේ වෙඩින් එක ගමු..

ජීවිතේ එක පාරක් වැරදුනාට කවදහරි හරියන දවසකුත් එනවා.එදා රනුල නිසා රට අතෑරලා ආව මට දනුක අහම්බෙන් හම්බුනේ.මුලින් හැමදේම යාලුකමට කිව්වට අවසානෙ අපි ආදරවන්තයො වුනා.කෙනෙක් තේරුම්ගන්න පුලුවන් මොලයක් දනුකට තියනවා. රනුල නිසා කලකිරුන මාව ආයෙ මේ තත්වෙට ගෙනාව දනුක. හෙට ඉදලා අපි අලුත් ජීවිතයක් පටන් ගන්නවා.
..........
ආදරේදි හැගීම් ඉස්සර කරගත්ත ගොඩක් අය අවසානෙදි අසරණවෙනවා. රනුලලා නිකිනිලා කොයි තරම් මේ ලෝකෙ ඇද්ද ? ඒත් හැමෝටම අවසානෙ දනුක කෙනෙක් හම්බෙන එකක් නෑ.ඒ නිසා හැගීම් එක්ක ආදර සෙල්ලම පරිස්සමෙන් ..

ලිව්වෙ =අම්රි