සිහින කුමරා

අම්‍ රි ලියපු කෙටිකතාවක්

ඒයි නැගිටිනවා නැගිටිනවා උදේ වෙලා....

ආ මම දැනගත්තා උදේම සද්දෙ ඇහෙනකොටම උඹ තමයි කියලා මොකද මේ අහල ගම් 7ක වත් නෑ නෙ උඹ වගේ ඝන්ඨාර පූජා කරපු එකියෙක් ....

අනෙ මේහ් පලයංකො ගිහින් වොශ් එකක් දාගෙන වරෙන්...

ඒ මගේ අපාය සහාය මිතුරිය මිස් ගොරබජොක් ...??එහෙම කිවුවට එයාගෙ ස්වීට් නේම් එක ගෞරි..(කකුල් කලුයි මූණ සුදුයි ඒවා නෙවේ ඕන්)

උදේ පාන්දර ? කුකුලත් අතින් අරන් ඇවිත් තියෙන්නේ මම ඊයේ කිවුවා මගේ පුටාර් එකේ රවුමක් යමු කියලා ඒකට..පුටාර් කිවුවට ඉතිං මේ අර නවත්තද්දී ප්ලයිට් එක ලෑන්ඩ් කරද්දී රෝද දෙක එලියට එනවා වගේ නවත්තන්න කිලෝමීටර් භාගෙකට විතර කලින් කකුල් දෙක එලියට දාලා නවත්තගන්න ඉක්කූටියක් ඈ...

ගොරබජොක්ගෙ වදේටම නිදිමරගාතෙම බාතෲම් එකට ගිහින් .....එවර උනාට පස්සේ නැමි 7ක් තියන සිග්නල් දත් බුරුසුවට ,ක්ලෝගාඩ් කඩල ඇටේක ප්‍රමාණයක් දා ගත්තේ "කාටත් කියන්න ....රෑටත් මදින්න..."කියන ගමන්..(ඔය කියුවය මලාට රෑට දත් මදින්නෙ නෑ ..)
ඊට පස්සේ ජැනට් පේස් වොශ්ටිකක් මූනෙ ගාගෙන,බේබි සබන් කැටේ ඇගේ උලා ගන්න ගමන් කල්පනා කලේ" කුච් කුච් සොෆ්ට් කියලා කියන්න කවුරුත් නෑ නෙ කියලා"

කොහොමහරි පැයකට විතර පස්සේ එලියට ඇවිත් කලු ලෙගින් එකට කහ පාට ටී එක දාගෙන ස්ට්‍රේට් කරපු කොන්ඩෙ පෝනිටේල් එකක් දාගෙන ? කණ්නාඩියෙන් බැලුවෙ (වෝඔ සෙස්සි ලුක්)කියන හැගීමෙන්...
ඊට පස්සේ මගෙ ආත්මීය දාඩිය ගද යන්න මුලු ඇගේම ගෝයා එක ස්ප්‍රේ කරේ සෝමාලියාවෙ පාන් දැක්ක එකෙක් වගේ...

ම්ම්ම්ම් කෝ මේ ගොරබජොක් ..
ශුවර් එකට අම්මා එක්ක මගෙ ගුණ වරුනේ කියනව ඇති...

යමු යමු...කෙල්ලවත් මගෙ පුටාර් එකට දා ගත්තේ අම්මගෙන් දෙයියනේ කියලා කන පිරෙන්න අහගන්න ගමන්...

ලර්නර්ස් එකේ අයියට පින් සිද්දවෙන්න 8ගහලා යන්තම් ලයිසොන් එක අරගත්ත නිසා දෙයියනේ කියලා පාරෙ යන්න පුළුවන් බයක් නැතිව..ඒත් පොලිස් අන්කලෙක් දැක්කම තවමත් කකුල් දෙක මැන්ඩලින් ගහන්නෙ පූරුවෙ කරුමෙකටද කොහෙද ...???

ගොරබජොක් පිටිපස්සෙන් ඉදන් (ෆ්ග්ගට්ක්ව්ස්ඩ්ස්ග්බ්න්) කියන හැම එකක්ම තේරුනා වගේ ඔව් ඔව් කියන්නේ එයැයිගෙ සූටි සිත පාරන්න බැරි නිසා ....අන්තිමේදි පිටට ඩෝං ගාලා දීපු පාරට නිකම්ම බ්‍රේක් තද වුනා..
"මැරෙන්න යනවද ඕයි.."
බුලත් විටක් හපපු අන්කලෙක් ලොරියක ඉදලා කියනකොට දත් 32ම පෙන්නලා හිනාවුනේ එතනම වැලලෙන්න සවලක් නොතිබුණු නිසා...

මොකද්ද යකො ගහන්නෙ

ඇයි යකො යනවා යනවා ඉවරයක් නෑ නවත්තපන් ? අයිස්ක්‍රීම් එකක්වත් කන්න ...
ආ ඕක ආදරෙන් කියන්න තිබ්බනි බොල බූරුවො..

කී පාරක් කිවුවද ???

හරි හරි පොඩි කඩයක් ලග නවත්තලා වොන්ඩබාර්2ක් ගත්තේ මේ වෙලාවෙ මල් සරාවත් ජොබ් එකට යන ගමන් කිසි කිසි ගාල විදගෙන යයි කියලා හිතන්...කොහෙද ඉතිං ඌටත් කිසි උනන්දුවක් නෑ අපි වගේ එකෙක්ට විදින්න ...

බ්රාස් ...
ගොරබජොක් කෙලින්ම මගෙ කරේ එල්ලුනේ..අම්මෝ තඩි කාර් එකක සිහින කුමාරයා වගේ එකෙක් ආව කියාන්කු...හින්දි ෆිල්ම් එකක් වගේ..කාර් එකෙන් බැස්ස ගමන් මගෙ ලගට ආවෙ හිතාගන්න බෑ හිත ගොලු වෙලා.. එයා ලගට එද්දිම බ්ලැක්නයිට් සුවදක් මගේ ආත්මෙටම කිදාබැස්සේ ඇස් පියවෙනකොටමයි.. දැනුනා ගොඩාක් ඒ උනුහුම මට ලන් වෙනවා..❤❤❤❤❤මාත් හැගීම් පාලනය කරගන්න බැරිව ඒ තොල් වලට බරවුනා...හෙමීට...
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

අනේ අම්මපා ලැජ්ජාවක් නැද්ද උඹට එලි වෙනකම් නිදාගන්න...ගෑණු ළමේක් නේද???

 

 

 

 


වෙනස් දෙයක් ලියන්න හිතුවෙ. කියවලා බනින්න ඔට්ටු නෑ ...කොමෙන්ටුවකුත් කොටාගෙනම යන්න.. ??

ලියුවෙ-:අම්රි