සමාවෙයන් පුතුනේ

අම්‍ රි පෙරේරා ලියපු තවත් කතාවක්

දෙයිහාන්දුරුවනේ කොච්චර ලස්සනට ඉන්න පුලුවන්දෑ ඒ ළමාතැනීට.

ඕවා අද ඊයෙ දේවල් නෙවේ එලිසො ඔය ආත්ම ගානක ඉදලා පතාගෙන ආපුවා නොවැ. කරුමෙ කරුමෙ

මට දුක ඕවයින් මේවයින් දුක් විදින්න අපෙ බෙවන් හාමු මහත්තයා ගැන.

අනෙ පලයං බෙවන් හාමු තමා මේ ඔක්කොම සන්තෑසි වලට මුල..ළමාතැනී කොච්චර නම් කීවද ඔය කාරණාව කොරගෙන පව් පුරෝගන්ට බැරිය කියාලා කෝ බෙවන් හාමු ඇහුවයැ.දැං ඉතීං තව කී කාලයක් නම් දුක් විදින්ට කියලද අනේ අපොයි සූරියබන්ඩාර වලව්වට ගිය කලක්...
එකාතකට ලැයිසො ඔය කරදරේ ඉවරයක් වෙනවනම් හොදයි.ලොකු බේබිත් දැං තා ටික කාලෙකින් ගෙදෙට්ට එන එකේ ඉක්මණට මේ කරදරෙන් නිදහසක් ලැබුනොත් හොදයි.

අනේ මංදා එතනො ඕකනෙ කියන්නෙ සල්ලි බාගෙ තියන තැන ඔය වගේ හෙනගෙඩියක් පාත්වෙනො කියලා..

.....
එතනගෙයි ලැයිසගෙයි කතාවට පපු කුහරෙටම හීං රිදුමක් දැනුනත් උන් දෙන්නා කියන්නෙ සහතික ඇත්ත සූරිය බණ්ඩාර පව්ලෙ එකම උරුමක්කාරයා බෙවන් හාමුගෙ ළමාතැනී වෙන්ට පින තිබ්බට අවුරුදු ගානක තිස්සෙ සතුට කියන දේ මේ වලව්වෙ එක මුල්ලකවත් තිබ්බ බවක් නම් මතක නෑ.
.......
නෙලුම් මං කියන දේ අහන්න ළමයො.

බෑ බෙවන් මට බෑ ඔය පව්කාරකම කරන්න.ඇයි ඔයාට තේරෙන්නැත්තෙ මං අම්ම කෙනෙක් ඔයාට හිතක් පපුවක් නැද්ද?

නෙලුම් දැං පුතාට අවුරුදු 18ක් තව ළමයෙක් මේ කාලෙ හම්බුණොත් අපටමයි ලැජ්ජාව ඔයාට තේරෙන්නැද්ද ඒක,වලව්වෙ නම්බුවටත් කැලලක් අර දරුවටත් ලැජ්ජාවක් ඒ ළමයා කොහොමද යාලුවන්ට මූණෙදෙන්නෙ හරිනම් දැං ඒ දරුවටත් කසාදයක් කරන්න ඕන වයස.

බෙවන්ගෙ බල කිරීමටයි අනිත් දේවලුයි හිතලා අවසානෙදි අම්මා කෙනෙක් නොකරන වැඩක් මං කළා .ඔව් ඒ මයෙ කුසේ හාරමාසෙකට කිට්ටුවෙන්න හිටපු ලේ කළලෙ මං විනාස වෙන්න බේත් බිව්වා..

අයි ඈම් වෙරි සොරි මිස්ටර් බෙවන් ටූ මච් ලේට්. බබා නැතිවෙලා නෑ.මේ වෙලාවෙ අපිට ඇබෝශන් කරන්න බෑ එහෙම කලොත් වයිෆ්ගෙ තත්වෙ බයානකයි..මේ ඩිලිවරි එක කරන්නම වෙනවා...

එදා ඉදලා මං ගේ අස්සෙ හිරකාරියෙක් වුණේ ලෝකෙට මූණ දෙන්න ලැජ්ජාවට ලොකු දරුවෙක් ඉන්නකොට අම්මෙක් තව දරුවෙක් වදන්න ඉන්නවා කියන්නෙ ගමක ලැජ්ජාවට කාරණාවක්...
වෙච්ච දේ ගැන මං කණගාටු නොවුනත් බෙවන් ගොඩක් කලකිරීමෙන් කියලා තේරුනා..කොහොමහරි මගෙ දරුවගෙ ජීවිතේ බේරලා දුන්නට මං දෙයියන්ට දහස්වාරයක් පිං දුන්නා.
ලොකුපුතා මේ ගැන මුකුත් කතා කලේ නැත්තෙ එයැයිට මේ ගැන කියන්න දෙයක් නොතිබුනු නිසාම වෙන්න ඇති..

කන්ගැජ්‍යුලේශන්ස් මිස්ටර් බෙවන් පුතෙක් ලැබුනා බට්???

මොන දේ කරත් බෙවන් දරුවට ආදරෙයි.ඒක මං දන්නවා.දරුවා ලැබුනා කියලා දැනගද්දිම දුවගෙන ආවෙ ඒකයි.දරුවා ලැබුනෙ ගෙදරමයි..පැය පහ හයක්ම දුක් විඳලා විඳලා පුතෙක් වැදුවා..රෙදි කෑල්ලක ඔතලා රෝස මලක් වගේ මගේ අතේ තිව්ව දරුවගෙ මූණ දැකලා මේ අම්මට සමාවෙයන් පුතේ කියලා දරුවව පපුවට ලං කරේ ඌ වෙනුවෙන් ලේ කිරිවෙලා බේරෙනකොටමයි,අමුත්තක් දැනුනා මට ඇයි උඹ මේ අම්මට ලංවෙන්නැත්තෙ කියලා.ඇයි කිරි ඩින්ගක් උරන්නැත්තෙ කියලා ...අඩන්නෙත් නෑ.,පපුවෙ හුස්ම එක තැන නැවතිලා මගෙ.. ඔව් උඹව උඩට උස්සලා හොලවනකොට උඹව ඔතපු රෙදි කෑල්ල බිමට වැටුනෙ ,එතකොට උඹව බිහිකරන්න විදපු වේදනාවට වැඩි දහස් ගුණයකින් කෑ ගහන්න ඇති මං ඒත් එදා ඉදලා අද වෙනකම් නිහඩයි . උඹෙ අප්පා යක්ශයෙක් වුනේ එදා ඉදලා..
.......
ළමාතැනී ළමාතැනී පුංචි බේබි . . . . ??
ලැයිසගෙ කෑගැහිල්ලට කාමරේට දුවද්දියි දැක්කෙ උඹ ලස්සනට හිනාවෙලාම ආයෙ කවදාවත් ඇහැරෙන්නැති නින්දකට ගිහිං කියලා..

එක අතකට එහෙම වෙච්ච එක හොදයි ළමාතැනී බෙවන් හාමුයි කොච්චර ගින්දරක්ද ඉහිලුවෙ. තව තව ලොකුවුනානම් තව දුකක්නෙ..

අනේ සීදේවි මූණ ඒ වුනාට අත පය හතරම නෑනෙ මැවිලවත්...ඔහොම ඉදලා වැඩක් නෑනෙ...

උඹව බලන්න අන්තිමට ආව ගමේ ගෑනු උඹ ගැන එහෙම කියද්දි මේ පව්කාර අම්මට කොච්චර රිදුනද දන්නවද?.ආයෙ නම් කොයි ආත්මෙකවත් මේ පව්කාර ලෝකෙට එන්නෙපා මගෙ පුතේ ...
උඹ වෙනුවන් අන්තිම පස් මිට වලට දාලා මම පැතුවෙ එහෙම..උඹ වෙනුවෙන් උඹේ අප්පගෙ ඇහේ කදුලක් වැටනවා දැක්කෙ අද ඒත් අද උඹ අපෙන් ඈත්වෙලා.
................


ජීවිතේ ඇත්තටම දැකපු අත්දැකීමක් එක්ක මේ කතාව ලිව්වෙ,ජීවිතයක් නැති කරන්න කාටවත් අයිතියක් නෑ. ..එහෙම වුනොත් ඒක ජීවිතේටම සාපයක් වෙයි.
හැඟුනනම් දෙයක් මට කියන්න. ස්තූතියි.

ලිව්වෙ -අම්රි පෙරේරා.