සහීකා

අම්‍ රී ලියයි

#සහීකා

අයියේ.. අනේ නැගිටිනවකො,, මේ,
මොකද හලෝ මේ අඳෝඇඬියාව උදේම නිදාගන්න දෙනවකො මඟුල,,
අනේ අයියෙ මාව ගිහිං දානවකො ක්ලාස් එකට අද පරක්කුවෙලා හොඳටම
චික් අප්පා මුං වගේ එවුන් මොකට සහෝදරියො වුනාද මංදා ඉන්නවා වොශ් එකක් දාං එන්නම්..
හී හී මේ ඔච්චර ලස්සනට එන්නෝන්නෑ තමුසෙව බලන්න එතන කෙල්ලො නෑ .
අනේ ප්ලෑන් නංගි යන්න උඹලෑ ක්ලාස් එකෙ ඉන්න රිලවියන්ට වඩා ලස්සන උන් දෙහිවල සූ එකේ ඉන්නවා... එනවා යන්න ඉතිං .තමුසෙව මෙහෙම දාං යද්දි කෙල්ලෙක්වත් බලන්නෑ ඕයි.

...............
හෝව් හෝව් හෝව්.. මෙතනින් දානවා මගෙ බොක්කිත් අතන ඉන්නවා එහෙනම් පරිස්සමට යනවා මොනාවුනත් හදිස්සියට ට්‍රාන්ස්පෝට් දෙන්න ඉන්න කෙනානෙ.

අනෙ මේ රිලවි කෝ තමුසෙගෙ බොක්කි .
අර ඉන්නෙ ශෝල් එක දාලා එයා තමයි...
ආපෝ මුස්ලිම් කෙල්ලෙක්නෙ..තමුසෙට වෙන කෙල්ලෙක් හිටියෙම නැද්ද??
අයියා,, මේ කවුරු වුනත් අපි මිනිස්සු ජාතිබේද මොකටද?

හා හා මං යනවා අන්න අරකි එනවා මෙහෙට ..
............
බිම බලාගෙන එන මුස්ලිම් කෙල්ල දිහා බලන ගමන් මං නංගිට බායි කියලා එන්න හැරුනෙ ..අහම්බෙන් වගේ මං ආයෙ නංගි ගෙ පැත්ත බලනකොටයි මං ඒ ඇස් දෙක දැක්කෙ තප්පර ගානක් ඒ ඇස් දෙකත් මගෙ ඇස් දෙක ගාව නතරවුනේ හිත ගොලුවෙනකොටමයි.. හඳක් වලාකුලෙන් වැහිලා වගේ රෝසපාට සර්වාර් එකෙ ශෝල් එකෙන් වැහිච්ච ඒ මූණ මගෙ දඩබ්බර හිත හෙලෙව්වද මංදා .. මං එහෙමම ආවෙ නංගි දැක්කොත් වස ලැජ්ජාව නිසාමයි..

මං දනුක චමත්ක, මගෙ එකම හුරතලී දනුකි චමත්කා ...එයා මේ අවුරුද්දෙ තමයි උසස්පෙල පටන් ගත්තෙ මම නම් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්..මීට අවුරුද්දකට කලින් තාත්ත අපිව දාලා සදහටම ගියේ අම්මවයි නංගිවයි මට බාරදීලා.. කවදාවත් ආදරේ කියන දේ ගැන මං උනන්දු නොවුනෙ මගෙ නංගී අම්මයි බලාගන්න එක දැං මේ හැමදේටම වඩා මගෙ වගකීම වුන නිසා..ඒත් අද හිතේ කොහෙද තිබිච්ච ආදරයක් එලියට එන්න පොරකනවදෝ කියලා මට හිතුනෙ මගෙ නංගිගෙ බොක්කිව දැකලා...මේවා හිත හිත මං ගෙදරට ආවා
.........
සුදු මහත්තයා නංගිව පරිස්සමට දැම්මද පංතියට
ආ පෝ දාම්මා දැම්මා මල ඇණේ හැමදාම ඉතිං මට සෙනසුරාදා ඉරිදා ටිකක් නිදාගන්න නෑනෙ ...
පව්නෙ සුදු මහත්තයො ඒකි බස් එකේ යන්න ආස නෑ ඒකයි...
හරි අම්මා මං බොරුවට කිව්වෙ. මං ටිකක් නිදාගන්නම් එහෙනම්..

මං කාමරේට රිංගුවෙ සිංදුවකුත් කියාගෙන ,ගිහිං ඇඳට වැටිලා ඇස් පියවෙනකොටම මට ආයෙත් මතක්වුණේ අර ඇස් දෙක. මොන ජාතියෙ වුනත් ඒ ඇස් කොච්චර අහිංසකද?
...........
සින්දුවක විශුවල් එකක් බලුවා වගේ මම හීනෙක පැටලුනේ අර ලස්සන ඇස් 2ක ගාව. ..

යකෝ මූ තාම නිදිද ?
ඒයි කුම්බකර්න නැගිටිනවා මම ක්ලාස් ගිහිනුත් ආවා...
ආපෝ වාතේ ආවද...
මේ තමුසෙගෙ අර බොක්කි මොකෝ කිවුවේ...

ආ ආ ආ ඒ මොකෝ අයියන්ඩි ... මුකුත් කිවුවේ නෑ ...
නෑ නෑ ඒකි මම දිහා කන්න වගේ බැලුවා ඒකයි...

අනේ හලෝ යනවා යනවා මම දැක්කා තමුසෙ #සහීකා දිහා නම් කන්න වගේ බලනවා...
හුටා මේකි ඒකත් දැක්කාද ?ලැජ්ජාවෙ බෑ ...ඒත් කමක් නෑ එතකොට ඒ අහින්සක ඇස් දෙකේ අයිතිකාරි #සහීකා ද ....

මේන් වැන්දා අයියෙ වැරදිලාවත් බලන්න නම් එපා ... සහීකා දිහා .
ඒ මොකො තමුසෙගෙ ඉරිසියාවනේ..

අනේ මගේ අයියට හරි යනවානම් මට කොච්චර සතුටුයිද ? ඒත් අයියා දන්නවාද සහීකාට අයියලා දෙන්නෙක් ඉන්නවාලු උන් දෙන්න ඒ කෙල්ලව හිරකාරියක් වගේලු හදන්නේ ...පාතාලෙ දෙන්නෙක්ලු.. කෙල්ල ඔය A/L කරන්නත් කැමැත්ත ගත්තේ නොකා නොබී ඉදලාලු..දවසක් ක්ලාස් එකේ කොල්ලෙක් විහිලුවක් කරලා පහුවෙනිදා ඒ කොල්ලා ක්ලාස් ආවෙ අතත් කඩාගෙන .. මට අයියා විතරයි ඉන්නෙ ඒකයි මම දැම්මම කියන්නේ ..
ඔන්න අම්මා එනවා... යමු කන්න දැන් මටත් බඩගිනි ....

........................
ජීවිතේ පලවෙනි වතාවට දැනුනු ආදරේ කොහොමද අමතක කරන්නෙ ... ඒත් මම නිසා ඒ කෙල්ලට ඉගෙනගන්නත් නැතිවෙයි..මෙහෙම හිත හිත රෑ එලිවෙනකම්ම හිටපු මම නන්ගව ඉරිදා ක්ලාස් එක්ක යන්න නැගිට්ටේ එයා මාව ඇහැරන්නත් කලින් ....

අම්මා මේ බලන්නකො අද එක්කෙනෙක් ඔක්කොටම කලින් නැගිට්ටේ මොකද දන්නෙ නෑ ...
අනේ මේ මම වැඩකට ටවුන් එකට යන්නෙ තමුසෙ එනවනං එනව නැත්නම් මම යනවා ...
ඒයි ඉන්නවා ඉන්නවා මේ එනවා මම ...
අයියා ඔයා සහීකාට කැමතිද? මට බොරු කරන්න බෑ ඔයාට .

නන්ගි අහපු දේට ඉබේම මට බයික් එකේ බ්‍රේක් එක ගැහුනෙ ලැජ්ජාවටද මන්දා ...

පිස්සුද හලෝ... එහෙම මගුලක් නෑ ..
හා හා නැත්නම් කමක් නෑ .. මතකනෙ මම කිව්ව ඒවා...

එදත් මම සහීකාගෙ ලස්සන ඇස් දෙක දැක්කෙ මම දිහා බලලා හෙමීට දාපු ලස්සන හිනාවත් එක්ක ..
මම සින්හල ,එයා මුස්ලිම් ..ඒත් ඒ ඇස් මගේ කරගන්න තිබ්බා නම් මට ජාතිබේද ඕනෙ නෑ ...මම ආයෙ නන්ගි එක්ක සහීකා ගැන කතා කලේ නෑ ...

..........................
ඊලග සතියෙ නන්ගියි අම්මයි දෙන්න හදිසියේම ගමේ ගියේ සීයා තාත්තා අසනීපයෙන් කියලා දැනගත්‍තු නිසා ..
මට තාමත් ඒ ඇස් අමතක කරන්න බෑ .. කල්පනා කරලා කරලා මම නන්ගිගෙ ක්ලාස් එක ලගට ගියෙ සහීකාට මගෙ හිතේ අදහස කියන්න ...

එක්ස්කියුස් මී නන්ගි ....
ආ මේ දනුකිගෙ අයියා නේ...කෝ එයා මම ගොඩාක් මෙතනට වෙලා...
කිය කිය කැඩිච්චි සින්හල ගිරවියෙක් වගේ කියවද්දි මටම ලෝභකමක් දැනුනා...

ආ අද නන්ගි එන්නෙ නෑ එයා ඔයාට මේක දෙන්න කිවුවා..කියලා මම මගේ අදහසයි ඵෝන් නම්බර් එකයි කොලේක ලියලා දුන්නා..
පැය 6ක් 7ක් ගියා තාම උත්තර නෑ... එකපාරටම රෑ11ට විතර කෝල් එකක් ආවා

හෙලෝ....
හෙලෝ....
රහසින් වගේ මුමුණන ඒ හඩ අදුරගන්න මට වෙලා ගියෙ නෑ ...
අයියෙ මම සහීකා ...
මම දන්නවා ....
ඒ කෝමද ...
ඒක වැඩක් නෑ කියන්න මම අහපු දේට උත්තර ....
අනේ අයියෙ ඔයා දන්නේ නෑ මගේ අයියලා දෙන්න ගැන ....එයාලා ඔයාව මරයි...මම මේ කෝල් කරන්නෙත් හොරෙන් මට පෝන් එකක් යූස් කරන්න දෙන්නෙ නෑ මම හිරකාරියක් වගේ.....
කෙල්ල අඩනවා මගේ පපුවත් හිරවෙලා වගේ ...

හරි ඔයා කියන්න අයියලා ගැන නෙවෙයි මට කැමතිද කියලා ...
ම්ම්ම්ම් එදා දනුකි දාන්න ඇවිත් මුලින්ම දැක්ක දවසෙයි ආදරේ හිතුනෙ...

හොරකෙල්ල .... ආදරෙයි මැණික ...දැන්වත් සතුටින් ඉන්න ...දැන්ම නන්ගිට කියන්න එපා එයා බයවෙයි.. හෙට මම ක්ලාස් එක ගාවට එන්නම් ... දැන් දොයියන්න....

ම්ම්ම්ම් ආදරෙයි අයියෙ ගොඩාලියක් ...
කෝ
.........................

කෝ බලන්න ආව් අදනෙ දැක්කෙ මගේ ෆාතිමාගෙ ලස්සන ... එක අතකට ඔහොම වහගෙන ඉන්න එක හොඳඉ ..ඕවා වෙන කාටවත් පේන්න ඕනෙ නෑ ...
අනේ ඔයා නරකයි අයියෙ මුල්ම දවසෙ ඔහොම කියනවද? මේ මට ක්ලාස් යන්න පරක්කු වෙනවා.. මම යන්නද??

මැණික අද යන්නම ඕනෙද?
අදට විතරක් ඉන්න ආය කවදාවත් ඔයා ක්ලාස් කට් කරන්නෙ නෑ ඕකේ..අද නන්ගත් නෑ නේ .. ප්ලීස් ...

අනේ අයියෙ මට බයයි දැනටමත් අයියලාට ආරන්චි වෙලාද දන්නේ නෑ ..

මම ඉන්නකම් බය වෙන්න එපා මැණික ...
හ්ම්ම් කොහෙද යන්නෙ අපි...

ඔයා කැමති තැනකට යමු...
එහෙනම් මාව බෙල්ලන්විල පන්සල් එක්ක යන්න ... තව ඊට පස්සෙ බීච් එකට ,,ඊට පස්සෙ අච්චාරු අයිස්ක්‍රීම් ඕනෙ ...

අපෝ මේ කෙල්ල ....
අපි මුලින්ම නෙලුම්මල් මිටියකුත් අරන් ඉස් ඉස්සෙල්ලම ගියේ බුදුන් වදින්න.. මගේ කෙල්ල ශෝල් එක ගලවලා මල් මිටියත් අතේ තියන් වදිනවා . .. ඒ මූණත් රෝස මලක් වගේ....

ඉවරද?
හ්ම්ම්
මොනවාද අප්පේ ඔච්චර වැන්දේ....
මම වදින්න දන්නෙ නෑ අයියෙ ... ඒත් මම බුදුසාදුගෙන් ඉල්ලුවෙ මේ ආත්මෙ බැරිවුනොත් ඊලග ආත්මෙ ඔයාව මටම දෙන්න කියලා ....

පිස්සි ... ඔයා මගෙ මම ඔයාගෙ දැන් ...
හ්ම්ම් එහෙනම් දැන් අපි යමු මැණික පරක්කු නොවී.. තව ඉතින් අයිස්ක්‍රීම් අරන් දෙන්නත් ඕනෙනෙ...

හ්ම්ම් ඔව් ඔව්...
අයියෙ .....
ඔයා දන්නවද ම්...මම අද තමයි මගේ ජීවිතේ සතුටින් හිටපු එකම දවස... ඒ ඔයා නිසා.. ඔයාට තෑන්ක්ස් අයියෙ ...

මගේ කෙල්ල කොච්චර අහින්සකයි ද දෙවියනේ... කියලා ඒ මූණ අත් දෙකින්ම අල්ලන් ඉම්බෙ ගොඩාක් පරිස්සමෙන් ... මගේ ආදරේට තවත් කෙල්ල තුරුළු උනේ ඈත පේන ගොලු මුහුදටත් හොරෙන් වගේ.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤...

මැණික
ම්ම්ම්ම්ම්
අපි යමු දැන් ..
මම ඔයාව ක්ලාස් එකෙන් දාලා යන්ම්...
අයියෙ ...
මාව අමතක කරන්නෙ නෑ නේද ?...
අනේ නෑ මැණික ඔයා දැන් මගේ ...
නෑ මට බයයි .මම මුස්ලිම් , මගේ අයියලා ගැනත් බයයි ...

හරි දැන් මම ඉන්නවානෙ... අනික ඔයා මුස්ලිම් උනාට ඔයාට තියෙන්නෙත් රතු ලේ , මටත් එහෙමයි ...
.......................
මම බයික් එක අරන් එද්දිම කෙල්ල මගේ ලගට ඇවිත් මට තුරුළු උනේ මට පුදුමයි ...
මගේ අතේ සීතලට මොනවාද ගෑවෙනකොට මම දැක්කෙ ලේ....
දෙයියනේ ..... මගෙ මැණික ...
අයියෙ
ඔයා ඊලග ආත්මෙ මගේ වෙන්න මම බුදුසාදුගෙන් ඉල්ලුවෙ ....මම යනවා ඔයා හොදින් ඉන්න ...මගේ ජීවිතේ පලවෙනි අන්තිම සතුටු දවස අද..දුකයි ඔයා දාලා යන්න ..

නෑ මැණික උබට බෑ යන්න මොකක්ද මේ උනේ අනේ දෙවියනේ ....

------------------------
ජාති බේදයක් නිසා අවසානයේ අහිංසක ජීවිත දෙකක් අකාලයේ මිලින විය..සහීකාගෙ සහෝදරයන් අතින්ම තම නැගනිය අවසන් ගමන් ගිය අතර, උන්මත්තකයෙක් වූ දනුක තවමත් සහීකව සොයමින් හඩා වැලපෙයි.....

#අම්රි පෙරේරා...

2995 Views