නුරාවි

ලස්සන කෙටිකතා කිය්වන්න යාලුවෝ හොයාගන්න දැන්ම sign up වෙන්න

❤නුරාවී...❤

කෙටි කතාව.

******************************

"පුංචි මහත්තයා.. අපි ගෙදරට ආවා..."

උඹ ගැනම හිත හිත ආව මං කල්පනා ලෝකෙන් එලියට ආවේ සුනිල්ගේ කටහඬට...

මං හිනාවෙලාම කාර් එකෙන් බැස්සේ පුදුම තරම් නොඉවසිල්ලෙන්... ඒ උඹව දකින්න... මගේ හිත සතුටින්.. ඒ උඹ නිසා...

තාමත් පුදුමයක් මට උඹ මගේ ළඟ ඉන්නවා කියලා හිතෙද්දිත්...

අහම්බෙන් මට උඹව හම්බ උනේ හරි පුදුම විදියට.. ඉතින් පුදුම නොවී කොහොමද... උඹ දැන් මගේනේ... ඉක්මනට ආදරෙයි කියන්න ඕනේ.. මම හිතුවා..

කලබලෙන්ම ගෙට ගොඩවෙන්න ආවෙත් ඒ නිසාමයි.. උඹට ආදරෙයි කියන්න..

??????????

සල්ලි නිසාම උඹේ අයියා උඹව මට බිල්ලට දෙද්දී උඹ නොසෑහෙන්න අඬා වැලපුනා කියලා මං නොදන්නවා නෙවෙයි... ඒත් මං උඹට ආදරේ කරේ උඹව දැකපු මුල්ම දවසේ ඉඳලාමයි... ඉතින් මං ලෝබ උනා උඹට.. මට ඕනා උනා උඹව... උඹ අඬද්දිත් මං නිහඬවම හිටියේ ඒකයී..

අවුරුදු විසි අටක් වෙච්ච මං අම්මලාගෙන් බේරෙන්නත් එක්කම මේ විවාහය කරනවා කියලා උඹේ අයියටත් ඒත්තු ගන්වලා උඹව අයිති කරගත්තෙත් ඒ නිසයි..

කොහොම හරි අන්තිමට උඹ මගේ මනමාලි උනා.. කාලය ගෙවුනේ හරි ඉක්මනට..

අදටඋඹ මගේ ගෙදරට ඇවිල්ලත් දැන් අවුරුද්දකට කිට්ටුයි.. ඒත් ගෙවුනු කාලයටම මං ගෙදර උන්නත් උඹ නෙවෙයි මගේ දිහා බැලුවෙවත්..

මාස ගනන් මං රටවල් ගානේ ඇවිද්දෙත් ඒ නිසයි.. ඒත් උඹට තාමත් මං උඹේ කවුරුවත් නෙවෙයි... මං පුලුවන් තරම් ගෙදරින් ඈත් වෙලා හිටියෙත් ඒ නිසයි...

ඒත් අද... උඹ කොහේද.. ඇස්දෙක නොසන්සුන් වෙලා හතරවටේ කැරකෙනවා...

මගේ මූනවත් නොබලා හිටියට මගේ අම්මා අප්පච්චී එක්ක නම් උඹ හරි හරියට හිනාව, කතාව.. අම්මා අප්පච්චී නැති උඹ මගේ අම්මා අප්පච්චී උඹේම කරගෙන වගෙයි උඹ ඉන්නේ.. මගේ ගෙදර මං බෑනා වගේ වෙලා.. උඹ දුව වෙලා... ඉතින් මට සතුටුයි...

වචන දහයක් මාත් එක්ක කතා නොකරාට මං උඹට නොසෑහෙන්න ආදරෙයි..

බිස්නස් වැඩකට ලන්ඩන් ගිහින් මාස හයකට පස්සේ මං ආයෙත් ගෙදරට එන්නේ අද.. ඒත් මගේ ඉස්සරහට ආවේ මං ගෙදරින් යනකොට හිටපු උඹ නෙවෙයි...

"ඕහ්.. මයි ගෝඩ්.."

"මගේ දෙවියනේ..."

මේ උඹමද.. මට හිතුනා.. පිරුණු කුසකුත් එක්කම උඹව දකිද්දී මට එහෙම කියවුනේ ඉබේටම... එකපාරටම මගේ හුස්ම හිරවුනා වගේ...

මොහොතකට මට හැමදේම අමතක වෙලා උඹේ දිහාම බලාගෙන ඉද්දී දොරකඩ උන්නු මාව දැකපු උඹ හොඳටම බය උනා..

මං දන්නවා මාව මෙහෙම දැක්කාම උඹට පුදුම හිතෙනවා ඇති... පුදුම නොවී කොහොමද... මටත් පුදුමයි උඹව මෙහෙම දැක්කාම...

ඉතින් මතකෙට ආවේ මං ගෙදර උන්නු අන්තිම දවස..

??????????

විවාහයෙන් මාස හයකට විතර පස්සේ දවසක මං මගේ හොඳම යාලුවා සකුන් එක්ක ගෙදර ආවේ හොඳටම ඩ්‍රින්ක්ස් අරගෙන.. ඒ උඹ මට සලකන විදිය ඉවසගන්න බැරිම තැන..

කලාතුරකින් දවසක මං ගෙදර ආවම අපි නිදාගත්තේ එකම කාමරයේ උනත් මං ඇඳෙ නිදාගනිද්දි උඹ හිටියේ සෝෆා එකට වෙලා.. මට හිතුනේ එක දෙයයි.. උඹට මාව ඒ තරමටම පිලිකුල්ද කියලා...

ඉතින් කවදාවත් නැතුව මං ඩ්‍රින්ක්ස් ගත්තෙත් දවසක උඹ කියපු දේ දරාගන්න බැරුව... එදා දවස මට තාමත් පුදුමයක්..

උඹ විවාහයෙන් පස්සේ මාස හයටම උඹ මාත් එක්ක වචනයක් කතා කරානම් ඒ එදා විතරමයි..

"අ..අයියේ.. ම්..මේ මට කතා ක..කරන්න ඕනේ.. අයියට පුලුවන්ද..."

උඹ ඉස්සෙල්ලාම මට කතා කරේ එහෙම.. මං උඹට අතින් වාඩි වෙන්න කියාගෙනම ලැප් එක පැත්තකින් තිව්වේ පුදුම තරම් සතුටින්..

"කියන්න.."

මං එහෙම කිව්වේ උඹේ මූන මත්තෙම ඇස්දෙක අලවගෙන... උඹ තාම පුංචි කෙල්ලෙක්නේ.. මට හිතුනා.. ඔව් උඹට තාම අවුරුදු විස්සයිනේ.. පුංචියි තමයි.. මං හිනාවුනා...

"අ.. අනේ.. මේ.. මේ.. අම්මා.."

උඹ ගොත ගගහා වචන එකතු කරද්දී සත්තයි මට උඹ ගැන තවත් ලෝබ හිතුනා.. උඹ ඒ තරම්ම මට බයයිද කියලා...

තවත් මොහොතක් කල්පනා කර කර ඉඳලා උඹ මට කිව්වෙ හරි පුදුම කතාවක්...

"අම්මා... කි..කියනවා.. මේ.. මේ... බ.. බබෙක් ඕනේ කියලා.."

මගේ මුළු ඇඟම පන නැතිවෙලා ගියේ උඹ ඒක කියපු විදියට.. මං බයවෙලා බලාගෙන හිටියේ කියන්න දෙයක් හිතාගන්න බැරුව..

උඹ මගේ ළඟට ඇවිත් මගේ ළඟින් වාඩිවුනේ බයෙන් බයෙන් ගැහි ගැහි... ඉතින් උඹ නොකියා කිව්ව දේ මට දරාගන්නම බැරුව ගියා....

මුකුත් හිතාගන්න බැරුව උන්නු මං කලබලේටම උඹේ ළඟින් නැගිට්ටේ පුදුම තරම් තරහෙන්...

"මං බල්ලෙක් ගානට හිතුවද ආහ්.. යකෝ.. මං උඹට ආදරේ කරා.. ආදරේ කරා... උඹේ අකැමැත්තෙන් උඹව කසාද බැන්දා තමයි.. ඒත් උඹේ ඇඟට අතක් තියන්නවත් මට ඕනේ උනේ නෑ..."

තරහෙන්ම එහෙම කියපු මං ගෙදරින් ඇවිත් නැවතුනේ නයිට් ක්ලබ් එකක..

උඹ මට ආදරේ කරන්නේ නෑ කියලා නේද නොකියා කිව්වේ.. මං ඒ තරම් පිලිකුල්ද.. මං හිතුවා...

කල්පනාවක් නැති වෙන තරමටම බීලා මං එදා ගෙදර ආවේ පහුවදාට ලන්ඩන් යන්න සියලු දේම ලේස්ති කරලා... සකුන් මාව ගෙදරට දැම්මා... මට ඕනේ උනේ අන්තිම පාරට උඹව බලලා යන්න..

ඒත් එදා සිද්ධ වුනේ හීනෙන්වත් නොහිතුව දෙයක්....

මං කාමරේට එද්දිම උඹ ඇවිත් මගේ පපුවට තුරුළු උනේ මොහොතකට හැමදේම මට අමතක කරවලා..

අවසිහියෙන් මට හිතුනෙම මේ දකින්නේ හීනයක් කියලා...

"මැණික.. මං ආදරෙයි රත්තරනේ..."

ඉතින් මං තුරුළටම කරගත්තා උඹව.. උඹත් හරි හරියට මගේ පපුවට ගුලිවුනා.. මට ඕන උනේ නෑ ඒ හීනෙන් මිදෙන්න.. හීනෙන් හරි උඹේ ළඟින් ඉන්නයි මට ඕනා උනෙත්...

උඹ හිමින් සීරුවේ මගේ පපුව සිපගනිද්දි සත්තයි මට ලෝකෙම අමතක උනා.. උඹව දෝතටම අරගෙන ඇවිත් මං උඹත් එක්කම ඇඳට වෙලා උඹේ තුරුළට උනේ පුදුම තරම් සතුටින්..

මට උඹව පෙනුනේ සුරංගනාවියක් වගේ...

උඹේ නලලතින් පටන් ගත්තු මගේ සිපගැන්ම උඹේ මුලු සිරුර පුරාම දිව්වේ පුදුම තරම් නොඉවසිල්ලෙන්... එකින් එක ගත දැවටුනු සළුපිළි ගිලිහිලා ගියේ නොහිතුව විදියට...

ඉතින් බිඳීලා ගියා මටත් නොදැනිම මගේ සීමා මායිම්... ඒ උඹට තියෙන ආදරේ දරාගන්නම බැරි තැන..

????????????

මං අවදි උනේ මගේ ෆෝන් එක රින් වෙන සද්දෙට.. කෝල් එක සකුන්ගෙන්...

හොඳටම ඇහැරිලා බලද්දී උඹ හිටියේ නැතත් හීන් හිසරදයක් එක්කම මට මතක් උනේ ගෙවුනු රාත්‍රිය..

මං හීනයක් දැක්කද මන්දා.. මං හිතුවා.. කලබලේටම ඇඳෙන් නැගිට්ටේ හවසට ලන්ඩන් යන්න ඕනේ බවත් මතක් කරගෙන..

ඒත් ඇඳ මත තියෙන උඹේ පවිත්‍රත්වයේ සලකුණ මොහොතකට මාව අඩපණ කරා..

"එතකොට ඒක හීනයක් නෙවෙයි..."

මොහොතකට වචනවලට පෙරලන්න බැරි තරම් සතුටක් දැනුනත් ඊලඟ මොහොතේ මතක් උනේ උඹ කලින් දවසේ කියපුවා.. උඹට ඕන වෙන්න ඇත්තේ දරුවෙක්...

ආයේ ආයෙත් මේ වැරැද්ද වෙන්න දෙන්න බෑ.. මට ආදරයක් නැති උඹ මගේ ලේ කැටියෙක් කුසට ගන්න හොඳ නෑ.. මට හිතුනා..

පැයක් එකහමාරක් උඹ එනකම් බලාගෙන කාමරේ පුරාම එහෙට මෙහෙට ඇවිද්දත් උඹ නෙවෙයි මට පේන මානෙකවත් හිටියේ... මං හිටියේ පුදුම තරම් නොසන්සුන්ව..

කාටවත් නොකියාම මං ගෙදරින් ආවේ ඒ තරහටත් එක්කමයි...

??????????

අද මං උඹව දකින්නේ මාස හයකට පස්සේ..

උඹව දකිද්දී දුක් වෙන්නද, සතුටු වෙන්නද කියලා හිතාගන්න බැරුව මං හොඳටම හිරවෙලා... බලාගෙන ඉඳිද්දිම උඹේ මූනේ හිනාවක් ඇඳෙද්දී මං නොසෑහෙන්න අසරණ උනා උඹේ හිතැඟි හිතාගන්න බැරුව...

ඒත් අද උඹ හිනාවෙනවා.. කවදාවත් නැති තරම් ලස්සනට.. ඒකත් අනවසරයෙන්ම මගේ අතකින් අල්ලාගෙන..

ඇස් අහකට ගන්න නොහිතෙන තරම් උඹ පින් පාට වෙලා.. හිතට දැනුනේ සතුටක්.. උඹ මට ලෙංගතු වෙලා කියලා හිතුනා...

"සුදු පුතා.."

උඹේ දිහා බලාගෙන උන්නු මං පියවි සිහියට ආවේ අම්මගේ කටහඬට..

"දොරකඩට වෙලා මොනවා කරනවද.. ඇතුලට එන්නේ නැද්ද.. ආ.."

අම්මා හිනාවෙලා ආයෙමත් කිව්වත් මං හිටියේ හෝන්දු මාන්දු වෙලා වගේ... තාමත් උඹ මගේ අතක පැටලිලා...

"වසූ.. ඇතුලට යමුකෝ..."

උඹ මගේ අත තද කරලා කියද්දී මං පියවි සිහියට ආවා...

උඹ රඟපානවාවත්ද... දෙවියනේ... මේ හීනයක් නෙවෙයි.. ඒත් උඹ මට වසූ කිව්ව එකනම් හීනයක්ම තමයි.. මට හිතුනා..

ආරව් නිවිත්ම වස්සාන.... ඔව් උඹ වසූ කිව්වේ මටම තමයි.. ඉතින් සතුටුයි හිතට.. දෙපාරක් නොහිතම උඹව හරහට වඩාගත්තේ සිද්ධ වෙච්ච දේවල් එකක් නෑර දැනගන්න ඕන කියලා හිතම කෑගහද්දි...

"අනේ අම්මා.. මේ අයියා.. අනේ...."

උඹ බයවෙලා මගේ බෙල්ලේ එල්ලිලා කෑගහද්දි මං පියගැටපෙළ බාගයක් නැගලත් ඉවරයි...

"අනේ කොල්ලෝ.. ඔය දරුවට වද දෙනවා එහෙම නෙවෙයි... පරිස්සමට..."

අම්මා හිනාවෙවී තව මොන මොනවදෝ කියෙව්වත් මටනම් මුකුත්ම ඇහුනේ නැති ගානයි... මං කල්පනා කරේම ඇයි මං පහුගිය කාලෙටම උඹ ගැන හෙව්වෙවත් නැත්තෙ කියලා....

මට උඹව නොසෑහෙන්න මග ඇරිලා... මගේ ලේ කැටියාත් එක්කම... උඹේ ළඟින්ම ඉන්නම ඕනේ කාලේ.... උඹ පව්.. මගේ පුංචි එකී... ඇස්වලට කඳුලක් මෝදු උනේ දුකටමයි...

කාමරේට ඇවිත් උඹේ මූන දිහා බලද්දී මගේ පපුවට තුරුළු වෙලා උඹ රහසින් හිනාවෙනවා...

බිමින් තියන්න හැදුවත් උඹ නෙවෙයි හෙල්ලුනේවත්... තව තව මගේ බෙල්ලම හිරකරේ හිනාවෙවීමයි...

අනේ උඹේ කෝලං.. කවදාවත් නැතිතරම් උඹ මට ළඟවෙලා... පපුවම පිච්චිලා ගියේ ඒ හිනාවට....

"ආදරෙයි සුදු නෝනා.."

නොදැනිම එහෙම කියවුනේ ලෝබකමට...උඹ තාමත් පපුවට තුරුළු වෙලා..

"මාත් ආදරෙයි දෙයියනේ..."

ඇහෙන නෑහෙන ගානට ඇහුනේ එහෙම...

"මොකක්.."

නොහිතාම එහෙම ඇහුනේ ඉබේටම... උඹ කියපු දේ පිලිගන්න බැරි තරමට මං හොල්මන් උනා.. ඔව්.. ඒත් මට විශ්වාසයි.. උඹ කිව්වේ මට ආදරෙයි කියලාමයි...

"අනේ.. මාවත් වඩාගෙන වාඩිවෙන්නකෝ..."

උඹ මූනත් රතුකරගෙන එහෙම කියද්දී මම හිනාවෙවීම ඇඳෙන් වාඩි උනේ උඹ මගේ ඔඩොක්කෙන් තියාගෙනම...

මොහොතක් ගෙවිලා ගියේ උඹෙයි මගෙයි හුස්ම හඬ විතරක් ඇහෙද්දී..

"ඉතින්..."

"ඇයි නොකියාම ගියේ..."

මං තව මුකුත් අහන්නත් කලින්ම උඹ ඉස්සර උනා.. මං උඹේ දිහා බලද්දිත් උඹ අහක බලාගෙන මගේ පපුවට තුරුළු වෙලා හිටියත්, මොහොතක් ගෙවුනත් උඹ නෙවෙයි මගේ මූන බැලුවේ...

උඹ එනකම් බලාගෙන උන්නු බව දන්නේ මං විතරමයිනේ... උඹ දිහාම බලාගෙන මං හිතුවා..

"මං හෙව්වාට සුදු නෝනා හිටියේ නෑනේ.. මං හිතුවෙම දරුවෙක් ඕන නිසා එහෙම උනා කියලා.. ඉතින් ආයේ ආයෙත් ඒ වැරැද්ද නොවෙන්නයි මං ගියේ.. මගේ මූන බලලා හිනාවෙන්නෙවත් නැති එකී මට ආදරේ කරයිද කියලත් හිතුනා.. මං ආදරේ කරාට සුදු නෝනා ආදරේ කරේ නෑනේ මට... ඉතින් මං බය උනා.. සුදු නෝනා දැක දැක ඉවසගන්න බැරි වෙයි කියලා හිතුනා.. ඒකයි ගියේ..."

එහෙම කියාගෙනම මං මගේ අතකින් උඹේ කම්මුලක් පිරිමැද්දේ පුදුම තරම් ආදරෙන්.. යන්තමින් කම්මුලක් සිපගත්තෙත් ලෝබ කමට.. මං දැන් දන්නවා උඹ මට ආදරෙයි කියලා.. ඉතින් මේ මගේ අයිතිය...

"වැරැද්දක්ද ඒක.."

උඹ මගේ අත අරන් තියාගත්තේ උඹේ කුසට.. උඹේ ඇස්වල කඳුළු..

දෙයියනේ උඹ නම්.... මෙච්චර කියලත් ආදරේ තරම්... උඹට ඇහුනේ ඒක විතරද..

"එහෙම කිව්වා නෙවෙයි සුදු නෝනා... එදා මං දැනන් උන්නේ නෑනේ සුදු නෝනා මට ආදරෙයි කියලා... ඉතින් අකැමැත්තෙන්, අසරණ කමක් නිසා උඹ මගේ උනානම් ඒක වැරැද්දක් කියලා හිතුනා.."

ඒ පාර උඹ හීන් හඬින් හිනාවෙනවා..

"එතකොට එදා මං කියෙව්ව මුකුත්ම වස්‍තු දන්නේ නැද්ද... වස්තුට ඇහුනෙත් නැද්ද..."

"ඒ මොනවද.."

මං කලබලෙන් උඹේ මූනටම එබිලා අහද්දී උඹ රිදෙන්නම මගේ කම්මුල් මිරිකනවා.. ඒ මදිවට මහ කුප්ප හිනාවකුත් දානවා..

"අම්මෝ.. ඇති යන්තම්.. මුකුත් ඇහිලා නෑ.. බේබද්දා කියලා මං බැන්නේ බොරුවටෑ.. මේකා නට් ලූස් වෙන්නම ගහලනේ එදා..."

ඒ පාර මට උත්තර නොදීම ඇහෙන නෑහෙන ගානට රහසින් කුටු කුටු ගානවා..

හහ්.. බේබද්දාලු මට.. අනේ ඇත්තමයි උඹේ කටනම්....

"සුදු නෝනා... සුදු නෝනා..."

මුකුත් කියන්නත් කලින්ම මට ඇහුනේ අම්මගේ කටහඬ... ඒ ගමන උඹ මගේ ඔඩොක්කෙන් නැගිට්ටේ ඉනටත් අත් දෙක තියාගෙන...

"එනවා අම්මා.."

ටිකක් සද්දෙට එහෙම කියපු උඹ ආයෙත් හැරුණේ මගේ පැත්තට... මගේ මූනටම පහත් වෙලා කම්මුලක් සිපගත්තේ මං පුදුම වෙලා බලාගෙන ඉන්නකොට....

"මගේ වස්‍තු ගිහින් වොශ් දාගෙන එන්නකෝ.. මං කෑම ලේස්ති කරන්නම්..."

මං එහෙමම ඉද්දි උඹ කුසටත් අත තියාගෙනම කාමරෙන් එලියට ගියේ හිනාවෙවී...

"අනේ ඇත්තමයි අම්මා.. ඔයත් හොඳම හරියෙන් උදැල්ල දානවනේ.. ඔයාගෙ ලව්බර්ඩ් ගෙදර නෑනේ හුරතල් වෙන්න.. ඉතින් ඔයාගේ ලිට්ල්බර්ඩ් එක්ක මං හුරතල් වෙනකොට ඔයාට ඉරිසියාවනේ.."

"අනේ ඇත්තට මේ කටනම්.."

දොරකඩ ගාවින් එහාට වෙනකොටම ආයෙත් ඇහුනේ උඹේ කටහඬ... උඹ මොන මොනවදෝ කියවනවා.. අම්මා තව මුකුත් නොකිව්වත් හිනාවෙනවා කියලානම් තේරුනා..

මෙච්චර දවස් උඹේ කටකාරකම් කොහෙද හංගන් උන්නේ කියලා හිතුනා...

?????????????

පැයක් විතර වෙලාව අරන් මං හොඳට නාගත්තේ උඹ ගැන හිත හිතාම.. මගේ පුංචි එකී..

උඹට තාම අවුරුදු විසි එකයි.. මට දැන් විසි නමයක්.. අපි අතර වයස පරතරය වැඩිද මන්දා.. අනික පොඩි වයසින්ම උඹ අම්මෙක්ගේ වගකීම් දරන්න සූදානම් වෙලා.. ඉතින් දැන්නම් උඹ ගැන බයත් හිතෙනවා.. මමත් නැතුව ගෙවුනු ඒ අමාරු දවස් උඹ කොහොම දරාගත්තාද කියලා පපුවම කකියනවා.. ඒත් ආඩම්බරයි උඹ ගැන.. උඹ දුර්වල නෑ කියලා දැනුනා...

පහලට යද්දිත් උඹ අම්මා එක්ක එකතුවෙලා රෑ කෑම මේසෙත් හදලා ඉවරයි... මං ආසම කෑම ජාතිවලින් මේසෙම පිරිලා.. උඹේ අතින්ම හදලා.. මතක ඇතිදා ඉඳලා ගෙදරින් කෑව දවසක් තිබුනෙම නෑ.. ඉතින් ආස හිතුනා පලවෙනි වතාවට උඹේ අතින් මං වෙනුවෙන් හදපු කෑම ටිකේ රහ බලන්න...

අදින් පස්සේ ජීවිතේ වෙනස් වෙයි.. මට හිතුනා..

කාලා ඉවරවෙලා කාමරේට ඇවිත් පැයක් ගියත් උඹ තාම නෑ.. ඉවසලා බැරිම තැනයි ආයෙත් පහලට ආවේ..

කුස්සියේ බැලුවත් උඹ පේන්නවත් නෑ.. ගේ පුරාම ඇවිද්දේ උඹව හොය හොයා.. කාමරයක් කාමරයක් ගානේ ගියත් මට දැනුනේ මගේම ගේ ඇතුලේ මං අතරමං වෙලා වගේ.. හැමදේම වෙනස් වෙලා.. පුදුම තරම් ලස්සනයි, පිලිවෙලයි.. උඹ හැමදේම වෙනස් කරලා... අන්තිමට මං නැවතුනේ අම්මාගේ කාමරේ ඉස්සරහා..

කාමරේට යන්න තිබ්බ අඩිය නැවතුනේ අම්මාගේ කටහඬට...

"සුදු නෝනා.. පරිස්සමින් හොඳද.. පුතා ගොඩක් දවසකින් ආවා තමයි... එහෙම කියලා සෙල්ලම් කරනවා නෙවෙයි... මගේ කොල්ලා ගැන මට වඩා දන්නේ සුදු නෝනානේ.. ඔය කාලෙට ඒ දේවල් ඕනා තමයි.. ඒකෙන් දරුවා ලැබෙන්න ලේසී කරනවා.. ඒත් පරිස්සමින්.. මං කියන දේ තේරෙනවානේ.. ම්ම්ම්.. දැන් කාමරේට යන්න... බුදුසරණයි..."

උඹ හොඳටම රතුවෙලා බිම බලාගෙන අම්මා කියන කියන එකට ඔලුව වනනවා... අනේ මන්දා අපේ අම්මත්.. අපොයි.. මොන ලැජ්ජාවක්ද මේ.. මට දැනුනේ මමත් රතුවුනා වගේ..

අම්මෙක් නැති උඹට හැමදේම කියලා දෙන්න මගේ අම්මා කැමැත්තෙන්ම ඉදිරිපත් වෙලා.. ඔව් ඉතින්.. උඹ තාම පුංචි එකීනේ..

?????????????

තවත් මාස තුනක් ගෙවිලා ගියේ පුදුම තරම් ඉක්මනට... මං පුලුවන් තරම් උඹේ ගාවටම වෙලා හිටියේ උඹ ඒ තරමටම මාව හොයන නිසා.. නොකිව්වත් මං දන්නවා උඹ ඉන්නේ හොඳටම බයෙන්.. ඒ තව සතියකින් දරු ප්‍රසූතියට උඹව හොස්පිටල් ඇඩ්මිට් කරන්න ඕනේ නිසා..

නොකිව්වත් මාත් ඉන්නේ හොඳටම බයෙන්.. උඹට උහුලගන්න පුලුවන් වෙයිද මන්දා.. පාත්තයෙක් වගේ දෙපැත්තට වැනි වැනි මගේ දිහාවට ඇවිදන් එන උඹ දිහා බලාගෙන මං හිතුවා..

අනේ උඹේ පින් පාට.. ඇසිපිය නොගහා බලාගෙනම ඉන්න හිතෙන තරම්ම උඹ මගේ හිත නිවනවා..

"සුදු මහත්තයෝ..."

"ම්ම්.."

"වස්තූ.."

"ම්ම්.."

"පන.."

"ම්ම්ම්..."

"මොකද්ද අනේ.. මොන ලෝකෙද ඉන්නේ..."

ඒ පාර උඹ මාව හොල්ලනවා.. මං මෙච්චර වෙලා උඹ දිහා බලාගෙන කල්පනා කරලා..

"එක්කන් යන්නකෝ කාමරේට මාව.. අනේ.."

මගේ අතකින් තදකරලා අල්ලාගෙන ඒ පාර උඹ ආයෙත් කියනවා.. අනේ මන්දා මට දැනුනේ උඹේ මොකද්දෝ වෙනසක්...

මං මුකුත් නොකියාම උඹවත් හරහට වඩාගෙන කාමරේට ආවේ උඹේ මේ වෙනස ඇයි කියලා හිත හිතා.. උඹේ ඇස්වල වේදනාවක්ද මන්දා.. ඒත් ඇයි.. මං හිතුවා..

"අනේ.. ම..මට ඔයා දාලා යන්න බෑ.."

උඹ ඇඳෙන් හාන්සි කරාටත් පස්සේ උඹ එහෙම කියද්දී මගේ හුස්ම හිරකරා වගේ..

උඹ නැති තප්පරයක්වත් මට එපා.. උඹ නැතුව මං කොහොම ඉන්නද...

"සුදු මැනිකේ.. ඇයි මේ.. ආ..."

පුදුම තරම් ඉවසගෙන මං එහෙම ඇහුවේ උඹේ ළඟින්ම වාඩිවෙලා.. උඹ බයවෙලාද මන්දා.. මට හිතුනා...

"අ.. අනේ.. සුදු අයියේ.. ම..මට අමාරුයි.. පොරොන්දු වෙන්න.. අපේ පැටව් පරිස්සම් කරනවා කියලා.."

"මොනවාද සුදු මැනිකේ උඹ මේ කියන්නේ.. උඹට මොනා වෙන්නද.. අපි හොස්පිට්ල් යමු.."

ඒත් එක්කම උඹ පපුවටත් අතක් තියාගෙනම සිහි නැති උනා..

"අනේ අම්මා.. අප්පච්චී.. ඉක්මනට එන්නකෝ..."

????????????

උඹව රෝහලට අරන් ආවේ කොහොමද කියලාවත් මං දන්නේ නෑ.. මං හිටියේ අසිහියෙන් වගේ.. අම්ම අප්පච්චී නොහිටින්න මේ වෙනකොට මගේ හුස්මත් නැවතිලා..

"අහස්යා නුරාවිගේ හස්බන්ඩ්ට ඩොක්ට ඉක්මනට එන්න කිව්වා.."

හෙදියක් ඇවිත් කතා කරනකල්ම මං හිටියේ දෑතින්ම හිස බදාගෙන ප්‍රසූතිකාගාරය ඉස්සරහට වෙලා..

""වෛද්‍ය රශේන් සූරියප්පෙරුම..""

කලබලෙන්ම ඩොක්ටගේ රූම් එකට යද්දිත් වෛද්‍ය වාර්තා වගයකුත් තියාගෙන ඩොක්ට උන්නෙත් බර කල්පනාවක.. ඒ බැල්ම පවා අමුතුයි..

"මේකයි මචං.. මේක අහලා කලබල වෙන්න එපා.. නුරාවිගේ තත්වෙනම් ටිකක් නෙවෙයි ගොඩක් සීරියස්.. කෙල්ලට සිහියත් නෑ.. බබාලාගේ ඩිලිවරි එක කරන්න වෙන්න සීසර් සැත්කමකින්.. අනික කෙල්ල හාට් පේෂන්ට් කෙනෙක්.. දරුවෝ ගැන ශුවර් කලත් කෙල්ලගේ ජීවිතේ ශුවර් නෑ.. මචං.. උඹට කෙල්ල හරි, දරු තුන්දෙනා හරි තෝරාගන්න වෙනවා.. ඉක්මනටම.. මේ පේපර්ස් කියවලා සයින් කරලා තියන්න..."


ඩොක්ට දුශේන් එහෙම කියලා එලියට ගියේ තවත් බරක් මගේ ඔලුව උඩ තියලා..

මගේ ලෙයින් හැදුනු දරු පැටව් තුන්දෙනෙක්.. ඊටත් වඩා උඹ අසනීපෙකින්.. සතුටුවෙන්නද, දුක්වෙන්නද කියලා හිතාගන්න බැරුව මං හොඳටම අසරණ වෙලා.. හැමදේම දැනගෙන ඉඳලා උඹ මට හැමදේම හංගලා.. මං උඹට ඒ තරම් දුරයිද.. මට හිතාගන්න බැරි උනා..

මගෙන් උත්තරයක් නැති තැන දුශේන් ඇවිත් යන්න ගියේ ගොඩක් දේවල් උඹ ගැනත් කියලා.. දුශේන් එන විදියක් කරන්නම් කිව්වත් උඹේ ජීවිතේ විශ්‍වාස නෑ කිව්වා..

"මචං.. මං නුරාවි දන්නේ පුංචි කාලේ ඉඳලා.. කෙල්ලගේ අයියා සිතුම් මගේ හොඳ යාලුවෙක්.. අපි පොඩි කාලේ ඉඳලා එකටමයි උන්නේ.. මං ඉගෙනගන්න රටින් යද්දී සිතුම් බිස්නස්වලට ජොයින් උනා.. එතකොටත් කෙල්ලට අවුරුදු දොලහක් ඇති.. හදිසියේම කෙල්ලගේ අම්මා තාත්තාත් ඇක්සිඩන්ට් එකකින් නැති උනා.. සිතුම් කෙල්ලව බලාගත්තේ ඇහැක් වගේ.. සිතුම් කෙල්ලට පට්ට ආදරෙයි.. සිතුම්ට නුරාවි නිසාම බිස්නස් මග ඇරුනා.. බිස්නස් බංකොලොත් උනා.. අවුරුදු හයකට පස්සේ මං ආයෙත් ආවේ.. සිතුම් හැදුවේ නුරාවිව මට කසාද බන්දන්න.. කෙල්ල කැමති උනේම නෑ.. එතකොටත් කෙල්ලට අවුරුදු දහ අටක් උනා විතරයි.. දවසක් සිතුම් කෙල්ලට කෑගැහුවා හොඳටම.. කෙල්ල නිසයි හැමදේම නැති උනේ කියලා.. කෙල්ල අඬලා අඬලා සිහි නැතුව ඇදගෙන වැටුනා.. එදා තමයි කෙල්ලගේ හදවතේ ප්‍රශ්නයක් කියලා අපි දැනගත්තෙත්.. ඒත් මං කැමති උනා කෙල්ලව කසාද බඳින්න.. ඒත් නුරාවි කැමති උනේම නෑ.. මං සහෝදරයෙක් විතරයි කිව්වා.. මුලින් මුලින් මං නුරාවිව බැලුවත් පස්සේ කෙල්ලව බැලුවේ මගේ හොඳම යාලුවෙක්.. මං පුලුවන් තරම් කෙල්ල ගැන හෙව්වා.. හදිසියේම මං ආයෙත් ඇමරිකා ආවා.. දවසක් කෙල්ල කතා කරලා කිව්වා සිතුම් කෙල්ලව බන්දන්න හදනවා කියලා.. මටත් එන්න බැරි උනා.. මැරේජ් එකෙනුත් මාස අටකට විතර පස්සෙයි නුරාවි ආයෙත් මට කතා කරේ.. ඒකත් නුරාවි ප්‍රෙග්නන්ට් කියලා කියන්න.. ඒ වෙනකොට කෙල්ලට සෑහෙන තරම් හොඳයි.. මාත් කෙල්ල ගැන හැමතිස්සෙම හෙව්වා.. මං සති දෙකකට කලින් ආවෙත් කෙල්ලට දින ළඟ නිසා.."

මං ආයේ ආයෙත් කල්පනා කරේ උඹ කියපුවා.. මං කල්පනා කරේ කොහොමද මට දුශේන් ගැන අමතක උනේ කියලා.. උඹ කොච්චරවත් උඹේ පුංචි කාලේ ගැන, දුශේන් ගැන මාත් එක්ක කියෙව්වානේ..

"මචං.. වස්සාන.."

ඒත් එක්කම ශල්‍යගාරයෙන් එලියට ආවේ දුශේන්.. තනියම නෙවෙයි.. හෙදියන් දෙන්නෙකුත් එක්කම මගේ දරු පැටව් තුන්දෙනත් එක්කම.. ඒත් ඒ ඇස් මාව මග අරිනවා.. ඒ ගැන නොහිතාම බැලුවේ මගේ පැටව් දිහා..

මොහොතකට මගේ ඇස් සතුටින් දිලිසෙන්නැති.. පුතු තුන්දෙනයි,.. අනේ උඹට පින්...

"දුශේන්.. මගේ සුදු නෝනා..."

"මචං මේ.. මේ.."

දුශේන් ගොත ගහනවා...

"ඩොක්ට.. ඩොක්ට.. "

නොකියා කිව්වේ උඹ නෑ කියලද.. ශල්‍යගාරය ඇතුලෙන් කෑගහන සද්දෙත් එක්කම මට දැනුනේ ඇස් නිලංකාර වෙනවා විතරයි..

????????????

අවුරුදු තුනකට පසු......

"තාත්තී... අපි කෝද නන්නේ.."

"තාත්තී.. මතනම් මල්ලිලා එපා.."

"නංදි බබෙක්ද තාත්තී.."

"තාත්තී..."

"තුදු මාත්තයෝ.."

"අත්තූ..."

අපේ පැටව් තුන්දෙනා.. උඹ ළඟින් නැතුව ගෙවුනු ඊයේ දවසේ පාලු මැකුව උඹේත් මගේත් දරු තුන්දෙනා..

"ඉසිරු රනුශ්ක ප්‍රභාශ්වර.."

"යසිරු දිනුශ්ක ප්‍රභාශ්වර.."

"රුසිරු මනුශ්ක ප්‍රභාශ්වර.."

උඹ වගේමයි කටනම්.. කැඩිච්ච රේඩියෝ එක පරාදයි තුන්දෙනා එකතු උනාම.. මං නිහඬවම ඉන්නේ උත්තර දීලා බේරෙන්න බැරි නිසා...

මං හොස්පිටල් පාර්ක් එකට කාර් එක දානකොටත් දුශේන් සිතුම් මගේ ඉස්සරහා..

දුශේන් සිතුම් දැක්කා විතරයි පුතු තුන්දෙනාටත් සිහි නෑ.. කාර් එකෙන් බැහැලත් ඉවරයි..

"අලෝ.. දුතේන්.."

"තිතුමුත් ඉන්නෝ.."

"ඔකු මාමි.. පොදි මාමි.."

"නමුකෝ ඉක්කන්ට.."

තුන්දෙනත් වඩාගෙන මං දුශේන් සිතුම් එක්ක ආවේ රෝහල් කාමරේට.. මං එද්දී අම්මා අප්පච්චී එක්ක උඹ හිනාවෙවී බරටම කතාව.. මගේ දූ පැටව් දෙන්නත් දෙපැත්තෙන් තියාගෙන..

"අපෝ බන්.. මහ එකී වගේමයි මේ දෙකත්.. තාම දවසයි.. හොස්පිටල් එක උඩ යන්න හුවෑ හුවෑ ගාලා අඬනවා.."

මං කල්පනාවෙන් මිදුනේ දුශේන්ගේ කටහඬට.. උඹ හිනාවෙවී මගේ දිහා බලාගෙන ඉන්නවා..

"යන්තම් නලවගත්තේ පුදුම අමාරුවෙන්.. කාමරේ පුරාම ඇවිදින්න ඇති හොස්පිටල් එක වගේ රවුම් දහයක් යන දුර.."

"ආයෙත් අහලා.. පොඩි කාලේ මේකිත් ඔහොම්මයි.. පුදුම වද දුන්නේ.."

"පුතානම් පුංචි කාලේ කිසි කරදරයක් නෑ..."

"ඒ වුනාට ඇන්ටි දැන් කරදරේනේ.. මේ පේන්නෑ ලමයි ලපටි හදලා අපිට ඉන්න නෑ.."

දුශේන්, සිතුම්, අම්මා, අප්පච්චී මොන මොනවදෝ කියෙව්වත් මං හිටියේ උඹේ ඇස් අස්සේ හිර වෙලා..

මගේ හිතට දැනුනු සැනසීමක තරම්....

එදා මං සිහි නැතුව ඇදගෙන වැටෙද්දී මොකද්දෝ වාසනාවකට උඹට සිහිය ඇවිත්... උඹ නැතුව ජීවත් වෙන්න බැරුව මං අතාරින්න හැදුව ජීවිතේ උඹම ආයෙත් අරන් ඇවිත්... අද මං සතුටින්.. කාටත් වඩා සතුටින්... ඒ උඹ මාත් එක්ක ඉන්න නිසා...

"ආදරෙයි සුදු මැනිකේ.."

උඹට ලංවෙලා මං උඹේ නලලත සිපගත්තේ පුදුම තරම් ආදරෙන්..

"මට උඹ තරම් කවුරුත්ම නෑ.. මගේ පුංචි එකී.. ආදරෙයි මං.."

ඇහෙන නෑහෙන ගානට මං මිමිනුවේ එහෙම..

*********

අවසානයි..

227 Views