නිම්සා

ම්ම්ම්...

මේ අහන්න, මට සෙනාලි අමතක කරන්න බෑ. ඒත් මට ඔයාව ඕන.

ඒක මං දන්නවා හිරු.

සෙනාලි මැරි කරන්නේ එයාට ඕන නිසා නෙවෙයි නිම්. එයාගේ අම්මාලා නිසා. එයාට මාව ඕන. අපි එකට හිටියේ.

සෙනාලි ඔයා ළඟට එනවා හිරු..

ඔයා කොහොමද එච්චර විශ්වාසයෙන් කියන්නේ නිම්?

ඔහොම ඉදලා මැරි කරන්න ඉන්න කෙල්ල ඔයාට හොරෙන් කතා කරනවා නම්, ඔයාව හොයාගෙන එනවානම් ඒකි බැන්දා කියලා නවතින්නෑ හිරු. එයාට ඔයාව ඕන වෙනවා.

ඔයාට දුක නැද්ද නිම්..

නෑ හිරුන්‍ය

ඔයා මට ආදරේ නැද්ද ?

ආදරෙයි

ඇයි ඊර්ෂ්‍යා කම් නොකරන්නේ?

ඔයාට ඊර්ෂ්‍යා කම් කරලා ඔයාව ඈත් කර ගන්නවාට වඩා මෙහෙම ළගින් ඉන්න තිබ්බාම මට ඇති..

නිම්.. ඔයා දඟ උනාට හරි අහිංසක හිතක් තියෙන්නේ...

මම හඬ නගා සිනාසුනෙමි. හිරුන්‍ය මගේ කෙටි කොණ්ඩය අවුල් කරේය. ඔහුගේ දෑතේ මා මගේ අත පටලවා ගුලි කර ගතිමි.

වෙනසක් නැතිව කාලය ගෙවිනි. හිරුන්‍ය දඟයෙකි. ජිවිතය ගැන ලොකු හීන මල්ලක් හිරුන්‍ය තුල නොතිබිනි. ඔහු කෙලිලොල්ය. හුරුබුහුටි ය. ඔහුගේ සිනාවට මා හරි කැමතිය.

වෙනදා වගේම අපි මුණ ගැසුනෙමි. කතා බහ කලෙමු. ඔහු සතුටින් සිටියේය.

නිම්...

ම්ම්ම්...

ඔයා කවියක්...

මා සිනාසුනෙමි. මා දඟ මල්ලකි. මා මහ ලොකු ලස්සන කෙල්ලක් නොවෙමි. අනික් කෙල්ලන්ට මෙන් සුදු මූණක් මට තිබුණේ නැත. දිග කොන්ඩයක් තිබුණේ ද නැත.

ඒත් හිරුන්‍ය මට ළං වුනේය. ඔහු සිහින කුමරා කර ගත් කෙල්ලෝ ද නැත්තේද නොවේ. මට යාළුවෙක් නොසිටියේය. හැමෝම සමග උන්නෙමි. ඒත් හිරුන්‍ය විශේෂ විය.

නිම්...

හිරු...

සෙනාලි එනවා මාව බලන්න හෙට. මට ඇඳුමක් තෝරලා දෙන්න...

යන්....

හිරුට මා කළු ටීෂර්ට් එකක් තේරුවෙමි. එය ඔහුට ලස්සනය. එය හංගාගෙන මා ඔහු උන්න තැනට ගියෙමි

නිම් මේක හොදද?

විශ්වාස කරන්න ඔහු තොරා තිබුනේත් ඒ ඇඳුමය.

හිරු මේ..?

හිරුන්‍ය සෙනාලි මුණ ගැසිමට ගියේය. මා තනිව උන්නෙමි. කාලය ගත වී ගියේය. සෙනාලි මා සොයා ආවාය.

නිම්..

සෙනා...

මගේ පිස්සාව බලාගන්න.

මං බලාගන්නවානේ

කොහොමද අමතක කරන්නේ මං ?

මං උදව් කරන්නම් රටකට යන්න

හිරුගේ අම්මලා දාලා යන්න බෑනේ නිම්..

සෙනාලි කසාද බැන්දාය. හිරු සමඟ මං උන්නේ ඇල්ලේය. හිරු දුක් විදියි. කාලය ගෙව්නි. හැමෝම හිතා උන්නේ මා හිරුන්‍ය අතින් විනාශ වී ඇති බවකි. ඒත් හිරුන්‍ය මා පරිස්සම් කරේ මලක් වාගේය.

හිරුන්‍ය උඹ කැත වැඩ කරන්නෙපා. උඹ ඔහොම සෙනාලි ළඟට රිංගන එක නිම්සාට ආරංචි උනොත්

නිම් දන්නවා

මොකක්?

මට වඩා මගේ ගැන දන්නේ නිම් ඇර වෙන කවුද සාරංග..

නිම් පව්...

මං පව් නැද්ද ?

සෙනාලි හා හිරුගේ හමුව දැන ගත් සෙනාලිගේ සැමියා රජන්ත ආවේස වී උන්නේය. ඒ ටික දවසකට පසු සෙනාලි මා සොයා ආවාය. හිරු අසල උන්නේය.

හිරු මං යන්නම්. නිම් මේකාව බලාගනින් කෙල්ලේ...

මා හිස වැනුවෙමි. ඇය ගියේ හුහුල්ලමිනි. සෙනාලි පව් කියා මට සිතුනි.

නිම්.....

හිරු....

මාව තුරුල් කරගන්න නිම්...

ඔහු සනසන්නට මට නොහැකි බව දනිමි. ඒත් දුකට හඬන්නට මට පුළුවන. කඳුලක් කොපුල් දිගේ වැටුනි...

නිම්... අපි බදිමු

හිරු... මේ මං...

උඹ තරම් මාව තේරුම් ගන්න සෙනාලිටත් බෑ...

හිරුන්‍ය කීවේය. අනේ නුඹ මට සොඳුරු තිළිණයක් නොවෙද ?

සිඳු ළඟ ගෙනදුන් මුතු කැකුලක් සේ නුඹ මට තිළාන වෙලා....

#නදී

image

අමන්ද්‍යා
දාහතර වන දිගහැරුම

අක්කා නිකන් මගේ දිහා ඔරවන් බලන් හිටියේ මං නිකන් ඒ කිගේ ලෝකේම නැති කරා වගේ. මං මොනාද අප්පා ඒකිට කරේ. මේකිගේ තියෙන කුහකකම. වෙන මොනාද අප්පා නැත්නම්

" මොකද උඹ ඔරවන්නේ ?"

මං ඒකිගෙන් ඒක ඇහුව්වේ ගේමටම තමා. කෑම මේසේ කියලා නෑ දත් ඇදි දෙක බඩට යන්න දෙන්නම් කියලා මං හිතාගත්තා. ඒ විත්තිය තේරිලාද කොහෙද ඒකි පිඟානටම මූණ ඔබන් කෑම එක අතාගාන්න ගත්තා. මේකිගේ තියෙන උද්දච්චකමක හින්දාම මේකිගේ වරුණේ අම්මාට කියලාම යන්න මං හිතාගත්තා.

" පොඩි එකියේ "

" අම්මා "

" උඹ කරන රස්සාව මොකක්ද බං "

" අපේ රට බලන්න සුද්දෝ එනවානේ අම්මා. ඒ ගොල්ලන්ට අපේ රටේ ඒවා කියලා දීලා ඒවා බලන්න එක්කන් යන එක අම්මා "

" උඹට ඉංග්‍රීසි වතුර වගේනේ ඉතින්. ඕවාට වියහියදම් එහෙම කොහොමද බං ?"

" අපි සුද්දෝ එක්ක යද්දි කෑම ඉන්න ඔය ඔක්කොම කම්පැනි එක ගානේ හම්බෙනවා අම්මා. කොහෙවත් නොගියොත් නිසලිගේ අම්මා තුන් වේලට කෑම මට දෙනවා "

" නිසලි කීවේ අර සුදු කෙට්ටු කොන්ඩේ දිග පොඩි දරුවා නේද ?"

" අම්මාට නිසලි මතකද?"

" මට මොකෝ අමතක. උඹ එහේ ඉන්නවා නම් මගේ හිතේ ගින්දරක් නෑ අමන්ද්‍යා "

" අම්මා මගේ ගැන බය වෙන්න එපා. මෙන්න මුන්දෑට මොනාහරි කරලා දෙන්න ඉක්මනට "

" අමන්ද්‍යා උඹ කට වහගෙන හිටපන්. මගේ ඒවා මං ගැන බලාගන්නම්. "

" ඇයි උඹ හිතන් ඉන්නේ අම්මාටයි නිලංකටයි කොලේ වහලා හැමදාම නටවන්නද?"

" උඹ උඹේ පාඩුවේ හිටපන් අමන්ද්‍යා. උඹ හරියට ඉදලා මට කියන්න වරෙන් "

" උඹ රෙදි ඇදගෙනද බං කතා කරන්නේ අක්කේ. උඹ අක්කා. මං උඹ වගේ කුපාඩි වැඩ කරන්නෑ. "

" මොකද පොඩි එකියේ මේ උඹලා දෙන්නා හැම වෙලේම කටු අතු වගේ පැටලෙන්නේ "

" මට නම් පැටලෙන්න ඕන කමක් නෑ අම්මා. මේකි නිලංක අයියා ඉද්දි දිමන්ත කියලා කොල්ලෙක් අල්ලන් නාඩගම් නටනවා. අද මගේ අතට මාට්ටු "

අක්කා මගේ දිහා බැලුවේ මාව කන්නේ උයලාද බැදලාද ෆ්‍රයි කරලද කියලා වෙන්නැති. ඒ තරම් කේන්තියක් ඒ ඇස් වල තිබ්බා. උඹමයි අක්කේ ඇදන් නෑවේ. මේ තරම් හොදට හොට් වෝටර් සිස්ටම් හයි කරලා යස අගේට බාත් රූම් තියෙද්දි උඹ තමා අක්කේ කැත නැතිව පල්ලෙහා කුණු කාණුවෙන්ම ඇදන්.

" තමුසේ තමුසෙගේ පාඩුවේ ඉන්නවා. මගේ ප්‍රශ්න වලට අත නොදා "

" තමුසෙගේ රෙද්දවල් මට වැඩක් නෑ ඕයි. නිලංකලෑ ගෙදරින් ගෙන්නලා ඔක්කොම කරලා තියෙද්දී තමුසේ මගුල් නටද්දි බැනුම් අහන්නේ මේ අහිංසක අම්මා, ඒ
මතක තියාගන්නවා "

" මොකක්ද දිස්නි ඒ කතාව "

" මං නිලංකට කැමති නෑ "

" තමුසේ නිලංකට අකමැති නම් කෙලින්ම කියන්න තිබ්බා, ඒක ප්‍රපෝසල් නිසා. ඒකට කැමැත්ත දීලා තව එකෙක් එක්ක නටන එකද හරි? දැන් මේ අර නිලංකගේ අම්මා දැනගත්තාම අම්මා කොහොමද ඕයි රෙද්දක් ඇදන් පාරේ යන්නේ ?"

" අර කිව්වත් වගේ දිස්නි උඹ අකමැති නම් කියන්න තිබ්බා, උඹ මේ කරේ නිකන් හරියට හත් පොලේම ගාගත්තා වගේ වැඩක්. දැන් කොහොමද බන් මං කටක් ඇරලා ඒ මිනිස්සුන්ට කියන්නේ "

" අනික තමුසෙගේ ඔය කුමාරයා හොදට තමුසෙව අන්දනවා.. තමුසෙත් හොදට ඇදගන්නවා "

අක්කා මොකුත්ම කීවේ නෑ. අම්මා කෙහෙල් කොලේ බැදලා දුන්න බත් මුල් තුනත් අරන් මං හොටෙල් එකට එන්න ආවා. සුද්දෝ දෙන්නා මං එනකල් බලන් බලන් ඉන්නවා , දැන් වෙලාව අටමාරට විතර ඇති. කෑම දෙක උන්ට දිලා මගේ කෑම එකත් අරන් මං කාමරේට ආවා.

ආවා විතරයි රූම් එකේ ෆෝන් එක රිං උනා. අහන්න දෙයක් නෑ සේයත වෙන්නැති. එයා එක්ක කතා කරන්න දෙයක් මට නැති නිසා මං ආන්සර් කරේ නෑ. ගෙදරදි මං ඕෆ් කරපු මගේ ෆෝන් එක ඔන් කරලා ටේබල් එක උඩින් තිබ්බා විතරයි කෝල්.

" කියපන් නිසලි "

" අමන් සුද්දෝ දෙන්නා හොටෙල් එකේ දාලා උඹ කොහෙද ගියේ බං. සේයත අයියාට මළ පැනලා. උඹ ෆෝන් එකත් ඕෆ් කරන්ලු. හොටෙල් එකට ගත්තාම ආන්සර් නෑලු "

" එයාට ඔය ඔක්කොම කියන්න මං එයාගේ කවුද බං මගුල. මං ආසා නෑ මට වද දෙනවට. උඹ දන්නවනෙ ඒක. "

" හරි හරි උඹ කොහෙද ගියේ ? ගෙදරද?"

" ඔව් බන්, වෙන කොහේ යන්නද මං ? අම්මා උඹව මතක් කරා "

" අම්මා මොනාද උයලා දුන්නේ ?"

" ලේන හතු "

" ඒ මට දැන්මම එන්න හිතෙනවා බං "

" AC බස් එහෙක වරෙන්. මං එන්නම් උඹ ගන්න. පාළුයි මටත්. හැබැයි "

" හරි හරි සේයතට කියන්නෑ "

නිසලි එන එක මට ලොකු දෙයක් උනා. ඒකි එනකල් මං වොෂ් එකක් දාන් පැය දෙකකින් නැගිටින්න එලාම් තියන් ඇදට පැන්නා. ඒ එක්කම දොරට තට්ටුවක් දානවා ඇහුනා. සුද්දෝ දෙන්නාටම අම්මාගේ කෑම හිතට අල්ලලා ආයිත් ඕන කිවා. මං හිනාවක් දාලා ආයිත් ඇවිත් මගේ නින්දට සෙට් උනා.

හමුවෙමු හෙටත්

image

අමන්ද්‍යා
දහතුන්වන කොටස

මං අක්කාට කුප්ප හිනාවක් දැම්මා. වෙනදාටත් මේකි තුන්පනේම ඇවිදලා ඇවිත් අම්මාව අන්දලා අම්මාගෙන් සැප විදිනවා ඇති. හුහ් හිටාන්කෝ උඹට ඈ...

" ඈ දිස්නි උඹ කොහෙද ඇත්තට ගියේ ? අර ළමයා දන්නවද උඹ ගියපු දිහා, දන්නවා වෙන්න බෑනේ ඒ දරුවා විනාඩි පහෙන් පහට කෝල් අරන් උඹව හොයයියෑ ඉතින් "

" ඔෆිෂ් එකේ වැඩකට අම්මා. ඔය තේක දෙන්නකෝ. මෙයා ඇවිත් අම්මාට මාව අමතක වෙලා. එයාට කෝල් කරන්න ෆෝන් එකේ බැටරි නෑ. අම්මා කියන්නකෝ මං ආවා කියලා "

" උඹව අමතක වෙන්නේ අහල් දේකටද බන් දිස්නි, මං කියන්නේ මොකටද බං, උඹම කියහන්කෝ, මේ ටිකේ උඹේ කෙරුවාවල් මට ඇල්ලුවේ නෑ හරිද?"

" අම්මා මොනාවා කියනවාද මංදා "

අක්කා අම්මාගෙන් ෂේප් වෙලා කාමරේට රිංගුවා. ඒකි බාත් රූම් එකට යනකල් මං අර මොකාද වගේ එහෙට මෙහෙට වෙවි කල් මැරුවා. විනාඩි පහක් දහක් ඇතුලත අක්කා බාත් රූම් එකට රිංගුවා. මං අඩියට දෙකට කාමරේට රිංගලා අක්කාගේ බෑග් එක ගත්තා.

පොඩි නොකියා ෆෝන් එකකුයි සැම්සුන්ග් වර්ගයේ ලොකු ෆෝන් තඩියකුත් තිබ්බා. සැම්සුන්ග් ෆෝන් එක ඕෆ් කරලා තිබ්බේ නෑ. ඒකෙ එයාෆ්ලේන් මෝඩ් දාලා තිබ්බේ. ඒ කියන්නේ මේකි ගිහින් තියෙන්නේ හොර මගෝඩියක. හිටපන්කෝ උඹට. මං බ්ලූටුත් ඔන් කරලා මං හොරෙන් ගහපු ෆොටෝ දෙකක් ෆෝන් එකට දැම්මා. දාලා ඩිවයිස් වලින් මගේ ෆෝන් එකත් මකලා සද්ද නොකර ආවා.

ඒ එක්කම තමා ගෙදර ලෑන්ඩ් ෆෝන් එක මහ සද්දෙන් රිංග් යන්න ගත්තේ. අපේ අක්කාගේ ප්‍රේමවන්තයා.

" අම්මා කෝල් "

" අනේ පොඩි එකියේ ඕකට කතා කොරහන්කෝ "

" හෙලෝ "

" දිස්නි කොහෙද ගියේ ඔයා? කෝල් කොච්චර ගත්තාද ? ඔයාගේ ෆෝන් එක ඕෆ්. අඩුම තරමේ අම්මාට කියලා යන්න තිබ්බා ඔයාට , මං හොයනවා කියලා නොදැන නෙවෙයිනේ, ඇයි ඔයාට හිතන්න බැරි?"

" හිතන්න තිබ්බා මං දිස්නි උනානම් "

ඉවසන් ඉදලා බැරිම තැන මං එහෙම කීවා. යකෝ බලන් ගියාම මස්සිනා කාරයා මහ ඇඩියාවක්නේ.

" ඔඔ.. ය කවුද?"

" මේ ගෙදරට යලට මහට එන එකෙක්. මං අක්කාට කියන්නම් "

එහෙම කියලා මං ෆෝන් එක තිබ්බා. මේක හින්දා තමා අම්මාට බෑනා පොඩ්ඩ අල්ලලා තියෙන්නේ . පොතේ හැටියට දැන් අක්කා කාමරේට ඇවිත් තියෙන්න ඕන. මං සද්ද නොකර යද්දි අක්කා සැම්සුන්ග් තඩිය දිහා ඇස් ලොකු කරන් බලන් ඉන්නවා . කුරුම්බැට්ටි දෙකක් විතර සයිස් එකට ඇස් බෝල ලොකු වෙලා.

අක්කාගේ මූණේ විපර්යාස බලන් මං තනියෙන් ආතල් එකක් ගත්තා. ඒකිගේ මූණ නිකන් " ගෙදර ගියත් තෝ නසී, මඟ හිටියත් ඒත් තෝම නසී " වගේ පාට් එකක්. අනිවාර්යයෙන් මේකි අද කෑවේ හොර කෑමක්. ඒකනේ මේ අහස පොළොව ගැටලන්න කල්පනාව. එතකොටම තමා අර නොකියා පොඩි එකට කෝල් එකක් ආවේ.

" මාර වැඩේනේ දිමන්ත "

" නෑ නෑ අම්මා නම් ලොකුවට මොකුත් නෑ. ඒ උනාට "

" ඔව් එහෙම තමා ඉතින් , අහන්නකෝ පොඩ්ඩක් "

" ඔයාගෙයි මගෙයි ෆොටෝස් වගයක් තියෙනවා මගේ ෆෝන් එකේ "

" නෑ නෑ දිමන්ත අපි ෆොටෝ ගත්තේ නෑනේ අද, අනික "

" ඒවා කවුරු හරි දුර ඉදන් ගත්තුවා "

" හිතා ගන්න බෑ. ඒත් මට සැකයි අපේ පොඩි බඩ්ඩව "

" නෑ දිමන්ත මෙයා අද දවසෙම වරකාපොල ඉදලා තියෙන්නේ , මේකිම වෙන්නෝන. "

" නිලංක සෑහෙන්න කතා කරලා , මං කෝල් එකක් දෙන්නම් නැත්නම් සැක හිතයි. "

තව තව දෙන්නා කතා උනාට මගේ ඔළුවට ඒවා වැටුන්නෑ. ඒ එක්කම තමා ෆෝන් එක රිං වෙන්න ගත්තේ. අක්කා බය වෙලා කාමරේ දොර දිහා බැලුවා. මට මොන ප්‍රමාණයක් ඇහුනාද කියන ප්‍රශ්නේ එයාගේ ඇස් දෙකේ තිබ්බා.

" තමුසෙට නිලංක කතා කරනවා "

සේයතටත් දැන්ම මාව මතක් උනානේ රෙද්ද. මොකටද දන්නෑ මේ වෙලාවේ. මං තරහටත් එක්ක ෆෝන් එක ආන්සර් කරේ නෑ. ඒ එක්කම තමා අම්මා කන්න අඩ ගැහුව්වේ. අපි තුන් දෙනාම මේසේට වාඩි උනා. බලපල්ලකෝ යකෝ අක්කාගේ මූණේ හැටි.

" මේ මොන ජරාව ද අම්මා ?"

" දිස්නි උඹට පුළුවන් නම් කාපන් නැත්නම් නිකන් හිටපන් "

" මට බඩගිනි අම්මා "

" උඹට හදලා දෙන්න කුකුල් අඩුයි අරවා මේවයි හදන්න මට බෑ දිස්නි. උඹට පුළුවන් නම් උයපු දෙයක් කාපන් නැත්නම් නිකා හිටපන් "

" තමුසෙ ආපු හින්දා තමා මෙතන "

" මේ ඕයි තමුසෙට වඩා ඔර්ජිනල් ස්පෙශ්ල් කෑම මට කන්න පුළුවන් . හම්බ වෙන්නේ නිකං. අම්මා මහන්සියෙන් උයන කෑම එකට අනන්මනන් කියන්න එපා ඕයි. පව්. ඔය හැම් බේකන් ෆ්‍රයිඩ් රයිස් වලට වඩා අම්මාගේ බත් එක මට නම් රහයි. තමුසෙට පින නෑ"

තවත් කියන්න ඒවා තිබ්බාත් මට කට පියාගත්තා. මොකටද නිකං...

image

අමන්ද්‍යා
දොළොස්වන දිගහැරුම

සේයතට මං කතා කරා වැරදි වෙන්නත් පුළුවන් උනාට වෙන මට කරන්න දෙයක් තිබුන්නෑ. මේ මළ ඉලව් හීනයක් හින්දා මං කැප කරපන්කෝ මගේ මුළු ජීවිතේම. පිස්සු හැදෙයි සඳ බොඳවෙයි. මල සමයන්.

" අමන්ද්‍යා "

" ඇයි ?"

" ඔහොම ඉන්නවා "

" මේ මොන විකාරයක් ද අප්පා "

" මොකක්ද විකාරේ ?"

" ආ ඒක තමා මාත් ඇහුව්වේ?"

" අමන්ද්‍යා මාව සෙල්ලමකට ගත්තාද ?"

" මං දෙකේ පන්තියේ පොඩි එකෙක් ඈ සෙල්ලම් කරන්න "

" කියනවා මට අකමැති මොකෝ "

" කොල්ලොන්ට කැමති එකෙක් හොයගන්නකෝ අප්පා "

" උඹනේ හිතන් ඉන්නේ උඹ කොල්ලෙක් කියලා. ඒ උනාට මං පස්සෙන් යන්නේ කෙල්ලෙක්ගෙන්. ඒකිට මොනාද පෑගිලා ඒකි හිතන් ඉන්නේ ඒකී කොල්ලෙක් කියලා "

" සේයත "

" ඔව් සේයත තමා , මොකද ?"

" පිං සිද්ද වෙයි මට මගේ පාඩුවේ ඉන්න දෙන්න "

" ඔයා ඔයාගේ පාඩුවේ ඉන්න , ඒ උනාට ඉතින් ආත්ම හයක් උඹව ඔතාගෙන පතාගෙන එන මටද උඹව අතාරින්න කියන්නේ ?"

සේයත අහනේවා මට දෙන්න උත්තර නෑ. ඒ උනාට එහෙම උනායි කියලා මට එයාගේ වෙන්න බෑනේ. වෙලාවට නිසලි කතා කරලා මාව අවුට්ටේෂන් දැම්මේ. සේයත එක්ක ඉන්න ගියා නම් පිස්සු හැදෙනවා.

දවසක් දෙකක් ගෙවිලා ගියා. මගේ ජීවිතේ වෙනසක් උනේ නෑ. සේයත මට වද දෙන්න ආවෙත් නෑ. මිනිහා නිකන් හැසිරුනේ මාව නොදන්නා තාලේට. ඒ එක්කම තමා ටුවරිස් කෙනෙක් ආවේ නුවර කොනට යන්න ඕන උන. සේයත ඒක භාර දුන්නේ මට.

සේයත එයාගේ ජීප් එක මට දුන්නා නුවර යන්න. සුද්දෝ දෙන්නත් එක්ක මං නුවර එන්න පටන් ගත්තා. උන්ට බඩගිනි කියලා කෑගහපු නිසා මං අඹේපුස්ස රෙස්ට් හවුස් එකෙන් නැවැත්තුවේ කෑම ගන්න.

උන් දෙන්නා හරි හොදයි. උන් දෙන්නාටම ඕන උනේ මං කන විදියටම කන්න. මං වැඩි දෙයක් ගත්තේ නෑ, සුදු බත් එක්ක පරිප්පුයි ගොටු කොළ සම්බෝලයි කට්ටා කරෝල තෙල් දාලා මිරිස් තමා ඉල්ලගත්තේ. සුද්දෝ දෙන්නාටත් ඒවම ඕනේයි කිවා.

මං ගානක් නැතිව කෑවට සුද්දෝ දෙන්නා කටවල් දෙක තුනක් කද්දි හායි හූයි ගාන්න ගත්තා. සුදු මූණවල් රතු වෙලා ඇස් වලට කඳුළුත් පිරිලා. මොනා උනත් සුද්දෝ දෙන්නා බඩ පිරෙන්නම කෑවා.

කට දන නිසා වටලප්පන් එකකුත් ගෙනත් දීලා මං සිගරට් එකක් පත්තු කරගත්තා. නිකමට තියෙන ඇස් දෙකනේ කියලා පොඩ්ඩක් ඇස් කරකවද්දි දැක්කේ ඇස් පිනා යන දර්ශනයක්. මේ හරිය අපේ ගෙවල් වලටත් කිට්ටුයි හුඟාක්ම.

කවුදෝ සුද උස බුවෙක් එක්ක අපේ අම්මාගේ කීකරු ලොකු දුව බර කතාවක්. එදා අර ගෙදරට ඇවිත් කතා කරලා ගියපු පොරත් නෙවෙයි. කෝකටත් මතු ප්‍රයෝජනය සඳහා මං ෆොටෝ දෙක තුනක් සේව් කරගත්තා.

" අමම.......මන් "

නැට්ට උඩ බුදිය ගත්තු වහු පැටියෙක් වගේ කන ළඟින් ඇහුන වොයිස් එකට මං උඩ ගියා. හත් ඉලව්වේ කවීෂා. ඇයි දෙයිහාමුදුරුවනේ මට ටිංකිරි ටොෆිම සෙට් කරන්නේ.

" හායි කවීෂා , මට විනාඩියක් දෙන්නකෝ "

මං ආවේ සුද්දෝ දෙන්නා ගාවට. උන් කාලා බිලා ඉවරයි. උන් එක්ක යන්න කතා කරා මං. මොකද දැනම හතරමාරයි. කියවෙයිද අර නුවර අකුලට යද්දි. උන් කීවේ උන්ට ට්‍රැවල් කරලා මහන්සි. අද ඉදලා හෙට යන්ද කියලා.

වෙන්නත් ඇති. උන් දෙන්නා ලංකාවට පය තිබ්බ ගමන්නේ මං උන්ව එක්කන් ආවේ. උන් දෙන්නාට එක රූම් එකක් ඇති කිවා. කලි න් බුක් කරලාත් නෑ. රුම්ස් තියෙනවා ද දන්නෙත් නෑ.

සුද්දෝ ඩබලගේ වෙලාවට රූම් දෙකක් තිබ්බා. ඩබල් රූම් එහෙකුයි සිංගල් එකකුයි. ගෙදර ගිහින් එන්නත් පුළුවන් ඕන නම්. ඒත් ඉතින් පැතිරිලා තියෙන කතාවක් මට මගේ හිත මතක් කරා. නෑ නෑ අමන් කියන්නේ ඕවට තියා යකෙකුටවත් බය නැති එකෙක්.

සුද්දෝ දෙන්නාටම නිදාගන්න දීලා මං ජීප් එකත් අරන් අපේ ගෙදර යන්න ආවා. ලව් කරලා එහෙම අම්මාගේ ලොකු දුවට දැන් මහන්සිත් ඇතිනේ.

" අම්මා මං ගෙදර එනවා දැන් "

" අමන්ද්‍යා උඹ කෙල්ලෙක්. මේ දැන් ඔහෙන් ඇවිත් කීයටද එන්නේ බං ?"

" අම්මා මං ඉන්නේ වරකාපොල "

" අක්කාත් ආවා බන් මොකක්දෝ උවමනාවක් කියලා. තාම අවේ නෑ බිම් කළුවරත් වැටෙන්නත් අරන් දැන් "

" අම්මා ලේන හතු නැද්ද ?

" තියෙනවා තියෙනවා මං ඒක මිරිසට තියලා කොචිචි කරල් හත අටකුත් දාන්නම්කෝ. කරෝල කෑල්ලක් බැදලා පොල් සම්බෝලයක් අඹරන්නම්කෝ. උඹ තනියෙන් ද එන්නේ?"

" ඔව් අම්මා. මට ගෙනියන්නත් මුල් දෙකක් ඕන "

සුද්දෝ දෙන්නට මං කීවා උන්ට කෑම ගේන්නම් කියලා . උන් දෙන්නත් මං වගේ ගමේ ගොඩේ කෑම හොය හොය කන උන් දෙන්නෙක්. මං ගෙදරට ඕන බඩු ටිකකුත් අරන් අපේ ගෙවල් පාරට හැරුනා.

අපේ අම්මාගේ කීකරු ලොකු දුව ලව් කරලා ගෙදර එන වෙලාව, අනේ ඇත්තටම මට බැරි උනානේ තොරන් දෙක තුනක් ගහලා තියෙන්න. අක්කා ගෙට අඩිය තියද්දි මං වාහනේ මිදුලට දැම්මා. මං ඒකිව ගනන් නොගෙන බහින්න හදද්දී ම අම්මා එළියට ආවා.

" ඈ පොඩි එකියෙ උඹ තනියෙන් ද මේක එලවන් ආවේ බන් "

" ඔව් අම්මා."

" බුදු සරණයි මගේ කෙල්ලට"

" යමන් පුතේ, උඹ වරකාපොල ආවේ අහවල් එකක් කොරන්නද?"

අම්මා එහෙම අහද්දි අක්කා ගැස්සෙනවා මං බලාගෙන. ඔයා තාම බය වෙන්න ගත්තේ නෑ අක්කේ...

image
  • Edit About
  • එකිනෙකට වෙනස් හැමොටම ගැලපෙන
    කතාන්දර පිරැනු වෙනස්ම බුකි පිටුවක්